IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගාල්ලේ දොස්තර වර්ජනයට අදත් බේත් නෑ

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර වෙනුර සිංගාරච්චිට බැනවැදී තර්ජනය කළැයි කියන ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නැතැයි නීතිපති උපදෙසක්  දෙතොත් එම උපදෙස් නොපිළිගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටි ශාඛාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක කියයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා අද නීතිපති උපදෙස් පැතීය. පුරපති අත්අඩංගුවට ගන්නැයි වෛද්‍යවරු සඳුදාත්  අදත් වැඩ වැරූහ. කරාපිටිය, මහමෝදර ඇතුළු ගාල්ලේ සියලුම රෝහල්හි අත්‍යවශ්‍ය සේවා ඇතුළු සෙසු දෑ අඩාල වීම නිසා බෙහෙත් ගැනීමට ආ බොහෝ පිරිසක් හැරී ගියහ. පුරපති මෙත්සිරි ද සිල්වා පවසනුයේ තමා නිර්දෝශී බවත්, වෛද්‍ය සංගමය අසරණ රෝගීන් අපහසුවට පත් කරන බවත් ය. දෝස්තර වෙනුර සිංගාරච්චි පවසනුයේ මේ ගැන කිසිවක් කිව නොහැකි බවයි.



අදහස් (0)

ගාල්ලේ දොස්තර වර්ජනයට අදත් බේත් නෑ

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 12:02 PM

පැන යන මුවන් දැක නොදමනු නෙලූ පලා තීරන ගන්න සන්සුන් වී නොවී මුලා (ස)

:       0       0

බාලසූරිය Friday, 28 September 2012 12:26 PM

දොස්තරලට කම්පනය හැදිලද‍ කොහෙද (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 12:34 PM

අහිංසක ලෙඩ්ඩු මොනවා කරන්නද ? (ස)

:       0       0

රජිත් Friday, 28 September 2012 12:35 AM

මම හිතුවේ දෙවිවරු කියලා. බලාගෙන යද්දී මාර පුත්තුනේ. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 06:16 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

පනාගොඩ Friday, 28 September 2012 02:33 AM

පුරපතිතුමාගේ නමේ හැටියටද මේ කරන වැඩ? (නි)

:       0       0

නවීන් Thursday, 27 September 2012 06:18 PM

බැන්නයි කියලා හිරේ දාන්නේ කවුද? (නි)

:       0       0

නුවන් Thursday, 27 September 2012 06:22 PM

දොස්තර මහත්තයො, ඉල්ලීම නම් අසාධාරණයි නේද? නීතියටත් පිටින් ගිහින් පළිගන්න හදන්න එපා. ඊටත් වඩා බහින්බස්වීමක් වගෙ පොඩි දේකට දහස් ගණන් අසරණ ලෙඩ්ඩු පෙළන්න එපා. (නි)

:       0       0

දේවිකා Thursday, 27 September 2012 06:27 PM

මාසයක් ඇතුලත කී වෙනි වතාවද මේ දොස්තරලා වැඩ නතර කළේ? අනේ මන්දා කවුරු හරිද කියලා. (නි)

:       0       0

කාංචන Thursday, 27 September 2012 06:42 PM

කනගාටුයි ලෙඩ්ඩු ගැන

:       0       0

ලාල් Friday, 28 September 2012 06:32 AM

ලෙඩ්ඩු අමාරුවේ

:       0       0

කිවි Friday, 28 September 2012 06:53 AM

දොස්තර පස්සේ කියයි එහෙම තර්ජනය කළේ නැහැ කියලා. ඒකනේ දැන් අලුත්ම ස්ටයිල් එක. (නි)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 06:54 PM

ලංකාවේ ලෙඩ්ඩු නිකං මැරෙනවා

:       0       0

නාමල් Friday, 28 September 2012 07:04 AM

ලෙඩ්ඩු බැන්නා වගේනේ. දොස්තරලට රටේ වෙනම නීතියක් තියනවද? කෙනෙක් බැන්නා නම් පොලිසි යන්න, උසාවි යන්න. නැතුව ඒකට අසරණ රෝගීන් පළි නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල දාලා ඒ දොස්තරලා මේවට දාලා පාඩමක් උගන්නන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Friday, 28 September 2012 01:38 PM

හරි හරි, වැඩ වර්ජනය නොතිබුනත් රෝහල්වල බේත් නැනේ. අපි ඒවා ෆාමසියෙන්නේ ගන්නේ.(ස)

:       0       0

අමිල Thursday, 27 September 2012 07:05 PM

ඕකට ලෙඩ්ඩු පලිද

:       0       0

කෙනී Friday, 28 September 2012 07:14 AM

කොහෙවත් යන නූගත් මිනිසුන්ගෙන් බැනුම් අහන්න නෙමෙයි දොස්තරලා ඉන්නේ. මිනිසුන්ට තේරෙන්නෙ නැහැ ඒක කොච්චර උතුම් රස්සාවක්ද කියලා. (නි)

