IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගාලු සාදයේ වෙඩි තැබීම හතරබීරි කතාවක් වගේ

දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු වෙඩි තැබීමක් සිදුවූ බවට කිසිදු තොරතුරක් නැතැයි අක්මීමණ පොලීසිය කියයි. එහෙත් අසල්වැසියෝ ද පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ද වෙඩි තැබීමක් සිදුවූ බව ස්ථිර වශයෙන්ම කියති. පොලීසිය කියනුයේ රතිඤ්ඤා පත්තුකරන්නට ඇති බවයි. අසල් වැසියන් පවසනුයේ රතිඤ්ඤා හඩෙත් වෙඩි හඩෙත් වෙනස තමන් දන්නා බවයි. ඇමති ඩී.වී.උපුල් කියනුයේ ඇමතිවරයකුගේ සමීප ඥාතියකු ටී 56 කින් වෙඩි කිහිපයක් තැබූ බවයි. වෙඩි දහසයක් නිකුත් වූ බව අසල්වැසියන්ගේ තක්සේරුවයි. වෙඩි තැබීමක් නොවූ බව උපුල් ඇමති නිවසේ සිටි අයකු කියා ඇතැයි පොලීසිය පවසයි. එහෙත් ඇමති කට උත්තරයක් දුන්නේවත් ඔහුගෙන් කටඋත්තරයක් ගත්තේවත් නැතැයි ද පොලීසිය කියයි.



අදහස් (0)

ගාලු සාදයේ වෙඩි තැබීම හතරබීරි කතාවක් වගේ

ඒ. සී. (අජිත්) Wednesday, 25 July 2012 12:55 PM

කගේ හරි පැමිණිල්ලක් ලැබුනා නම්‍ ඒ ගැන සොයා බැලිම පොලිසියේ රාජකාරිය. එත් කොස් ගෙඩි දෙල් ගෙඩි ‍හදුනන්නේ නැති පොලිස් නිලධාරින් පවා අද රටේ ඉන්නවා....(ස).

:       0       0

මොහොමඩ් Wednesday, 25 July 2012 01:01 PM

හැබැයි මෙතන ඉන්න එක්කෙනෙක්ගේ ගෙදරට වෙඩි තිබ්බොත් නම් මුළු ගමම කුඩේ කුඩු කියලා නම් අපට කියන්න පුලුවන්. (නි)

:       0       0

තිලක් Wednesday, 25 July 2012 07:22 PM

දකුණේ ආශ්චර්යය දැන් පෙන්වනවා... (නි)

:       0       0

සෑම් Wednesday, 25 July 2012 01:16 PM

හම්බන්තොට,තංගල්ල,මාතර,ගාල්ල ඉවරෙටම ඉවරයි.... පොලිසියටත් දේශපාලනයෙන් බලපෑම් ඇති . ඒක වෙන්න ඇති පොලිසිය කට පියාගෙන ඉන්නේ.... ඔක්කොමටම මුල වැරදි පුද්ගලයන් දේශපාලනයේ යෙදීම... ඔය කට්ටිය දේශපාලන විද්‍යාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.... ඕක තම රටේ පිළිලය.... මොක ආවත් එකයි.... අපේ අවාසනාව.......(ස).

:       0       0

මහේෂ් Wednesday, 25 July 2012 01:30 PM

හරි.හරි. කලබල වෙන්න දෙයක් නැහැ මෙතන. සතුට වැඩිකමට රතිඤ්ඤා කියලා හිතලා වෙඩි තියන්න ඇති. (නි)

:       0       0

සිල්වා. Wednesday, 25 July 2012 08:20 PM

දැං ජනතාව ඡන්දය දෙන්නෙ තියෙන ප්‍රසිද්ධියටයි.. ඒ නිසා කොහොම කොහොම හරි පත්තරේට නම දාගන්න බලන්න.. ඊට පස්සෙ ප්‍රසිද්ධ උනාම නිකම්ම ඡන්දෙ දිනුම්...!! ජය වේවා!(නු)

