ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වසරේ විශිෂ්ටතම දස්කමි දැක්වූ ගුවන් භටයෝ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් සම්මාන ලදහ.
2011 මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔත්සේ දක්ෂතා ප‍්‍රදර්ශනය කල ගුවන් භටයින්ට මෙදින සමිමාන හිමිවිය.
වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස බළපන්ති සැරයන් එස්.ඒ බොතේජු සමිමාන හිමිකර ගත් අතර වසරේ හොඳම සංවර්ධන පර්යේෂණ කණ්ඩායම ලෙස වින්ක්මාන්ඩර් එමි.පී.ඒ මහවත්තගේ, බළඝන නායක එල්.එමි.සී.බී නිශ්ශංක, බලලත් නිලධාරී පතිරත්න, සැරයන් ආර්.පී.ඩී.පී.ඩබිලිවි අමරසේකර සහ සැරයන් ජී.ජී.එමි.ඩබිලිවි.පී කොල්ගොල්ල සමිමාන සම්මාන ලදහ.
උපකාරක වෘත්තීන් හි හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ.ටී.අයි චන්ද්‍රසේකර, මෙහෙයුමි භූමි වෘත්ති හොඳම ගුවන් භටය සැරයන් එචි.කේ.ආර්.ටී පෙරේරා, වෛද්‍යය හා දන්ත සේවා ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී එචි.ඩබිලිවි.සී.කේ සිල්වා, පරිපාලන ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන්භටයා ප‍්‍රධාන බලලත් අධිකාරී වනිගසේකර, සැපයුම් ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී පී.ඒ. ආර් ලෙනෝරා, සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ බොතේජු, විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා සැරයන් එල්.එමි.සී.පී වික‍්‍රමසිංහ, සාමාන්‍යය ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.පී.එන් අබේසේකර, ගුවන් යානා ඉංජිනේරු අංශයේ හොඳම ගුවන්භටයා බලපන්ති සැරයන් දි සිල්වා
සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒඩිතර හොද පුංචි පුතුන් ලංකාවෙන් බිහිවුනා මේ මුලු ලොව ජය ගන්නට ඔබ හැමටම වාසනා .......(ස)
ඔබට ජය...(ස)
අපේ සුබපැතුම් (ස)
පැනලා යන්නනම් එපා. (ස)
දක්ෂ සූර වීර නායකත්වයක් හිමි ගුවන් හමුදාපතිවරයෙක් යටතේ ලක්අඹර ජය ගන්න සුභ පැතුම්..(ස)
ලකඹර දිනූ පුතුනි, ඔබට ජය! (නි)
මොනවා උනත් දක්ෂයාට තැන දීම ගැන සතුටුයි..(ස)
නිහතමානී වුවහොත් විශිෂ්ටත්වය තව තවත් වැඩිවෙයි. (නි)
නව නිපැයුම් ක්ෂේත්‍රයට යමක් එක් කරන්න ඔබට හැකි වේවා ! (ස)