දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු වෙඩි තැබීමක් සිදුවූ බවට කිසිදු තොරතුරක් නැතැයි අක්මීමණ පොලීසිය කියයි. එහෙත් අසල්වැසියෝ ද පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ද වෙඩි තැබීමක් සිදුවූ බව ස්ථිර වශයෙන්ම කියති. පොලීසිය කියනුයේ රතිඤ්ඤා පත්තුකරන්නට ඇති බවයි. අසල් වැසියන් පවසනුයේ රතිඤ්ඤා හඩෙත් වෙඩි හඩෙත් වෙනස තමන් දන්නා බවයි. ඇමති ඩී.වී.උපුල් කියනුයේ ඇමතිවරයකුගේ සමීප ඥාතියකු ටී 56 කින් වෙඩි කිහිපයක් තැබූ බවයි. වෙඩි දහසයක් නිකුත් වූ බව අසල්වැසියන්ගේ තක්සේරුවයි. වෙඩි තැබීමක් නොවූ බව උපුල් ඇමති නිවසේ සිටි අයකු කියා ඇතැයි පොලීසිය පවසයි. එහෙත් ඇමති කට උත්තරයක් දුන්නේවත් ඔහුගෙන් කටඋත්තරයක් ගත්තේවත් නැතැයි ද පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට,තංගල්ල,මාතර,ගාල්ල ඉවරෙටම ඉවරයි.... පොලිසියටත් දේශපාලනයෙන් බලපෑම් ඇති . ඒක වෙන්න ඇති පොලිසිය කට පියාගෙන ඉන්නේ.... ඔක්කොමටම මුල වැරදි පුද්ගලයන් දේශපාලනයේ යෙදීම... ඔය කට්ටිය දේශපාලන විද්‍යාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.... ඕක තම රටේ පිළිලය.... මොක ආවත් එකයි.... අපේ අවාසනාව.......(ස).
කව්ද කියන්නේ වෙඩි තිබ්බ කියල. මමත් ගියා ඕකට (දී)
දුමින්ද සිල්වාගේ ජීවන තොරතුරු ගැන පොතක් ලියල ලග ඉදන් කියවන්න එතකොට මතක් වෙයි කරපු නින්දිත වැඩ ඔක්කොම (දී)
මේ රටේ දැන් සිදුවෙමින් පවතින පරිහානියට දේශපාලකයින් වගකිව යුතුයි. (නි)
මෙහෙමත් පොලිසියක් ?????? (ස)
මමනම් හිතන්නේ චීන පටස් වෙන්න ඇති....(ස)
හීනෙන් මෙයා කාට හරි වෙඩි 16 තියල වගේ.....(ස)
හතර බීරි කතාවක්.......... ළමයිනේ, නැවතත් අපේ රටට නරක කාලයක් ලබලා වගෙයි. (නි)
ඒ කියන්නේ පොලිසියටවත් බැරිද රතිඤ්ඤා ශබ්දයක් සහ වෙඩි ශබ්දයක් වෙන්කර හදුනා ගන්න? (නි)
මුලින් දේවල් මතකයි. ඉන්පසු දේවල්ද මතකයි. නමුත් වෙඩි තැබූ බවක් මතක නැත. (නි)
කගේ හරි පැමිණිල්ලක් ලැබුනා නම් ඒ ගැන සොයා බැලිම පොලිසියේ රාජකාරිය. එත් කොස් ගෙඩි දෙල් ගෙඩි හදුනන්නේ නැති පොලිස් නිලධාරින් පවා අද රටේ ඉන්නවා....(ස).
