ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට ආ පා ගමන අරලියගහ මන්දිරය අසලින් අද (26)අවසන් විය.
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මිමන දයාරත්න හිමියන් ඇතුළු නියෝජිතයින් පිරිසක් අත්සන් දසදහසක් රැගත් සංදේශයක් ජනාධිපති කාර්යාලයට භාර දුන්හ.ගව ඝාතනයට එරෙහිව එම පෙත්සම අත්සන් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සන්, පොකිරිස්සන්, මඳුරුවන් ඝාතනයට විරුද්ධ වන්න කෙනෙක් නැද්ද අනේ? (නි)
අනේ පුෂ්පෙ දන්න බුද්ධාගම? (නි)
අනේ ඉතින් ගව මස් ලංකාවේ නැති වුනහම, දානෙට ඕස්ට්‍රේලියාවෙන් ලාබෙට ගෙනෙන්න වෙයි. එතකොට පෙරහැර වලට බෙර දවුල් වලට, හම? එතකොට ඒවත් ඉම්පොර්ටෙඩ් වුනාම, ඔක්කොම මුළු රටම ධර්මද්වීපයක් වේවි නේ? (නි)
අබ්දුල් ආසීස් මොකටද එන්න හදන්නේ? නූගත්කම තිබුනට ඒක පෙන්වන්න හදන්න එපා. (නි)
ගවයා විතරද සතා? එළුවෝ, මාළුවෝ, කුකුලෝ, ඌරෝ, සත්තු නෙමේ ද? ඒ සත්තුන්ට මෙරෙනකොට දුකක් වේදනාවක් නැ කිව්වද? හරි හාමුදුරුවෝ නම් ඔය කිසිම මසක් කන්න නරකඊ, නිකන් බොරුවට බුරන්නේ නෙතුව ඉන්න. (අ)
දිනෙන් දින වැඩිවෙන අධික කැන්ගරු ගහනය පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සෑම වසරකම එක්තරා කැන්ගරු ප්‍රමාණයක් වෙඩි තබා ගාතනය කරනවලු. (නි)
මේ වගේ ජාති වාදී වදවල් වලින් සිදු වන්නේ අපිට ලෝකයේ කිසිම රටකට යාමට නොහැකිවේම පමණි. ජාතීන් අතරේ සාමය මොන තරම් වැදගත්ද කියන දේ ඇය් කවුරුත් තේරුම් නොගන්නේ? ලන්ඩන් නුවර ශ්‍රීලාංකිකයන්ට සිදුවුණු පහර දීම තමිල්නාඩුවේ පවතී පුහුණුවීම් අතරමැද දමා ලංකාවට පැමණීමට සිදුවීම් මේවා අපිට ලජ්ජා නැද්ද? අපේ රටට ජාතියට අද කුමක්ද අවශ්‍ය කියන එක තේරුම් ගන්න එතකොට නියම ජාතික වීරයෝ වෙන්න පුළුවන්. ජාතිවාදී වීරයෝ නොව ජාතික වීරයෝ වෙන්න. (අ)
හරකා විතරක් නොවෙයි. අපි හෙට අනිද්දා අලියාගේ ඉදන් හාල්මැස්සා දක්වා දවස් පහෙන් පහට පෙළපාලි ගිහිල්ලා අයිතිය ලබාගන්නවා. පොඩ්ඩක් ඉන්නකෝ ශබ්ද දාන්නේ නැතුව. (නි)
ජීවන වියදම, දේශපාලන හොරමැර,ළමා අපචාර යන දේවල් වලට විරුද්ධව ක්‍රියාකරන්නේ කවදද? මිනිස්සු ජිවත් වෙන්න ඕන සතුන්ව රැකගන්න අපේ හාමුදුරුවනේ. (අ)
