ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගනිද්දී ඇතිවූ කලබලය සංසිදුවීමට අද පාසල වැසීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා තීරණය කළේය. විදුහල්පති පොලිස් ආරක්ෂාව ද සහිතව කාර්යාලයට පැමිණ වැඩ බාර ගනිද්දී සිසුන් සිය ගණනක් පන්ති වර්ජනය කොට එළියට බැස කෑ කෝ ගසන්නට වූහ. වතුර පිරවූ සිලි සිලි බෑග් ද ගල් මුල් ද පොලීසියට එල්ලවිය. පොලීසියේ ඇතැම් සාමාජිකයනට ගල් මුල් සහ වතුර වැදුණි. මව්පියෝ පිරිසක් ද පාසල් ගේට්ටුවෙන් පිටත සිට කෑ කෝ ගසති. විදුහල්පතිවරයාගේ රථයට ද හානි සිදුව ඇත. සිසුන්ගේ හා මාපියන්ගේ ඉල්ලීම වී ඇත්තේ නව විදුහල්පති පාසලට නුසුදුසු බවයි. විදුහල්පති වරයා පවසන්නේ නීත්‍යානුකූල පත්වීමක් ලබා පැමිණි බැවින් මව්පියන් හා සිසුන් තමන්ට එරෙහිවීමට හේතුවක් නොමැති බවයි. හිටපු විදුල්පති එෆ්. වෙලේගේ මහතා දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කැර සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මණින් සරසවි වල තත්ත්වයටම පත්වේවි. (නි)
මෙකනම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් මේකෙ පිටුපස කවුරුන් හො ඉන්නවා (ස)
විද්‍යාලෝක විදුහලේ ඉතිහාසය පුරාවටම සිටි හොදම විදුහල්පති ඔහුයි (නි)
වැඩ බැරි ටාසන්ලා තමයි ඔය පැත්තේ ඉන්නේ (ස)
ඇයි මෙහෙම දෙයක් උනේ කියල පැහැදිලි නැහැ. (ස)
කර්නල් කෙනෙක්ව දාමු (නි)
රටට මොකද මන්දා මේ වෙන්නේ? (නි)
අධ්‍යාපන වසංගතය රටින් තුරන් කරමු , උගත් මෝඩයන් බිහි කරමු (ස)
වෑරදි කෙතරම් තිබුනත් නීතිය අතට ගෑනීම බූරු වෑඩකි, එහෙත් නීතියක් නෑති රටකට වෙන කරන්නට දෙයක් නෑත. (ස)
කෝ අර අපේ දකුණේ වීරයා (ස)
මෙය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙන බව මට තේරෙනවා (ස)
අපේ පළාතේ ටවුමේ ඉස්කෝලෙකත් ජරා විදුහල්පති කෙනෙක් ඉන්නවා. ළමයි ඉස්කෝලෙට දානකොට ගානට සල්ලි ගන්නවා. දැන් ගාන රු 60,000/- යි. අල්ලන්න බෑ.ඒ එයා ටීම් එකක් විදිහට වැඩේ දෙන නිසා. ගේමේ පුරුක්වල දේශපාලන නියෝජිතයොත් ඉන්නවා. ඉතින් මෙයා තනි වෙලා නැති නිසා එලවන්න නම් බැරි බව ප්‍රදේශවාසීන් හොදින් දන්නවා. එහෙම බලනකොට පුද්ගලික පාසල් හොදයි කියලා හිතෙනවා. මොකද එකට දැම්මත් ඔය සල්ලි ගෙවන්න එපායෑ. (ස)
මේ පිටුපස අනිවාර්යයෙන්ම දේශපාලන හෙංචයියෙක් ඉන්නවා ඇති . (ස)
හිටපු සර්ට වඩා හොඳයිද ?(ස)
කොල්ලනි ඔහොම නොකරන් ඔට සර්ලාට .........(ස)
දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන විමසිලිමත් වෙනවනම් හොදයි(ස)
දේශපාලන පත්වීමක්ද ?? අනේ රටකට ගිය කලක් (ස)
ගයා, ඔයා යන්නකෝ ඉතිං විදුහල්පතිකමට. කරන්න තියෙන්නේ එතුමාට ටිකකලක් වැඩ කරන්න දීලා වැඩ හොද නැත්නම් අදාල අංශ වලට දන්වන එකනේ. (නි)
රටේ පාලකයෝ ආදර්ශමත් වෙන්න එපැයි ඔක්කෝටම කලින් (ස)
මවි පිය වරුනි තව පොඩ්ඩක් ඉවසන්න වේවැල් මාම විගහට ඒලියට ගන්න ඔය දරු පැටවු යහ මගකට ගෙන ඔන්න නැත හොත් ඔබට වෙයි හොදටම දුක් වන්න (ස)
පෙටිටයක් උස්සන් පෙලපාලි යන්න . අනාගතේදිත් ඕවනේ කරන්න වෙන්නේ..(ස)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල (ස)
ගුරු ගෞරවය නැති කම..ප්‍රශ්නයක් විසඳ ගන්න හැටි නොදන්න මේ වගේ අයද රට භාරගන්න යන්නේ . දකුණේ නමටත් ලැජ්ජයි (ස)
සමාවෙන්න මෙහෙම කිව්වට .... ඇයි මේ දෙමාපියෝ මේ තරම් විරුද්ධ , මේ විදුහල්පතිගේ චරිතවත්බවේ වරදක්ද ?(ස)
මොකද මේ අධ්‍යාපනයේ හැම තැනම මඩ ගොහොරු ?(ස)