(ලක්මි කුඩලිගම)
ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබේ,
කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබේ,
බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වැදේ
Nimal 1 Tuesday, 04 June 2024 07:58 AM
කිසිම දුකක් නැහැ මුන් මැරුණට .බත් කන හරක්
Manjula Tuesday, 04 June 2024 01:57 PM
ගංවතුර වේලාවට අදාල අය විසින් විදුලිය විසන්ධි කරනවා නේද? එහෙම කරලා නැද්ද