ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර වෙනුර සිංගාරච්චිට බැනවැදී තර්ජනය කළැයි කියන ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නැතැයි නීතිපති උපදෙසක් දෙතොත් එම උපදෙස් නොපිළිගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටි ශාඛාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක කියයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා අද නීතිපති උපදෙස් පැතීය. පුරපති අත්අඩංගුවට ගන්නැයි වෛද්‍යවරු සඳුදාත් අදත් වැඩ වැරූහ. කරාපිටිය, මහමෝදර ඇතුළු ගාල්ලේ සියලුම රෝහල්හි අත්‍යවශ්‍ය සේවා ඇතුළු සෙසු දෑ අඩාල වීම නිසා බෙහෙත් ගැනීමට ආ බොහෝ පිරිසක් හැරී ගියහ. පුරපති මෙත්සිරි ද සිල්වා පවසනුයේ තමා නිර්දෝශී බවත්, වෛද්‍ය සංගමය අසරණ රෝගීන් අපහසුවට පත් කරන බවත් ය. දෝස්තර වෙනුර සිංගාරච්චි පවසනුයේ මේ ගැන කිසිවක් කිව නොහැකි බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් ඔබතුමාන ඔකේ වෛද්‍යවරයෙක් ද(අ)
දොස්තර පස්සේ කියයි එහෙම තර්ජනය කළේ නැහැ කියලා. ඒකනේ දැන් අලුත්ම ස්ටයිල් එක. (නි)
ලෙඩ්ඩු බැන්නා වගේනේ. දොස්තරලට රටේ වෙනම නීතියක් තියනවද? කෙනෙක් බැන්නා නම් පොලිසි යන්න, උසාවි යන්න. නැතුව ඒකට අසරණ රෝගීන් පළි නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල දාලා ඒ දොස්තරලා මේවට දාලා පාඩමක් උගන්නන්න ඕනෑ. (නි)
කොහෙවත් යන නූගත් මිනිසුන්ගෙන් බැනුම් අහන්න නෙමෙයි දොස්තරලා ඉන්නේ. මිනිසුන්ට තේරෙන්නෙ නැහැ ඒක කොච්චර උතුම් රස්සාවක්ද කියලා. (නි)
මෙවැනි අවස්ථාවලදි බොහෝ දෙනා වෛද්‍යවරුන්ට දොස් පවරන නමුත් සත්‍යයට මුහුණ දෙන්නේ නැහැ. වෛද්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදින්නට දේශපාලනඥයකුට ඇති අයිතිය මොකක්ද? වෛද්‍යවරයා වැරදි නම් දේශපාලනඥයා කළ යුත්තේ මේ ආකාරයට ගැටලුවට ප්‍රවේශ වීම නොව නීතිය අනුව කටයුතු කිරීමයි. වෛද්‍යවරුන් මේ වාගේ පියවර නොගත්තොත් තත්ත්වය තවත් දරුණු වේවි. එයිනුත් හානි සිදුවනු ඇත්තේ පොදු මහජනතාවටමයි. (නි)
නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍යය , රටේ නිදහස, සාධාරණය , නීතිය දේශපාලුවන් විසින් ගිල දමමින් සිටී. (නි)
ගාල්ලේ නගරාධිපතිතුමා දේශපාලන චරිතයක්වත් දේශපාලන අතකොලුවක්වත් නොවන බව ගාල්ලේ හැමෝම දන්නවා. දොස්තරලා නගරසභාවෙන් පඩි අරගෙන , පහසුකම් අරගෙන වැඩ නොකර ඉන්නකොට බනින්නේ නැතුව වෙන මොනවා කරන්නද ? බැන්නා කියලා අත්අඩංගුවට ගන්න තියෙන නීතිය මොකද්ද ? දොස්තරලා ඉගෙන ගත්තේ රටේ සල්ලිවලින් නෙවෙයිද ?? වාතයක් ගියත් අසරණ ලෙඩ්ඩු බිල්ලට තියලා වැඩ වර්ජන කරන්න දොස්තරලට තියෙන අයිතිය මොකද්ද ?? (ස)