පුෂ්පකුමාර හාමදුරුවරු කතරගම ඉදන් දාඩිය පෙරාගෙන ආවේ හරක් විතරක්ම මරන්න එපා කියන්නද? ආපු දුරේ හැටියට කුකුල්ලු , එළුවෝ , දැල්ලෝ , මාළු කියන මේ ඔක්කොටම එක පරම පෙත්සමක් දුන්න නම් නේද හොඳ? නැත්තන් අනික්වට ආයේ පාරක් කට්ටක් කන්න වෙනවා. මොකද මොහමඩ් ලා පවා දන්නවා පලවෙනි සික්ෂා පදයේ සමපුරන තේරුම. ඒ නිසා බේරෙන්න හෝ රවටන්න බැරිවෙයි. (අ)
මේක බෞද්ධ කියලා ඔයගොල්ලෝ තමයි කියන්නේ. එතකොට චීන, ජපන් මොන රටවල්ද? හරකා විතරද පව්. ඌරට පව් නැද්ද?(නදී)
අපි ලංකාවේ ඉන්න හරක් ඔක්කොම පන්සල් වලට බෙදලා දෙමු බලාගන්න. මොකද සංඝයා වහන්සේලාටත් වැඩිය වැඩ නැහැනේ. බුදුදහමට අනුව ගවපාලනය ධාර්මික රැකියාවක්. අනික් ආසියාතික රටවල සංඝයා වහන්සේලා තමාගේ පන්සලේ සියලුම වැඩ කරගන්නේ එයාලමයි. වඩුවැඩ, මේසන් වැඩ වගේ ඒවා. ඉතින් අපේ අය පෙළපාලි යන වෙලාවේ හරක් ටික බලගන්තා නම් කිරි ටිකකුත් වැඩිපුර බොන්න පුළුවන්. (නි)
ගවයන් විතරද පව්? අනිත් අය සත්තු නෙමේද? (නි)
ගවයන් මෙන්ම දිනෙන් දින ඇහෙන වැඩිවෙන මනුෂ්‍ය ඝාතන, අපයෝජන ඇතුළු සියලු ධූෂිත ක්‍රියාවන් වෙනුවෙන් ඇයි ස්වාමීන්වහන්සේලාට මේ විදිහට මැදිහත් වෙන්න බැරි. මෙය ස්වාමින්වහන්සේලා විවේචනය කිරීමක් නොවෙයි.(නදී)
මටනම් මේක හරි සංවේදී මාතෘකාවක් සතෙකු ඝාතනය කිරීම මම පොද්ගලිකව කොහෙත්ම සාධාරනී කරණය කරන්නේ නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ එයට විරුද්ධ වන අය පිළිපදින ක්‍රමවේදයයි අවංකවම අපි සියලු දෙනාටම ගව ඝාතනය නැවත්වීමට අවශ්‍යනම් එය කල හැකයි නමුත් කට්ටියට ඕන ගව ඝාතනය නැවත්වීමට නොව වෙන වෙන ප්‍රශ්ණ ඇති කිරීමට බව ඉතා පැහැදිලියි මුස්ලිම් අයගෙන් විශාල ප්‍රමාණයක් ගව මස් නොකයි සහ කිසිම මසක් නොකන මුස්ලිමුන්ද වෙති.(අ)
පිටබෙද්දර ජයා, ඔබ 100 % ක්ම සත්‍යයයි. ඕක තේරුම් ගන්න බැරි අයනේ ලංකාවේ ඉන්නේ. (නි)
බුදුදහමට අනුව අපි පුනරුප්පතිය විශ්වාස කරන්නෙමු. ගවයා යන අහිංසක සතා මේ ආත්මයේ ගෙවන්නේ ජරා ජීවිතයකි. ඉතින් ඔහු නානාගේ පිහියෙන් වෙනත් හොඳ ලෝකයකට යවන එකට අපේ වහන්සේලා විරුද්ධ වන්නේ ඇයි? (නි)
සමහරු කතා කරන්නේ හරියට හාමුදුරුවෝ මිනි මරන්න පෙත්සම් ගැහැව වගේනේ. මේ රටේ මිනිස්සුන්ට මොනවා හරි හොද දෙයක් කලොත් ඒවා වැරදියට තම පෙන්නේ (අ)
බොදු බල සේනා, සිංහල රාවය, රවන බලය වැනි සංවිදාන ඉන්නකන් අපේ රටට සිංහලයින්ට දැන් බයක් නැතුව ඉන්න පුළුවන්. මහා සංඝරත්නය පෙරට ආවේ නැත්නම් අපිට වෙන්නේ කාක්කෝ ඔලුවේ පහරලා ගියත් බලන් ඉන්න තමයි.අපි වගේ තරුන තරුනියන්ගේ පූර්ණ සහය අපේ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා..යමු ඉදිරියටම.... (නි)
