(ලුණූගල ප්‍රසන්න පත්මසිරි)
හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහ රෝහලේදී අද (04) සිදුවෙමින් පවතින බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා සිද්ධිය වූ ස්ථානයට ඊයේ (03) පැමිණ මහේස්ත්‍රාත්
මරණ පරීක්ෂණය පවත්වා බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කෙරිණි.
බදුල්ල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී.ඩබ්.සී.එල්.එස් වඩුගේ මහතාගේ මූලිකත්වයෙන් මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ පසු මියගිය අයගේ සිරුරු ඥතීන් විසින් හඳුනා ගැනීමෙන් පසු රෝහලින් ගෙන ගුවන් මගින් නිවෙස් වලට ගෙන යන බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd