අයි. පී. එල්. තරගාවලියේ 31 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 130 ක දැවැන්ත ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ කි‍්‍රස් ගේල්ගේ ශතකය සඳහා වැයවී තිබුනේ පන්දු 30 ක් පමණි. ඉන් නොනැවතුන ගේල් පන්දු 66 කදී නොදැවී ලකුණු 175 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 17 ක් සහ හතරේ පහර 13 ක් ද සමගිනි.
ගේල්ගේ පිත්තෙන් රැස්වුණ මෙම වේගවත් ලකුණු 175, මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වාර්තා වූ දෙවන ශතකය වන අතර එදා මෙදා තුර අයි. පී. එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස වාර්තා පොත් වලට එකතුවිය.
තවද විස්සයි/20 තරගයකදී කී‍්‍රඩකයෙකු ලබාගත් වැඩිම හයේ පහර සංඛාව සහ හතරේ පහර සංඛාවද මෙයයි.
ගේල් (175) සහ ඩිල්ෂාන් (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 167 ක සම්බන්ධතාවය ගොඩනැගීමට සමත්වූහ.
17 වැනි ඕවරයේ පිටියට පිවිසි ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 8 කට පමණක් මුහුණ දී වේගවත් ලකුණු 31 ක් රැස්කරමින් ගේල්ට අගනා සහයක් ලබාදුන්නේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හතරේ පහර 3 ක් ඇතුළත්විය.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 කට 263
(කි‍්‍රස් ගේල් නොදැවී 175, තිලකරත්න ඩිල්ශාන් 33, විරාට් කෝලි 11, ඒ. බී. ඩිවිලියර්ස් 31, අශෝක් ඩින්දා 48/2)
පූනේ වොරියර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 කට 133
(එරොන් ෆින්ච් 18, යුවරාජ් සිං 16, ස්ටීවන් ස්මිත් 41, මිචෙල් මාර්ෂ් 25, මිතුන් මැනස් නොදැවී 11, කි‍්‍රස් ගේල් 5/2, රවී රාම්පාල් 21/2, ජාදේව් උන්කඞ් 38/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ නම් මෙයාලට ගැලවෙන්න බැහැ වගේ..!(නු)
මදුරංග, අපේ 11 දෙනා 2013 කොතනද ඉන්නේ කියලා බලන්න. ගේල්ගෙන් අපිට වැඩක් නැහැ. අපේ ජාති කණ්ඩායමේ ඊළඟ තරග වලදී මෙය හොඳට බලපාවි. අපිට අයගේ ක්‍රිකට් අමුතුවෙන්ම ගොඩ ගන්න ඕනෑ. සල්ලි මත්තෙම දුවන අපේ ක්‍රිකට් සහ ඊට අනුබල දීපු අයට මේවා හොඳ පාඩම්. (නි)
මදුරංග ස්තුතියි. ඇගේ සවියෙන් ගහන්නත් ක්‍රිකට් තාක්ෂණය ඕනෑ. අයි.පී.එල්. ගහන අය (20/20) තාක්ෂණයටම ගහන්නේ නැහැ. අයි.සි.සි. ගැන නෙමෙයි අයි.පී.එල්. ගැනයි මම මේ කියන්නේ. අපේ අයව කපලා ගේල් ගැන කියනවත් නෙමෙයි (නි)
අපේ දෙන්නා බැංකුවේ ඉන්න එක හොඳයි , නැත්නම් අද ඇතිවෙන්නම කනවා. (නි)
මදුරංග හරි , ගේල් අතපය විසිකරලා ගහන ගැහිල්ල හොද සැලැස්මකින් පන්දු යවන්නෙකුට ලේසියෙන් නවත්තන්න පුළුවන්. එත් 20\20 සැලැස්මක් ක්‍රියාත්මක කරන්න අමාරු තරග රටාවක්.(නදී)
මදුරංග, එහෙම නම් හැමකෙනාටම ලකුණු ගන්න බැරි ඇයි? දිල්ෂාන් 30කදී දැවී ගියේ කොහොමද? ජාතික කණ්ඩායමට තේරුණු පලියට දක්ෂයෝ වෙන්නෙ නැහැ. (නි)
ඇතිවෙන්නම කනවා මේ පාර නම්. (නි)
