(සමන් පාලිත නානායක්කාර )
බදුල්ල මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අද (04) සවස හපුතලේ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවා ඇතුළු නිලධාරීන් හතර දෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදුන් බව හපුතලේ පොලිසිය කියයි.
නියමු අසුනේ සිටීම හේතුවෙන් ගුවන් නියමුවා හඳුනාගත් බවත්, ගෙල බැඳි රන් මාලයක් හේතුවෙන් තවත් නිලධාරියකුත්, දන්ත වෛද්‍යවරයකුගේද සහාය ඇතිව දත්වලින් අනික් නිලධාරීන් දෙදෙනාත් හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සිරුරු ගුවන් මඟින් අදාළ නිවෙස් වලට රැගෙන යන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා සෙබළෙක් වුවද මෙවන් මරණයක් අපේක්ෂා නොකරයි. යළිත් මෙවන් අනතුරු පිළිබඳව අසන්නට නොලැබේවා ! දිවිපිදු සෙබළුන්ගේ ඥාතින්ට අපගේ සාතිෂය සංවේගය. සෙබළුන් සිවුදෙනාටම නිවන් සුව පතමු!
මේ වටිනා ජිවිත අපිට නැතිවුනේ යානය පැරණි එකක් වූ නිසා. අවසන් වතාවට එයාලගේ මුහුණ බලන්නවත් පවුලේ අයට ලැබෙන්නේ නැහැ. තවත් බොහෝ කාලයක් තමන්ගේ දරු පවුල් සමග ජීවත් වීමට බලාපොරොත්තු තිබුණු තරුණ ජීවිතම හතරක්... හරිම කණගාටුදායකයි. නිවන් සුව ලැබේවා..!