(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉතිහාසයේ වසර 15ක් තිස්සේ ගෙන්වූ ගල් අඟුරු නැව් 462 සම්බන්ධයෙන් සෙවීම සඳහා බලයලත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය මෙතැන් සිට ඉදිරියට නිවැරදි කරනවා පමණක් නොව පරණ වැරදිත් හොයන බව අමාත්‍යවරයා කීය.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංග යෝජනා විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
මේ විශ්වාස භංගයේදී ප්‍රමාණාත්මකව පමණක් නොව කරුණු සහිතව සිදුවූ දේ අනාවරණය කරන්නට අප ලෑස්තියි.ගල් අඟුරු ඉස්සෙල්ලාම ගෙන්වන්නට පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නොවේ.ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ක්‍රියාවලිය දැන් වසර 15ක් තිස්සේ සිදුවෙනවා.විගණකාධිපති වාර්තාවේ සඳහන් වන හැටියට 2010 ජුලි මාසයේ සිට 2026 මාර්තු වන විට ගල් අඟුරු නැව් 462ක් පැමිණ තිබෙනවා.ගල් අඟුරු නැවක් කියන්නේ මෙට්‍රික්ටොන් හැටදාහක්.දළ වශයෙන් ගතහොත් ගල් අඟුරු එක නැවක ඩොලර් මිලියන හතරක පහක වටිනාකමක් තිබෙනවා.එසේ ගත් විට පසුගිය වසර වල ඩොලර් බිලියන දෙකහමාරක් පමණ ගල් අඟුරු වලට මුදල් ගෙවා තිබෙනවා.නමුත් ගල් අඟුරු සැපයුම වෙනුවෙන් නිසි ප්‍රසම්පාදනයක් සහ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කරමින් සිටින්නේ මේ යුගයේදීයි.පසුගිය වසර 15දීම සිදුවූයේ කුමක්ද?වසර පහළොවකින් පසුව ඒ ක්‍රියාවලිය ස්ථාපිත කරන්න සිදුවී තිබෙන්නේ අපටයි.2010 සිට 2015 වන තෙක් කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ගල් අඟුරු ගෙන්වා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සුන්බුන් ගොඩට උණ ගැනෙන වෙලාව...