මිටවඩා හොදෑයි වෙලාක් කාන්න නෑති මෑරෙන්න ඉන්න දුප්පත් මිනිසුන්ට කෑමක් දෙන එක, මිනිස් අත්මය මොන දෙටත් වඩා වටිනවා!(අ)
අපි ඉස්සෙල්ල 'මත් පැන්' නවත්තලා ඉමු. ගව ඝාතනයට වඩා මේ රටේ උද්ගතවී තිබෙන විශාලතම ප්‍රශ්නය මෙයයි. හාමුදුරුවනේ කරමුද බලන්න.(අ)
ඉතාමත් හොඳ දෙයක්,එතකොට මිනි මැරුම්,ළමා අපචාර,ස්ත්‍රී දුෂණ,මංකොල්ල, මත්පැන්,එළුවෝ ,ඌරන්,තාරාවන්ට මොකක්ද නිතිය?(අ)
මොකද සෑම් හීනෙන් බය වුනාද? බය වෙන්න එපා. මොන දේ කළා වුනත් තලේබාන්ලා වගේ නපුරු නැහැ. අවිහිංසාවාදී සංවිධාන.(නදී)
ගව ගාතනය පමණක් නොව සිළුම සුර සල් සංචාරක හෝටල් ඇරෙන්ඩ වආ දැමිය යිතුයි . (අ)
දස දාසක් නොව අත්සන් දස ලක්ෂයක් එකතු කල යුතයි. පළමුව අවුරුද්දකට ගව මස් නවත්වමු. පිරිමි ගවයන් රට පටවමු. (අ)
අය්යෝ මේ ගවයෙක් හින්ද මිනිස්සු පිල් බෙදෙන හැටි සිත් අමනාප වෙන හැටි ? මාර කාලෙක අපිත් මේ ඉන්නේ (අ)
හිමිවරුනි ඔබට තුති. අපි සැමදා ඔබ වහන්සේලා සමගයි (අ)
කොහොමත් සත්ව හිංසාව හොද දෙයක් නෙමේ (නි)
එළවලු කෑමත් පාපයක් බව නොදන්නෙහිද? ඒවටත් ප්‍රාණය ඇති බව ඔප්පු කර ඇත. මොකද ගවයාට පමණක් මේ සැලකිලි. (නි)
රාල, එහෙනම් මිනිස්සු වැඩි වෙද්දිත් වැඩිවෙන මිනිස්සුන්වත් මස් කඩේට දක්වමු. (නි)
හරක්ට විතරද පන තියෙන්නේ. බුද්ධිමත්ව කටයුතු කරන්න. මෝඩ වෙන්න එපා. දැනටමත් බුදු දහමේ කට්ටිය අඩුවෙලා තියෙන්නේ. ඉතින් තවත් අඩු කරන්න ලැහැස්ති වෙන්න එපා. (නි)
පුෂ්ප කුමාර අපේ ලංකාව බෞද්ධ රටක් තමා .එහෙත් ගව ගාතනය නතර කළට බෞද්ධ වෙන්නේ නෑ . අහිංසක මිනිස් ජිවිත කියක් හැමදම සොර සතුරන් විසින් නැති කරලා දානවද . අනික් සතුන් ගෙන මොනවද කියන්නේ ? ගව ගාතනය බුදු දහමට සම්බන්ද නැහැ . එය හින්දු ආගමට සම්බන්ද දෙයක් . ගවයා හිනිදු යට දෙවියෙක් . බුදු දහම අනුව සියලුම සතුන් මැරීම පාපයක් . මිනිස් ජිවිත පාපයකට වැඩ මිනිස් ජිවිත වටිනවා . මෙය අපේ බෞද්ධ යට නොතේරෙන එකය් පුදුම (අ)
හරක් මරනෙක ගැන බුදු හාමදුරුවො මොනවද කියල තියෙන්නේ කියල කරුණාකරලා දන්නා එක්කෙනෙක් මට කියල දෙන්න. දන්නැති හින්ද අවංකව අහන්නේ (අ)
මොහොමඩ් ගවයන් විටරක් නෙමේ ඌරන් (අ)
අනේ හාන්දුරුවනේ බුරුතු පිටින් වෙන "මනුෂ්‍ය ඝාතන" ගැන?