මදුරංගගේ තර්කය හරි,ගේල් දක්ෂයෙක් කියල පිලිගන්නවා අපිත් ඕන තැනක. 20/20 තරගයක මුලින් ගහන කණ්ඩායමට පීඩනයක් නැතුව ලකුණු රැස් කරන්න පුළුවන්. ඕවරයක් දෙකක් සෙට් උනාම ෆෝම් එකට ගහන්න පුළුවන්. ක්‍රිකෙට් දන්නේ නැත්නම් කතා නොකර ඉන්න අසංක වගේ කට්ටිය. එත් අපේ සඟල සනත්ලා අරවින්දලා ඕන පිඩනයක සෙල්ලම් කරන්න පුළුවන්. ඕන නම් අයි පි එල් හරි 20/20 ඕන තරගයක් හරි ඕනෑම 50/50 තරගයක උනත් ගේල් ලකුණු ගත්ත අඩුයි දෙවැනි වර පහර දෙනකොට,මතකනේ ලංකාවේ තිබ්බ අවසාන එක, මතකද සුපර් ඕවරය මේ පාර තිබ්බ, ලකුණු 20 දාගන්න බැරි උන ගේල්ට,එක නිසා මේක සුපිරි ඉනිමක් කියන්න බැ,.(නදී)
අපේ කට්ටිය නොහිටපු එකමයි හොද. (නි)
හොද වැඩේ අපේ කට්ටියට. (නි)
පුරුවේ පිනකට මැතිව්ස් නායකයා නොවුණේ. (නි)
මදුරංග 100%ක් හරි. නායකයෙක් වත් නෑති ටිම් එකකට කොහෙද ගේම් ප්ලෑන් එකක්. ඔහේ බොල් කරා. ලුක් වයිට්ට ඕවර් 4ටම ලකුණු 28. අනිත් අයට? ගෙල් මේ විදිහට චෙන්නායි,මුම්බායි වලටත් ගෑහුවොත් අන්න නියම වෑඩ්ඩා.(නදී)
නියම මනුස්සයෙක්නේ. ගේල්ට අපේ අයත් මනා සහයෝගයක් ලබා දුන්නා (නි)
හොඳ වෙලාවට මෙතන හිටියේ නැත්තේ නැත්නම් ජයලලිතා පිස්සු වැටෙයි.(නදී)
මදුරංග සහ උදාර, දක්ෂයට දක්ෂයි කියන්න පුරුදු වෙන්න. එහෙනම් ඉතින් අපේ අයටත් ගහන්න පුළුවන්නේ. මොකද අපේ අය සෙල්ලම් කරනකොට ජාත්‍යන්තර ක්‍රීඩකයෝ විතරද පන්දු යවන්නේ? (නි)
අපේ ලංකාවේ කොල්ලෙක් ගේල්ටත් වඩා හොදට සෙල්ලම් කරලා තියෙනවා http://www.espncricinfo.com/england/content/story/309582.html (නි)
චන්ද්‍රසිරි, ඔයාගේ තර්කය හරි. නමුත් ගේල් සෙල්ල්ම් කරන්නේ ඈගේ පතේ හයියෙන් මිසක් තාක්ෂණයෙන් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නෙ ශක්තිය වාගෙම බුද්ධිය යොදවලා කරන ක්‍රිඩාවක්. ඒකයි මහේල,සංගා,ඩිල්ශාන් අයි.පි.එල් අසාර්ථක වුණත් අයි.සි.සි තරග වල ඉදිරියෙන් ඉන්නෙ. ක්‍රිස් ගේල් කොතනද ඉන්නෙ.? (නි)
මදුරංග, මෝඩ තර්ක ගෙනෙන්න එපා. දන්නේ නැති දේවල් කියන්න එපා. (නි)
අසංක, ඔයාට ඒක මෝඩ තර්කයක් වගේ පේන එක මට පුදුම නැහැ. ඔයාගෙ ක්‍රිකට් දැනුම මට තේරෙනවා. (නි)
හොද වෙලාවට මැතිව්ස් එළියේ හිටියේ. (නි)
මොනවා වුණත් ගේල් ශක්තිමත්,දක්ෂ වගේම තාක්ෂණයෙන් පිරුණු ක්‍රීඩකයෙක්.දැන්වත් පූනේ වොරියස් කන්ඩායමේ නායකත්වයට ස්ටීවන් ස්මිත් දැම්මොත් හොඳයි නේද?මොකද යුවරාජ්ට බැරිවුණාට ගිය පාර ස්ටීවන් ස්මිත් නායකකම දරලා ජයග්‍රහණ අරන් දීලා තියෙනවා. (නි)
ලංකාවට ලැජ්ජා නොකර දැංවත් එන්න..!(නු)
අනේ හොඳයි... ඔහොම යමුකෝ... (ස)
මදුරංග, බලන්න පුනේ කණ්ඩායමේ හිටපු කට්ටිය ගැන. ඒ කණ්ඩායමේ කි දෙනෙක් ඉන්නවද කියලා. රටවල ජාතික කණ්ඩායම් වලට හිටපු කට්ටිය බෝල් කළේ නැති වුණාට යුවරාජ් සිංග් පුනේ කණ්ඩායමේ හිටියා. (නි)
ක්‍රිස් ගයාලේ ගහන්න පටන්ගත්තම අනිත් අය නවත්වන්න ගොඩක් අමාරුයි.(නදී)
කි‍්‍රස් ගේල් දක්ෂයි.ඒක ගැන විවාදයක් නැහැ. නමුත් ඹහු මේ ශතකය ලබා ගත්තේ ඉන්දියාවේ ජාතික කණ්ඩායමටවත් සෙල්ලම් නොකරපු පන්දු යවන්නන් ඉදිරියේ කියන එක අමතක කරන්න එපා. ජාතික කණ්ඩායම් කි‍්‍රඩා කරපු අයගෙන් හිටියේ අශෝක් ඩින්දා, ලුක් වයිට් විතරයි. මේකෙ ලකුණු පුවරුව දිහා ටිකක් බලන්න. එතකොට තේරේවි මේක මොන වගේ ශතකයක් ද කියලා. ඒත් අමතක කරන්න එපා සනත්,අෆ්රෙඩි ලබා ගත් ශතක ඒ වෙනකොට ලෝකෙම හිටපු දක්ෂ පන්දු යවන්නන් ඉදිරියේ ලබාගත් වේගවත් ශතක. කි‍්‍රස් ගේල් දිනක ඔහුගේ ජාතික කණ්ඩායමට මේ වගේ ශතකයක් ලබා ගත් දවසක අපිට ඈත්තටම සතුටක් ලබන්න පුලුවන්. (නි)