:       0       0

ප්‍රවීන් Wednesday, 25 July 2012 08:47 AM

ගණන් ගන්න එපා දකුනනේ (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 25 July 2012 08:53 AM

හැමෝටම හොල්මන්‍‍......(ස)

:       0       0

ගුනේ අයිය Wednesday, 25 July 2012 09:11 AM

වෙඩි තැබීමක් නොව වෙඩි තැබීමක් පමණි (දී)

:       0       0

චමින්ද Wednesday, 25 July 2012 09:14 AM

හරි ඉතිං ඕකට ඔච්චර කෑගහන්න ඕනෙද . ඊයේ මැච් එක දිනපු සතුටට රතිඤ්ඤා පත්තු කරන්න ඇති.... අපේ මිනිස්සුන්ටත් ඕන නැති දෙයක් නෑ....(ස)

:       0       0

පාලිත Wednesday, 25 July 2012 09:14 AM

මේ තමයි ආශ්චර්යය (දී)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 09:18 AM

ඔක්කොම හතර බීරි කතා තමයි (දී)

:       0       0

ශා Wednesday, 25 July 2012 09:18 AM

ගණන් ගැන එපා ඕව දැන් සාමාන්‍ය දේවල් නේ (දී)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 09:23 AM

ලංකාවේ සේරම දැන් හතරබීරි කතා තමයි තියෙන්නේ.....(ස)

:       0       0

අශිනි Wednesday, 25 July 2012 09:25 AM

මතක නැතුව ඇති‍‍ තමයි...(ස)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 09:28 AM

අපි අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව ඉමුකෝ....(ස)

:       0       0

නිරාන් Wednesday, 25 July 2012 10:36 PM

අනේ, පොලිසිය මුකුත්ම දන්නේ නැද්ද? (නි)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 09:28 AM

ඉතින් අපි අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉමුකෝ......(ස)

:       0       0

එරංග Wednesday, 25 July 2012 02:45 PM

මේව අහල මට හැම පැත්තෙන්ම හිනායනවා.....(ස)

:       0       0

නන්දා Wednesday, 25 July 2012 02:54 PM

පොලිසියෙන් මේවා හොයන්න යන්න ඕනේ නැහැ. අපරාදේ කාලේ නාස්ති වෙනවා විතරයි. (නි)

:       0       0

මහී Wednesday, 25 July 2012 11:25 PM

මේව අහල මට හිනායනවා. මේවා සුළු දේවල්..... හරි.හරි. කලබල වෙන්න දෙයක් නැහැ මෙතන. සතුට වැඩිකමට වෙඩි තියන්න ඇති... රටේ ආශ්චර්යය දකුණෙන් දෝරේ ගලනවා ..!! ඔහොම යන්... ඔහොම යන් !!!!! (නි)

:       0       0

හරමානිස් Wednesday, 25 July 2012 09:39 AM

ඔහොම යන් ඔහොම යන් !!!!! (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 26 July 2012 02:08 PM

යම්කිසි මන්ත්‍රීතුමෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියල හිතලා රතිඤ්ඤා පත්තුකළා වෙන්න බෑරිද? (නි)

:       0       0

ලාල් අල්විස් Wednesday, 25 July 2012 09:53 AM

රටේ ආශ්චර්‍ය කොතෙක්ද කිව්වොත් ඒක දකුණෙන් දෝරේ ගලනව වගෙයි .....! (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 25 July 2012 10:09 AM

මේ අයටත් ඔක්කොම අමතක වෙලා වගේ...(ස)

:       0       0

සමන්ති Wednesday, 25 July 2012 10:14 AM

එක එක්කෙනා මරාගෙන අඩු උනාම රටවැසියට හොඳයිනේ අපි පාඩුවෙ ඉදිමු...(ස)

:       0       0

ජෝන් Thursday, 26 July 2012 01:00 AM

පාටියට ගියා මතකයි...කෑව බිව්වත් මතකයි ඊට පස්සේ වෙච්ච දේවල් මට මතක නෑ අනේ.....(ස)

:       0       0

අසේල Wednesday, 25 July 2012 10:22 AM

හා හා හා මුකුත් වුණේ නෑ...............(ස)