ඔහොම පාරේ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් මොකටද පිරුවට? (දී)
එතොකොට මීනිමෙරුම් ස්ත්‍රී දුෂණ අරක්කු සිගරට් උපන් පාලනේ කරන තැන් ඒවා මේ කට්ටිය හරි කියනවද (අ)
අනේ බලකෝ.. ලක්දිවට ඇති එකම ප්‍රශ්නය! (දී)
හොද වැඩක්. වැඩියෙන් ඕනෑ නැහැ. අවම අවුරුද්දක් නවත්තලා බලන්න. ඊට පස්සේ වෙන දේ ගැන පස්සෙ කතාකරමු! වෛරයෙන් ප්‍රශ්න විසදන්නට බැහැ (නි)
මේ මහ පින් කමට සහභාගි වුන ඔබ සියලු දෙනාට සහ සංග රත්නයට තෙරුවන් සරණ ජය වේවා (අ)
හරි හරක් මරන එක නැවැත්තුවා කියමු. වැඩිවන "ගොන්" ගහනයට කන්න දෙන්නේ කවුද? (නි)
කරනවානම් ඉතා වැදගත් වැඩක් (දී)
ප්‍රශ්න ඇති කරන එක එච්චර හොද නැහැ නේද? මොකද කාගේත් ඉවසීම සීමාව පැන්නොත්... නේද? (නි)
ලංකාවේ දිනකට හරක් 5000 පමණ ඝාතනය කරනවා. එවැනි විනාශයක් නවත්තන්න පුළුවන් නම් ඒක මේ රටට කරන විශාල සේවයක්. වසර 10 ක් අප ගව ඝාතනය නතර කලොත් මෙරට සිටින ගවයින් ගණන මිලියන 18 යි. දල වශයෙන් ලංකාවේ ජනගහනයට සමාන වේ. මෙම ගවයන් වෙනම පළාතක් ඇතිකොට එහි නිදහසේ ජීවත් වීමට ඉඩදිය හැකිය. එමගින් ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය තව දුරටත් සහතික කල හැක. තවද ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවය සදහා විකිණීම වහාම නතර කල යුතුය. මත් පැන් විකිණීම සපුරා තහනම් කල යුතුය. මෙමගින් ශ්‍රී ලංකාව ආසියාවේ ආස්චර්‍ය වීම වැලක් විය නොහැක.(නදී)
හිමි නමක් ගිනි තියා ගත්තෙත් මේ ප්‍රශ්නය නිසා (දී)
සමාවෙන්න හාමුදුරුවනේ, ගවයා පැය කාලෙන් මරෙනවලු. හැබැයි අපි කාටවත් වරදක් නැති අහිංසක මාළු මැරෙන්නේ පැය 7-8ක් දුක් වේදනා විදලා. හුස්ම හිරවෙලා. ඒවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.(නදී)
සාදරෙන් පිලි අරගෙන තියෙන බව ඉන්න පොලිසිය දැක්කහම පේනවා. (නි)
.'ඩෙංගු' වැනි චෝදනා නගමින් මදුරුවන් ඝාතනය කරන්න අද සියල්ල සුදානම් වෙන තත්වයක් පෙනෙන්න තිබේ. 'මදුරු ඝාතනයට' විරුද්ධව සියල්ල පාරට බසින ලෙස මම ඉල්ලා සිටිමි. (නි)
මීට කලින් දේශපාලකයන් මුල්වී කරවන මිනි මැරුම් නවත්වන්න කියලා පෙත්සමක් භාර දුන්නා නම් නේද කාලෝචිත වන්නේ. (නි)
මමනම් කියන්නේ ලංකාවේ ධර්ම රාජ්‍යයක් කරන්න ඉස්සෙලාම ලංකාවේ ධිවර අමාත්‍යංශය වහන්න (දී)
එලදෙන්නු කිරි ගන්න නිසා මරන්න එපාලු, ඉතුරු ගොන්නු රට පටවන්නලු. පිට රටදී මැරුවාට පව් නැද්ද? (නි)
ගව ඝාතනය තහනම් කළා කියමුකෝ. එතකොට හෝටල් වලට, කෙසිනෝ සූදූ පොළවල් වලට එන පිටරට සංචාරකයන්ට මොකද වෙන්නේ? ඒ පිළිබඳවත් විසඳුමක් මේ පෙත්සමේ තිබෙනවද?අනේ මන්දා මගේ මෝඩ මොලේට නිකන් හිතෙනවා රටේ ඉන්න මහා ව්‍යාපාරිකයෝ සංඟයා ලවා ගව ඝාතනය නවතා ඉන්පසු පිට රටින් ගව මස් ගෙන්වා මඩිය තර කර ගනීදෝ කියා. (නි)