හැබැයි මෙතන ඉන්න එක්කෙනෙක්ගේ ගෙදරට වෙඩි තිබ්බොත් නම් මුළු ගමම කුඩේ කුඩු කියලා නම් අපට කියන්න පුලුවන්. (නි)
පාටියට ගියා මතකයි .... සදෙකුත් අවා . .... ඊට පස්සේ මතක නැ නේ ...... (දී)
හරි.හරි. කලබල වෙන්න දෙයක් නැහැ මෙතන. සතුට වැඩිකමට රතිඤ්ඤා කියලා හිතලා වෙඩි තියන්න ඇති. (නි)
මේව අහල මට හැම පැත්තෙන්ම හිනායනවා.....(ස)
පොලිසියෙන් මේවා හොයන්න යන්න ඕනේ නැහැ. අපරාදේ කාලේ නාස්ති වෙනවා විතරයි. (නි)
පොලිස් මහත්වරු ප්‍රකාශ විතරක් දෙන්නේ එතනට ගිහින් පරීක්ෂණ නොකරද? (නි)
දකුණේ ආශ්චර්යය දැන් පෙන්වනවා... (නි)
දැං ජනතාව ඡන්දය දෙන්නෙ තියෙන ප්‍රසිද්ධියටයි.. ඒ නිසා කොහොම කොහොම හරි පත්තරේට නම දාගන්න බලන්න.. ඊට පස්සෙ ප්‍රසිද්ධ උනාම නිකම්ම ඡන්දෙ දිනුම්...!! ජය වේවා!(නු)
අනේ, පොලිසිය මුකුත්ම දන්නේ නැද්ද? (නි)
මේව අහල මට හිනායනවා. මේවා සුළු දේවල්..... හරි.හරි. කලබල වෙන්න දෙයක් නැහැ මෙතන. සතුට වැඩිකමට වෙඩි තියන්න ඇති... රටේ ආශ්චර්යය දකුණෙන් දෝරේ ගලනවා ..!! ඔහොම යන්... ඔහොම යන් !!!!! (නි)
පාටියට ගියා මතකයි...කෑව බිව්වත් මතකයි ඊට පස්සේ වෙච්ච දේවල් මට මතක නෑ අනේ.....(ස)
බොහෝ කතා මේ වගේම හතරබීරි කතාවලින්ම අවසන් වනු නියතයි. ආශ්චර්‍යයේ දැන් යන්නේ ඒ අවස්ථාවයි. (ස)
යම්කිසි මන්ත්‍රීතුමෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියල හිතලා රතිඤ්ඤා පත්තුකළා වෙන්න බෑරිද? (නි)
රටේ ආශ්චර්‍ය කොතෙක්ද කිව්වොත් ඒක දකුණෙන් දෝරේ ගලනව වගෙයි .....! (ස)
හැමෝටම හොල්මන්......(ස)
වෙඩි තැබීමක් නොව වෙඩි තැබීමක් පමණි (දී)
හරි ඉතිං ඕකට ඔච්චර කෑගහන්න ඕනෙද . ඊයේ මැච් එක දිනපු සතුටට රතිඤ්ඤා පත්තු කරන්න ඇති.... අපේ මිනිස්සුන්ටත් ඕන නැති දෙයක් නෑ....(ස)
මේ තමයි ආශ්චර්යය (දී)
ඔක්කොම හතර බීරි කතා තමයි (දී)
ගණන් ගැන එපා ඕව දැන් සාමාන්‍ය දේවල් නේ (දී)
ලංකාවේ සේරම දැන් හතරබීරි කතා තමයි තියෙන්නේ.....(ස)
මතක නැතුව ඇති තමයි...(ස)
අපි අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව ඉමුකෝ....(ස)
ඉතින් අපි අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉමුකෝ......(ස)
ඔහොම යන් ඔහොම යන් !!!!! (දී)
ගණන් ගන්න එපා දකුනනේ (දී)
මේ අයටත් ඔක්කොම අමතක වෙලා වගේ...(ස)
එක එක්කෙනා මරාගෙන අඩු උනාම රටවැසියට හොඳයිනේ අපි පාඩුවෙ ඉදිමු...(ස)
හා හා හා මුකුත් වුණේ නෑ...............(ස)
අනේ මුකුත් නෑ ....(ස)
මේ දේශපාලනයේ හැටිනේ. හවසට කියන්නේ එකක්. පහු වෙනිදා උදේට කියන්නේ තවත් එකක්. (නි)
කාවද මේ රවට්ටන්න හදන්නේ.....???(ස)
මේවා සුළු දේවල්.....නීත්‍යානුකූල තත්වයක් නෑ............(ස)
ජය වේවා ....! (ස)
මේකට එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. තවත් මොකක් හරි සැළසුමක් වෙන්න ඇති. (නි)
කතාව හරී පිලි ගන්න පුළුවන්. මොකද හරතර බීරි කට්ටිය තමයි එහෙ ඉන්නේ (දී)