:       0       0

ගාල්ලේ සමන් Friday, 28 September 2012 07:14 AM

මෙවැනි අවස්ථාවලදි බොහෝ දෙනා වෛද්‍යවරුන්ට දොස් පවරන නමුත් සත්‍යයට මුහුණ දෙන්නේ නැහැ. වෛද්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදින්නට දේශපාලනඥයකුට ඇති අයිතිය මොකක්ද? වෛද්‍යවරයා වැරදි නම් දේශපාලනඥයා කළ යුත්තේ මේ ආකාරයට ගැටලුවට ප්‍රවේශ වීම නොව නීතිය අනුව කටයුතු කිරීමයි. වෛද්‍යවරුන් මේ වාගේ පියවර නොගත්තොත් තත්ත්වය තවත් දරුණු වේවි. එයිනුත් හානි සිදුවනු ඇත්තේ පොදු මහජනතාවටමයි. (නි)

:       0       0

වරුණ Friday, 28 September 2012 07:29 AM

නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍යය , රටේ නිදහස, සාධාරණය , නීතිය දේශපාලුවන් විසින් ගිල දමමින් සිටී. (නි)

:       0       0

උපුල් Thursday, 27 September 2012 07:23 PM

මේ වගේ සුළු දෙයකට දොස්තරවරු වැඩ වර්ජන කරනව කියන එක නම් හරිම කැතයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 07:43 PM

කාගෙවත් ප්‍රශ්නයකට ලෙඩ්ඩු පළි නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 07:42 PM

ඒ කට්ටිය ලෙඩ වෙනවා කියන්නේ මාර ලෙඩ විමක්නේ (දී)

:       0       0

නිමල් සෞදි Thursday, 27 September 2012 08:12 PM

රෝගියෙක් යනු ඉතාම අසරණ පුද්ගලයෙක්.. එවැනි අය ප්‍රාණ ඇපයට තබා ගෙන ඉල්ලීම් ඉදිරිපත් කිරීම ම්ලේච්ඡ කමක්..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 27 September 2012 08:19 PM

ලංකාවෙ දොස්තරලා අල්කයිඩා සංවිධානයට වඩා භයානකයිනේ..!(නු)

:       0       0

ශිරංගිකා Friday, 28 September 2012 09:21 AM

ගාල්ලේ නගරාධිපතිතුමා ‍දේශපාලන චරිතයක්වත් දේශපාලන අතකොලුවක්වත් නොවන බව ගාල්ලේ හැමෝම දන්නවා. දොස්තරලා නගරසභාවෙන් පඩි අරගෙන , පහසුකම් අරගෙන වැඩ නොකර ඉන්නකොට බනින්නේ නැතුව වෙන මොනවා කරන්නද ? බැන්නා කියලා අත්අඩංගුවට ගන්න තියෙන නීතිය මොකද්ද ? දොස්තරලා ඉගෙන ගත්තේ රටේ සල්ලිවලින් නෙවෙයිද ?? වාතයක් ගියත් අසරණ ලෙඩ්ඩු බිල්ලට තියලා වැඩ වර්ජන කරන්න දොස්තරලට තියෙන අයිතිය මොකද්ද ?? (ස)

:       0       0

අමරදාස Thursday, 27 September 2012 08:29 PM

අනේ මෙහෙමත් දොස්තරලා.. ලෙඩ්ඩුන්ගේ බෙල්ල හිර කරලා රජවෙන්න හදනවා..!(නු)

:       0       0

නෙත්මා Thursday, 27 September 2012 08:45 PM

අයියෝ, මේ අපේ සර් නේද? (නි)

:       0       0

රෝහණ Friday, 28 September 2012 09:28 AM

බැනුම් අහපු කෙනාටත් නැති අමාරුවක්නේ අනිත් අයට තියෙන්නේ .මොකක් හරි කමක් නෑ ස්ට්‍රයික් කරන්නනේ ඕනි.(ස)

:       0       0

සුමිත් Friday, 28 September 2012 09:36 AM

ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ඒවත් ස්ට්‍රයික්ද ? (නි)

:       0       0

කමක් Friday, 28 September 2012 09:34 AM

සමන් ඔබතුමාන ඔකේ වෛද්‍යවරයෙක් ද(අ)

:       0       0

ගුණරත්න Thursday, 27 September 2012 08:55 PM

නෑ නෑ හැමෝටම වැරදිලා .දොස්තරලට ගහලා තියෙන්නේ ලෙඩ්ඩු . ඒකනේ ලෙඩ්ඩුන්ට දඩුවම් දෙන්නේ (ස)

:       0       0

දාස Friday, 28 September 2012 09:57 AM

නිතිය රජ නොකන රටක මේවා මහ දේවල් නොවේ (අ)

:       0       0

ඉන්දික Friday, 28 September 2012 10:05 AM

මේ දොස්තරලා නම් ලෙඩුන් ගැන කිසිම අනුකම්පාවක් නැති අය (නි)

:       0       0

ගීත් Thursday, 27 September 2012 09:19 PM

මේ ස්ට්‍රයික් කරන්නෙ විදේශ විශ්ව විද්‍යාල වල උපාධිය ගත්ත දොස්තරලා වෙන්න ඇති. අනිත් දොස්තරලා හොඳයි කියලනෙ කියන්නේ. ඒ ගොල්ලො හරීම කරුණාවන්තයි. ලෙඩ්ඩුන්ට වචනයකින්වත් බනින්නේ නැහැ. (නි)

:       0       0

සිසිර Friday, 28 September 2012 10:17 AM

සිද්ධියට මුහුණ දුන් ‍දොස්තර ඇයි නිහඩ ??????????(ස)

:       0       0

ලක්මා Friday, 28 September 2012 10:48 AM

ඉතින් අපේ අහවලාට ඇවිල්ලා බෙහෙත් දෙන්න කිවුවා නම් හරිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site