මේ සිංහලද්වීපයෙන් ගව ගාතනය තුරන් වේවා! මගේ පැතුමත් ඒකමයි. මේ මහ පින්කමට සහභාගි වුන ඔබ සියලු දෙනාට සහ මහා සංඝරත්නයට තෙරුවන් සරණ ජය වේවා! (නි)
මේ වගේ පිස්සන් වෙන කිසිම රටක නැහැ.(නදී)
ගව ඝාතනය නතර කලාම රටේ ගවයන් ඉහළ යන කතාව පුහු තර්කයක්. එහෙම නම් ඉන්දියාවේ මිනිසුන්ට වැඩිය හරක් ඉන්න ඕනෑනේ. මොකද මෙහෙ හරක් මසට රසට අවනත පිරිසක් එහෙ නැහැනේ! හරක් මස් ඕනෑ නම් පිට රටින් ගෙන්නන්න. විශාල සතෙක් මරනවිට අපේ ඇතුලේ පාපී සිතුවිලි වැඩිවෙලා අපි ක්‍රමයෙන් කුරිරු වෙනවනේ. අනික මාළුවෝ, කුකුල්ලු අපිට බොන්න කිරි දීලා තියනවද? අපිට කිරි බොන්න දුන්න ගවදෙන මරන්න පුළුවන් නම් මව මරණ එකත් මහා දෙයක් නොවේ. මෙතැන ආගම අදාල නැහැ. අදාල වන්නේ සදාචාර සම්පන්නව සිතීම පමණි! (නි)
අම්මෝ! සාධුලා දිහා බලන්නත් බයයි. (නි)
අයියෝ අයියෝ ..................(නදී)
බොදු බල සේනා, සිංහල රාවය වැනි සිංහලයා රැක ගැනීමට ක්‍රියාකරන සංවිදාන වලට බනින මහත්තුරු ඔය දෙමල බස කතා කරන ජාතිවාදීන්ගේ වැඩ නැවත්වීමට ක්‍රියා කරන්න. ඒගොල්ලා පටන් ගත්තහම අපිට එය ඉවර කරන්න සිදුවෙනවා. හැමදාම ගුටි කන්න බැහැනේ. මම පළාත් පාලන සේවකයෙකු වශයෙන් රට වටා සේවය කරලා තියෙන නිසා මම දන්නවා දෙමල බස කතාකරන අයගේ ජාතිවාදය. හැබැයි මේ අතර ඉතාම හොඳ මිනිසුන් සුළු පිරිසකුත් ඉන්නවා. සුළු ජාතින් ජාතිවාදීන් ඉදිරියේ බයයි, අසරණයි.(නදී)
සංඝයා වහන්සේලාගෙන් , ගිහීයන්ට වගකීම මැනවින් සිදුවෙනවා නම් මේ වගේ පාරට බසින්නට අවශ්‍ය නැත. (නි)
රාළ ඔයාගේ සම්පූර්ණ නම ගොන් රාළ ද?(නදී)
සරත් කියන්නෙ බොරු. (නි)
ලංකාව කියන්නේ බෞද්ධ රටක්. ගව ඝාතනය සහමුලින්ම ලංකාවෙන් ඉවත් කල යුතුයි. ඒ ගැන කතා දෙකක් නැහැ.(නදී)
එතකොට මාළුවෝ, කුකුලෝ, ඌරෝ, සත්තු නෙමේ ද? ඒ සත්තුන්ට මැරෙනකොට දුකක් වේදනාවක් නැහැ කිව්වද? හාමුදුරුවෝ නම් ඔය කිසිම මසක් කන්න හොද නැහැ (නි)
ගව ගාතනය හොදයි කියන්නේ මුස්ලිම් අයට ගව මස් නැතුව කන්න බැරි නිසයි.සුනාමියෙන් අන්ත අසරණ වුන මිනිසුන්ට දුන්නු බත් පතේ ගව මස් නැහැ කියලා විසි කරපු මිනිස්සු ජාතියක්. (නි)
හොද වැඩක්.නමුත් ඕක මොනවා කළත් නවතාවිද? ඔය ලොකු,ලොකු අයට හරක් මස් කන්න නැති වුනහම ඉන්නේ කොහොමද? (නි)
පිස්සු බලු රෝගය.(නදී)
අනේ හරක්ට ගිය කලක්.(නදී)
ගවයන් පමණක්ද එතකොට "පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාදියාමි"...? හින්දු ආගමට නම් ගවයා දෙවියෙක්. (නි)
මේ වගේ කාලයක ඉන්න තිබුනේ සර් ජෝන් කොතලාවල මහත්තයා. (නි)
