(මහින්ද නිශ්ශංක)
අර්තාපල් ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කොට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ග්ලයිපොසෙට් රසායනික කුඩු කිලෝ 656ක් රේගු මධ්‍යම භාණ්ඩ නිෂ්කාශන අංශය විසින් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(17) අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෙම ග්ලයිපෝසෙට් තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි රේගු අධිකාරී රංජිත් කුමාරසිංහ මහතා පැවසීය.
මෙම ග්ලයිපොසේට් තොගය මෙරටට ගෙන ආ කන්ටේනරය තුළ තිබී අර්තාපල් කිලෝ 10125ක් සහ ආනයනය කිරීම තහනම් අමුමිරිස් කිලෝ 1806ක් ද සොයාගත් බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් හෝ වේවා, ග්ලයිපොසේට් අනයනකරුවා හා සහයකයින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනි මැරීමට තැත්කිරීම හා අනුබලදීම යන චෝදනා යටතේ නඩුව ඉවරවෙනතුරු රිමාන්ඩ් කරන්න ඕනේ. අනිකුත් ගහලයනුත් එතොකොට පාඩමක් ඉගෙනගනිවී.
සංහිඳියාවට බාධාවක් ගෙනැල්ලා තියෙන්නේ නඩාර් කෙනෙක්....
සියලුම වල්නාශක සහ කෘමිනාශක මිනිසුන්ට අහිතකරයි. නමුත් ග්ලයිපොස්පෙට් විතරක් ලංකාවේ තියන අට අනූවක් රෝග, නව අනුවක් ව්‍යාධිවලට හේතු වෙනවා කියා තහනම් කිරීම හරි යැයි මම හිතන්නේ නැහැ. මුලිකම කාරණය ලංකාවේ ගොවීන් ඇතුළු වල් නාශක භාවිතා කරන්නන්ගේ තියන නොසැලකිලිමත් කමයි. අතින් ගහන පොම්පෙට බෝතල් බාගයයි.. පැට්‍රොල් පොම්පෙට බෝතලයයි කියලා කලවම් කරලා ගහනවා මිසක් නියම මාත්‍රාව හෝ භාවිතා කලයුතු ආරක්ෂිත උපක්‍රම කිසිවක් ගැන ඔවුන් දැනුවත් නැහැ. "ගින්දර" උණුසුම ලබාගැනීමට, අහාර පිස ගැනීමට, මෙන්ම සියල්ල දවා අළු කිරීමටත් භාවිතා කල හැකි බව අප සියල්ලෝම දන්නවා නේද?