බැනුම් අහපු කෙනාටත් නැති අමාරුවක්නේ අනිත් අයට තියෙන්නේ .මොකක් හරි කමක් නෑ ස්ට්‍රයික් කරන්නනේ ඕනි.(ස)
ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ඒවත් ස්ට්‍රයික්ද ? (නි)
ලෙඩ්ඩු අමාරුවේ
නිතිය රජ නොකන රටක මේවා මහ දේවල් නොවේ (අ)
මේ දොස්තරලා නම් ලෙඩුන් ගැන කිසිම අනුකම්පාවක් නැති අය (නි)
සිද්ධියට මුහුණ දුන් දොස්තර ඇයි නිහඩ ??????????(ස)
ඉතින් අපේ අහවලාට ඇවිල්ලා බෙහෙත් දෙන්න කිවුවා නම් හරිනේ (නි)
පැන යන මුවන් දැක නොදමනු නෙලූ පලා තීරන ගන්න සන්සුන් වී නොවී මුලා (ස)
දොස්තරලට කම්පනය හැදිලද කොහෙද (ස)
අහිංසක ලෙඩ්ඩු මොනවා කරන්නද ? (ස)
හරි හරි, වැඩ වර්ජනය නොතිබුනත් රෝහල්වල බේත් නැනේ. අපි ඒවා ෆාමසියෙන්නේ ගන්නේ.(ස)
ඒ කට්ටිය ලෙඩ වෙනවා කියන්නේ මාර ලෙඩ විමක්නේ (දී)
බැන්නයි කියලා හිරේ දාන්නේ කවුද? (නි)
දොස්තර මහත්තයො, ඉල්ලීම නම් අසාධාරණයි නේද? නීතියටත් පිටින් ගිහින් පළිගන්න හදන්න එපා. ඊටත් වඩා බහින්බස්වීමක් වගෙ පොඩි දේකට දහස් ගණන් අසරණ ලෙඩ්ඩු පෙළන්න එපා. (නි)
මාසයක් ඇතුලත කී වෙනි වතාවද මේ දොස්තරලා වැඩ නතර කළේ? අනේ මන්දා කවුරු හරිද කියලා. (නි)
කනගාටුයි ලෙඩ්ඩු ගැන
ලංකාවේ ලෙඩ්ඩු නිකං මැරෙනවා
ඕකට ලෙඩ්ඩු පලිද
මේ වගේ සුළු දෙයකට දොස්තරවරු වැඩ වර්ජන කරනව කියන එක නම් හරිම කැතයි..!(නු)
කාගෙවත් ප්‍රශ්නයකට ලෙඩ්ඩු පළි නැහැ. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
රෝගියෙක් යනු ඉතාම අසරණ පුද්ගලයෙක්.. එවැනි අය ප්‍රාණ ඇපයට තබා ගෙන ඉල්ලීම් ඉදිරිපත් කිරීම ම්ලේච්ඡ කමක්..!(නු)
ලංකාවෙ දොස්තරලා අල්කයිඩා සංවිධානයට වඩා භයානකයිනේ..!(නු)
අනේ මෙහෙමත් දොස්තරලා.. ලෙඩ්ඩුන්ගේ බෙල්ල හිර කරලා රජවෙන්න හදනවා..!(නු)
අයියෝ, මේ අපේ සර් නේද? (නි)
නෑ නෑ හැමෝටම වැරදිලා .දොස්තරලට ගහලා තියෙන්නේ ලෙඩ්ඩු . ඒකනේ ලෙඩ්ඩුන්ට දඩුවම් දෙන්නේ (ස)
මේ ස්ට්‍රයික් කරන්නෙ විදේශ විශ්ව විද්‍යාල වල උපාධිය ගත්ත දොස්තරලා වෙන්න ඇති. අනිත් දොස්තරලා හොඳයි කියලනෙ කියන්නේ. ඒ ගොල්ලො හරීම කරුණාවන්තයි. ලෙඩ්ඩුන්ට වචනයකින්වත් බනින්නේ නැහැ. (නි)
මම හිතුවේ දෙවිවරු කියලා. බලාගෙන යද්දී මාර පුත්තුනේ. (නි)
පුරපතිතුමාගේ නමේ හැටියටද මේ කරන වැඩ? (නි)