නිකන් ඉන්න එපා කෝම කෝම හරි ගහපන් ගහපන් පෙත්සන්. (නි)
නියමයි. සාධු... සාධු... සාධු...! (නි)
සුසිල් ට මේ ලෝකේ ගැන කිසිම දැනුමක් නැති බව පේනවා.. 1) ඉන්දියාව තමයි වැඩියෙන්ම හරක් මස් සපයන්නෙ 2) පිට රටින් හරක් මස් ගෙනාවාම උන් පව් නැද්ද , උන් කිරි දීලා නැද්ද? සුසිල්ට අනික් මස් නොකා ඉන්න බෑ වගේ.(නදී)
ඕක ජාතිවාදය අවුස්සලා, ජාතීන් අතර වයිරය පතුරවන්න කරන නින්දිත ප්‍රයත්නයක් . ලංකාවේ දැවෙන ප්‍රශ්න මේවද ? ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, සූදුව, මිනී මැරුම්, මේ ධර්මද්වීපේ වැහි වැහලා. ඉතින් මේ චීවරධාරින්ට හරක් මරණ එකද මහා ලොකු වැරැද්දක් හැටියට පේන්නෙ ? ලංකාව කියන්නේ විවිධ ජාතීන් සහජීවනයෙන් ජීවත්වෙන රටක්. ඉතින්, තව ජන කොටසකගේ අයිතියයකට විරුද්ධව ද්වේශ චේතනාවෙන් වීදි බහින එක භික්ෂූන්ට වටිනවද ? ඕක ජාතිවාදය ඇවිස්සීම නෙමේ'ද ?(නදී)
සද්දේ තරම් යුද්දේ නෑ වඟේ. අනේ හාමුදරුවනේ හරකෙක් වෙනුවෙන් ඔච්චර පාගමන් ඇවිත් කාලය නාස්ති නොකර අපේ රටේ සිදුවන දූෂණය, වංචාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මහජනතාවගේ දුප්පත්කම කම්කරුවාගේ වැටුප් වැනි දේ වෙනුවෙන් පෙනී සිටින්න. නිකන් සතෙක් අල්ලන් දඟලන්නේ අපේ රටේ මේ කියන මිනිස්සු නැතිවද? (නදී)
මේ අයට මස් කන්න හොඳනම් මේවගේ පාගමන් යනෙකක් නැහැ . සියලුසතුන් නේද නිදුක්ක්වෙත්ව කියන්නේ? දැන් කියන්නේ ගවයා විතරක් නිදුක් වෙත්ව කියලද? අන්තිම කාලේ හරි පින් ටිකක් රැස්කරගන්න බලන්න.(අ)
අප්පේ ඇති යන්තම්, ඉවර වුණාද? (නි)
මේ පින්තුර වල ඉන්න භික්ෂුන් ගොඩ දෙනෙකුට ඔබින තාලයක් නැහැ . (නි)
ගවයන් පමණක්ද එතකොට පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාදියාමි.. (නි)
ගව මස් ප්‍රේතයින්ට තමන්ගේ පවුලේ අය මරන් කන්ඩ කියලා සිංහල බෞද්ධ රටේ ගව ඝාතනය තහනම් කරමු. මම මුස්ලිම් අයගෙන් අහන්නේ ඌරු මස් කන්ඩ කැමති අයට අරාබියේ ඉඩ දෙනවද? (නදී)
අනිවාර්යයෙන්ම ගව ඝාතනය නතර කළ හැකි වේවා! මෙය බෞද්ධ රටක් (නි)
ගව මස් ඉල්ලා අඬන මිත්‍යා දෘෂ්ඨිකයිනි, නුඹලා ලබන ආත්මයේ ගවයින් වී නුඹල මරා නුඹලාගේ දරුවන් තලු මර මරා කනු ඇත. සසර ගැන නොදත් පවුකාරයො. (නදී)
කුකුලන් ,එළුවන් ,ඌරන් සහ මාලුන්ටත් හරකුන්ගේ පිහිට ලැබේවා! (නි)
සියලූම ලෝකවාසී ගවයින් වහා රංචුගැසී කුමන හෝ ක්‍රමයකින් ලංකාව වෙත සැපැත් වෙන්න වෙන්න පුළුවන් නම් හොදයි (නි)
පුශ්ප කුමාර, බෞද්ධයාට අකැප හරක් මස් විතරද? සාධු ..සාධූ... (නි)
මොකද ගවයන් විතරක් මම නම් කියන්නේ සත්තු ඔක්කොම මරණ එක නවත්තන්න (දී)
