(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තාවී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.
මෙම ස්ථානයේ සේවය කරන මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් වෙනුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට සේවකයන් 09 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.
මෙම 9 දෙනාගෙන් 06 දෙනකු ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි අතර 03 දෙනකු වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි.
ගාල්ලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශවල හැර වෙනත් ප්‍රදේශවලින් ද මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන බවත් ආසාදිතයන් 09 දෙනාම රෝහල්ගත කර එම ඇඟළුම් ආයතනය වසා දැමූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්