(සුජිත් හේවාජුලිගේ )
ගංවතුර තත්වය හේතුවෙන් සමහර මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු රැස්වීම්වලට මේ සතියේ සහභාගිවීම අවිනිශ්චිත වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ තත්වය මතුවී ඇත්තේ ගංවතුරෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන දුෂ්කරතා මතුවීම නිසා යැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඥාති හිතමිත්‍රාදීහු රැසක්ද ගංවතුරින් අවතැන්ව සිටිති.
එසේම ගංවතුරින් විපතට පත් වූ ජනතාව ගැන සිය ගම් ප්‍රදේශවල රැඳී සිටිමින් සොයා බැලීමට සිදුවී ඇති බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසුහ.
පසුගිය දිනවල ඈදහැලුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ සහ සබරගමුව පළාතේ ප්‍රදේශ රැසක් ගංවතුරින් යටවී ඇත.
පාර්ලිමේන්තුව අද (4) සිට ලබන සිකුරාදා (7) දක්වාදින හතරක් රැස්වේ.
මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක යටවෙලා ගැලවිලාම ගියානම්.... 225 එක්කම.....
අයියෝ මන්ත්‍රීලා ගහගෙන ගියේ නැද්ද කරුමේ තමයි
V-8 නැතුව පාර්ලිමේන්තුවට එන්න බැහැ කියලා වාහන ඉල්ලීම කලාම ඒක ඉහලින් නිර්දේශ කල කකතානායකට නැවතත් V-8 න් එන්න බැහැ හෙලිකොප්ටර් දෙන්න කියලා ඉල්ලීමක් එයිද දන්නෙ නැහැ .කයියනායක නම් ගංවතුර තිබුනා කියලා වත් තවමත් දන්නෙ නැහැ වගේමයි කොහොමද ජනතාව අනාතයෝ වෙලා සිටිද්දී කිරුල අත ළග තියාගෙන වෙන්න ජනාධිපති නිහඩව ඉන්න ලස්සන බලන්න උන්දැලා ජනාධිපති වුනත් ඔහොම තමයි
අද රතු තරුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසේ අවතැන් වූ අයට පිසූ ආහාර බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එවන් වැඩසටහන් සංවිධානය කල හැක්කේ හොරා නෙකන හොරකමට අනුබල නොදෙනෙ මාලිමාවට පමණයි . ජනතාව වෙනුවෙන් පොහොට්ටු රැස්වීමක මන්ත්‍රී කෙනෙකුගේ කකුල කඩා ඇත. එය මෙවැනි ආපදා රැස්වීමකය. තවත් තැනක පින් ජනාධිපති පසුුපස සර් කියමින් යන සජබෙ මරික්කාර් දුටුවෙමි. ඒ ලකුණු දමාගැනීමටය. මාලිමාවට අවලාද දෙඩන අය මේවත් බලන්න හැකිනම් බොරුය කියන්න.
වෙනත් කිසිදු පක්ෂක් නොකරන සහන කටයුතු මාලිමාවේ 3% රතු තරුව යටතේ කරන බව ගාල්ල ආපදා පෙදෙසක සිටින මා සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරමි. හිතට එරෙහිව ජවිපෙට අවලාද කියන අය තම මේ ගැනත් සිතන්න.