අනේ ළමයෝ මොලේ නැති කතා කරන්නේ නැතිව හිටපන්. අපේ පන්සලේ තියෙන බෙර ටික ගත්තත් ඒවගේ හම් මොනවායින්ද හදලා තියෙන්නේ කියලා හොදට හොයලා බලපන්.(නදී)
මමත් බෞද්ධ මට නම් මේ සේනා එපා වෙලා තියෙන්නේ. අවුරුදු 30 ක් යුද්දේ ඇති යාන්තම් ඉවර කරගත්තා. ඒකෙන් බැට කාලා කාලා මදිද මන්දා තවත් මගුල් හොයන්න යන්නේ? ගවයා කන එකා ගවයා කාපුවහම අපිට මොකෝ, ඔය ඕන තරම් බෞද්ධයෝම ඉන්නවා ගව මස් කන, හාමුදුරු වැරුම කී දාහක් ඉන්නවද අනිත් මස් ජාති කන? අනිත් සත්තු පව් නෑ එතකොට? ඉස්සල්ලා හාමුදුරු ගොල්ලෝ කෙලින් යන්න ඉගෙන ගන්නකො අනිත් මිනිසුන්ට කෙලින් යන්න උගන්නන්න ඉස්සෙල්ලා.(නදී)
ඒ වුණාට හාමුදුවරුවරුන්ට දානෙට හරක් මස් දුන්නම හොදට කනවානේ (නි)
ගවයා මරන්න පටන් ගත්තේ අද ඊයේද ? ඒ කාලේ මැරුවේ නැද්ද? එතකොට මේ අය බුදියගෙනද හිටියේ? අනේ මගේ කට, කාට කඩේ යනවද මන්දා? මම නම් දන්නවා ඔය බල සේනාවල් කාගේ උවමනාවටද කඩේ යන්නේ කියලා. අනේ අපේ ශාසනයට වෙච්ච දෙයක්.(නදී)
සත්තු වෙනුවෙන් හඩක් නගන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ මම මේ ක්‍රියාව අගය කරනවා (දී)
දනුෂ්ක , ඌරෝ ටික මොහොමඩ්ලට ඉතුරු කරමු. හරකා බේරාගන්නේ ඒ සතා වසර දහස් ගානක් තිසේ අපේ කෘෂි ආර්ථිකයට කළ මෙහෙය වෙනුවෙන්. හරකගෙන් බීපු කිරි ටිකට කලගුණ සලකන්න. අවසර අපේ හාමුදුරුවනේ, නිවන් දැකිමට මේ පිනම ඇති. (නි)
සත්තු වෙනුවෙන් පාරට බැහීම, මම නම් අගය කරනවා (නි)
ඔව් ගව ඝාතන එපා. මේක බෞද්ධ රටක්. ස්ත්‍රී දූෂණ මිනීමැරුම් සිදු වන්නේ අබෞද්ධ රටවල් වල පමණි. ගව ඝාතනය නැවත්තුවොත් අපේ රට ලෝකයේ පූජනීය රටක් බවට පත් වෙනවා. වෙනත් කිසිම අපරාධයක් සිදු නොවෙන නිසා ..අනිවාර්යෙන්....සුබ අනාගතයක පෙරනිමිති..... (නි)
ගවයාට විතරක් නෙමෙයි මාළු කුකුල්ලු ඌරො මේ හැම සතාටම පන තියෙනවා. එම නිසා පුළුවන් නම් මේ ඔක්කොම නවත්තන්න.මේකට කියන්න තියෙන්නේ මුන්ට වැඩක් නැති නිසා මුන් පිස්සු නටනවා කියලා. මේ වගේ පිස්සෝ මේ ලෝකේ කොහෙවත් නැහැ.(නදී)
මේ සිංහලද්වීපයෙන් ගව ගාතනය තුරන් වේවා. අපේ පැතුමත් ඒකමයි (නි)
පුෂ්ප කුමාර මහත්තයෝ, මීට ඉස්සරත් ලංකාව බෞද්ධ රටක් තමයි. සුරාව හා සූදුව , මාළු, කුකුල් මස්, ආදී මස් වර්ගත් නොකා ඉන්න වේවි. ඉන්දියාව හින්දු රටක්. ගවයාට වඳින රටක්. ඒත් ලෝකෙටම වැඩිපුර හරක් මස් සපයන්නේ එයාලයි. මේවාත් අර හලාල් එපා කියලා අරාබි රටවල් වලින් එන සල්ලි ටික හා පෙට්රෝල් ටික ගන්නවා වගේම වැඩක් (නි)
රාළ කිව්වා ගොන් කතාවක්. ජනගහනය වැඩි වුනයි කියලා මිනිස්සු මරලා දානවද? (නි)
ජනාධිපති තුමනි සත්ව ඝාතනය නවත්තන්න (දී)
පන්සිල් පද පහ රකින්නේ නැති හාමුදුරුවරු ඉන්න රටක හමුදුරවරුන්ට කරන්න තියෙන්නේ මුලින්ම තමන් මස් මාළු වලින් තොර දානය පමණක් ගන්න බව පැවසීම නේද?(නදී)
