විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධතා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල නගරයේ උදඝෝණය කළහ. පන්දම් පත්තුකරගනිමින් ගාල්ල නගරයේ විරෝධතා කරුවෝ පා ගමණින් යද්දී නගරයේ වෙළෙඳසල් වල විදුලි ආලෝකය නිවා දමා එයට සහය පළකලහ. පෙලපාලිය ආරම්භ වූ අවස්ථාවේ ගාල්ල බස්නැවතුම් පොළේ විදුලි විදුලි පහන් සහ වීථි ලාම්පු ද නිවා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට වෙන විකල්පයක් නැත (නි)
කුරුවිට කියන්නේ ඒ කාලේ එහෙම වුණ නිසා මේ විදුලි බිල අපි සතුටින් ගෙවමු කියලද? අනේ මනුස්සයෝ, ඇතැම් වෙලාවල් වල යකත් එක්කත් නිදා ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ (නි)
ඇයි දෙයියනේ මේ වැඩ කරන්නේ? බහින්න පාරට ඊජිප්තුවේ ටියුනිසියාවේ වගේ. (නි)
අපේ දේසපාලනේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ගද ගහන වග අපි කවුරුත් දන්නවා.නමුත් දැන් මේ විදුලි බිල බස්සවා ගන්න මේ විරෝධතා ව්‍යාපාර පස්සේ නොදුවා වෙන විකල්පයක් නැහැ.වෙන රටවල නම් පාරිභෝගික සංවිදාන තියෙනවා.නඩු දාන්න පුළුවන්. (නි)
ආණ්ඩුව වෙනස් කරන්න මේකම ඇති. කල්පනාකරලා බලන්න (නි)
ජේ.වී.පී. එකට විතරයි අලුත් වැඩක් කරන්න පුළුවන්.ජයවේවා! (නි)
මේවට කයිවාරුකාරයෝ ටිකයි , මණ්ඩලේ ඉන්න ඉහල නිලදාරීනුයි වගකියන්න ඕනෑ. ලොක්කන්ගේ ළමයි චීනයේ ඉගෙනගන්න යන තරමට , බලාගාර අක්‍රිය වීම අනුලෝමව සමනුපාතිකයි. (නි)
ජයවේවා! තව බිල් වැඩිකරන්න. අපි බදු ගෙවන්නම් (නි)
අපි මාසෙට ගන්න සුළු පඩියෙන්නේ හැමදයක්ම කරන්න ඕනෑ. 30000.00 මසකට ගන්න මිනිසෙකුට තම පවුල නඩත්තු කරන්න වෙන්නේ හොරකම් කරලම තමයි. (නි)
පාර්ලිමේන්තුව ඇතුලේ ගුටි කෙලියක් ගැන එහෙම වාර්තා නැද්ද? (නි)
ජය වේවා! (නි)
මුදලාලිලා මැර ප්‍රහාරයක් ඉල්ලනව වගේ.(නදී)
කට්ටිය අල්ලපු පන්දම් මදිද ඒ පැත්තෙන් (නි)
මේවා හරියට වීදි නාට්‍ය වගේ .දැනෙන්න දෙයක් කරපල්ලා ඊජිප්තුවේ කරා වාගෙ.(නදී)
කෝ අපේ කට්ටිය ඒකට ප්‍රතිචාරයක් නැහැනේ. (නදී)
වෙනුර ඇයි ඔබ අනිත් කියට කෑගහන්නේ දැනෙන දෙයක් කරන්න කියලා. ඔබටම පුලුවන්නේ ඒකට මුල පුරන්න.(නදී)
රඡය මේ යන ගමන වැරදියි. ඒක හරියි කියලා කියනවා නම් කියන්නේ දේශපාලන කණ්නාඩි දාගෙන අන්ධ වෙලා ඉන්න උදවියයි. එක පැත්තකින් නාස්තිකාර වියදම්, අනෙක් පැත්තේන් වංචා දූෂණ, තවත් පැත්තකින් අකාර්යක්ෂමතාවය. වැඩකරන ඡනතාවගේ අයිතීන් කප්පාදුවත් ඡයටම කරගෙන යනවා. මේවාට එරෙහිව වැඩකරන ඡනතාව එකාවන්ව පාරට බහින්න අවශ්‍යයි. මොනව වුණත් ඡනතා විමුක්ති පෙරමුණ විතරයි අද ඡනතාව වෙනුවෙන් මෙහෙම උද්ඝෝෂණයක්වත් කරන්න ඉන්නේ. ඡයවේවා!!!! (නි)
88 /89 කාලේ හුගක් අය කළුවරේම තමයි හිටියේ. පාරක තියා ගෙදරකවත් එළියක් තිබුණේ නැහැ. (නි)
නිමල, ඔයාලා ඒ කාලේ ගිනිතියපු ට්‍රාන්ස්පෝමර් වලට දැනුයි අපි වන්දි ගෙවන්නේ (නි)
අපි ඔක්කොම රට කමු ... අපි හැදෙමු ... (නි)