සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
ගාල්ල ප්‍රධාන ජලපවිත්‍රාගාරයේ මීට සුළුමොහොතකට පෙර ඇතිවූ ගින්නකින් එහි ප්‍රධාන විදුලිය බෙදාහරින පද්ධතියට බරපතල හානි සිදුව ඇත.
මෙම හේතුව නිසා ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සියලුම පිරිපහදු කටයුතු ඇනහිට ඇත.
පද්ධතිය යථා තත්වයට පත්කිරීමට යම්කිසි කාලයක් ගතවිය හැකි නිසා දැනට ගාල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදාහැරෙන ජලය ලබා දීම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වනවිට ගිනි නිවන අංශ මැදිහත්ව ගින්න නිවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කාලෙට නඩත්තු නොකිරීමෙන් දුක් විඳින්නේ අසරණ පාරිබෝගිකයෝ.අපේ රටේ සියලුම රාජ්ය ආයතන වල ක්රමය ඕක තමා.යමක් උනාට පසුව කියාත්මක වීම තමා වැරුද්ද .පිට රටවල්වල නියමිත කාලයේදී පරීක්ෂා කිරීම් කරනවා.වැරදි ඇතුව හෝ නැතිව නියමිත කාලයේදී පරික්ෂා කිරීම් නිසා හදිසි අපදාවල් නැහැ..................