බාර්බෙකිව් බීෆ් බිස්ටෙක් තේරුම දන්නවද?(නදී)
එතකොට ....ජනාදිපති තුමා හරක්මස් කන්නේ නැද්ද?(නදී)
බුදුන් දෙසු දහම ඔබ වහන්සේලා පෘතගජනයට වැටහෙන පරිදි දෙසුවානම් ඔවුන් සියල්ල ඉබේ නිර්මාංශික වනු ඇත. ඔබ වහන්සේලා අද බුදුන්ගේ නාමයෙන් කරන්නේ මහත්මා ගාන්ධි වත් නොකළ දේවල්.(අ)
සුරාජ්, මම ඉන්නෙත් අරාබි රටක, මෙහෙ සුපර් මාර්කට් වල ඌරු මස් තියෙනවා ඕනෑ කෙනෙකුට ගන්න. ඕනෑ නම් මෙහෙ ඇවිල්ලා ටිකක් අරගෙන යන්න. දමිත්, ඔබ ඊළඟ ආත්මයේ කුකුලෙක්, මාලුවෙක් වෙලා ඉපදුනොත් ? (නි)
ඔය මොනවා නැතත් අර මුස්ලිම් සහෝදරයන් තුන්දෙනා කියන දෙය අපේ අය ටිකක් සලකලා බැලුවනම් හොදයි නේද ?(නදී)
හොඳා හොඳා ඔහොම යන් ඔහොම යන් (අ)
පහුගිය අවුරුදු තිහ ඇතුලත කිසි සම්බන්ධයක් නැතුව දැන් මේවා කොහෙන් මාට්ටු වෙනවද දන්නේ නැහැ. බලසේනා , උලමා, හලාල්, රාවය,අර ශක්ති, බල ශක්ති . මිනිසුන්ට දැන් හොඳ නිදහස පිස්සු නටන්න.(නදී)
ඌරන් මරන එක නවත්වන්නත් පෙළපාලි යමුකො.(නදී)
මේ අය කියාදෙන්නේ බුදුදහමද ජාතිවාදයද ?(නදී)
සරත් , බුදුහාමුදුරුවෝ ඌරු මස් වැළඳුවේ නැහැ. වැළඳුවේ ' ඌරු හතු'. සුකර බිම්මල් කියලත් කියනවා. සුකර මානස කියලා කියන්නේ මේ බිම්මල් වලට මිසක් ඌරු මස් කියන එක නෙමේ. (නි)
පිස්සු
ගමගේ කියපු අදහසට මම එකගයි. මන්ද මම සිංහල ළමයින්ටත් වැඩිය බුද්ධාගම කරලා ලකුණු අරන් තියෙනවා පමණක් නොව බුද්ධාගමත් දන්නවා. එබැවින් බෞද්ධ රටක වෙන අපරාධ ගොන්නක් තියෙද්දී නිකන් ගවයා ගැන කෑගැසීමෙන් පලක් නැත. පළමුව පන්සිල් පද පහ පිලිපදින්න. රටට ආදර්ශයක් දෙන්න. එය ලොවට ආදර්ශයක් වෙයි (නි)
මේකට බෙහෙත් තියනවද ? මම නම් ඔය මස් වර්ග එකවත් කන්නේ නැහැ. ඔය පෙළපාලි වලටත් යන්නේ නැහැ. මට වැඩ තියනවා (නි)
හරක් මස් ප්‍රේතයින්ගෙන් ගවයා රැකගනිමු. මොහොමඩ් කියන්නේ අනිත් සත්තු මරන නිසා ගවයත් මරන්ඩ ඕනෙ කියලද? එහෙනම් අනිත් සත්තු මරන නිසා මිනිසුන් මැරීමට තියෙන තහනමත් ඉවත් කරන්ඩ වෙයි. මොකද මිනිසත් සතෙක්නේ. (නදී)
තායිලන්තයේ කිසිම බෞද්ධයෙක් හරක්මස් කන්නේ නැහැ. නමුත් සංඝයාවහන්සේලා ඇතුළු සියලුම බෞද්ධයන් ඌරු මස් කනවා. ඒ අය කියන්නේ තායි බසින් " සාසන පුත් , කින් මූ දාහී" කියල. තෙරුමනම්, "බුද්ධාගමේ අයට ඌරු මස් කෑම හොදයි". හේතුව , බුදුහාමුදුරුවොත් සුකර දානය වළදා තියන නිසයි ඒ අය එය අනුගමනය කරන්නේ. දැන් මේතන පොඩි ප්‍රශ්නයක් තියනවා එනම් තෙරවාදී බුද්ධාගම අපිට ගෙනාවේ තායිලන්තයෙන් නිසා හරක් මස් කන්න හොද නැහැ.(නදී)
මේක ලංකාවේ දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා (දී)