:       0       0

ෆාරු Wednesday, 25 July 2012 10:29 AM

අනේ මුකුත් නෑ‍‍‍‍ ....(ස)

:       0       0

කුමාරි Wednesday, 25 July 2012 10:33 AM

මේ දේශපාලනයේ හැටිනේ. හවසට කියන්නේ එකක්. පහු වෙනිදා උදේට කියන්නේ තවත් එකක්. (නි)

:       0       0

සන්ජීව Wednesday, 25 July 2012 10:41 AM

කාවද මේ රවට්ටන්න හදන්නේ‍‍‍.....???(ස)

:       0       0

වාසනා Wednesday, 25 July 2012 10:46 AM

මේවා සුළු දේවල්.....නීත්‍යානුකූල තත්වයක් නෑ............(ස)

:       0       0

අචිනි Wednesday, 25 July 2012 10:56 AM

ජය වේවා ....! (ස)

:       0       0

ලලිත් Wednesday, 25 July 2012 10:57 AM

මේකට එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. තවත් මොකක් හරි සැළසුමක් වෙන්න ඇති. (නි)

:       0       0

චන්න Wednesday, 25 July 2012 11:01 AM

කතාව හරී පිලි ගන්න පුළුවන්. මොකද හරතර බීරි කට්ටිය තමයි එහෙ ඉන්නේ (දී)

:       0       0

සිලෝන් චුල Wednesday, 25 July 2012 11:10 AM

පාටියට ගියා මතකයි .... සදෙකුත් අවා . .... ඊට පස්සේ මතක නැ නේ ...... (දී)

:       0       0

නිකුම් Wednesday, 25 July 2012 11:22 AM

කව්ද කියන්නේ වෙඩි තිබ්බ කියල. මමත් ගියා ඕකට (දී)

:       0       0

අනා Wednesday, 25 July 2012 11:42 AM

දුමින්ද සිල්වාගේ ජීවන තොරතුරු ගැන පොතක් ලියල ලග ඉදන් කියවන්න එතකොට මතක් වෙයි කරපු නින්දිත වැඩ ඔක්කොම (දී)

:       0       0

බිම්සර Wednesday, 25 July 2012 11:49 AM

මේ රටේ දැන් සිදුවෙමින් පවතින පරිහානියට දේශපාලකයින් වගකිව යුතුයි. (නි)

:       0       0

ට්‍රිෂාන් Wednesday, 25 July 2012 05:04 PM

පොලිස් මහත්වරු ප්‍රකාශ විතරක් දෙන්නේ එතනට ගිහින් පරීක්ෂණ නොකරද? (නි)

:       0       0

රංග Wednesday, 25 July 2012 12:10 PM

මෙහෙමත් පොලිසියක් ?????? (ස)

:       0       0

සන්ජය Wednesday, 25 July 2012 12:10 PM

මමනම් හිතන්නේ චීන පටස් වෙන්න ඇති....(ස)

:       0       0

මදු Wednesday, 25 July 2012 12:17 PM

හීනෙන් මෙයා කාට හරි වෙඩි 16 තියල වගේ.....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 26 July 2012 09:13 AM

බොහෝ කතා මේ වගේම හතරබීරි කතාවලින්ම අවසන් වනු නියතයි. ආශ්චර්‍යයේ දැන් යන්නේ ඒ අවස්ථාවයි. (ස)

:       0       0

කැලුම් Wednesday, 25 July 2012 12:20 PM

හතර බීරි කතාවක්.......... ළමයිනේ, නැවතත් අපේ රටට නරක කාලයක් ලබලා වගෙයි. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 25 July 2012 12:25 PM

ඒ කියන්නේ පොලිසියටවත් බැරිද රතිඤ්ඤා ශබ්දයක් සහ වෙඩි ශබ්දයක් වෙන්කර හදුනා ගන්න? (නි)

:       0       0

මාතර Wednesday, 25 July 2012 12:27 PM

මුලින් දේවල් මතකයි. ඉන්පසු දේවල්ද මතකයි. නමුත් වෙඩි තැබූ බවක් මතක නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 760 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site