සිරංගිකා ලොකුකරවිට
ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය තමන් විසින් ගිල්වන ලද පිළිමයක් බව කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වගෙන යන ජනක ද සිල්වා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ දිය යට මූර්ති නැරඹීමේ කලාව විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය බැවින් එය ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට තමන් විසින් මෙම පිළිමය මුහුදේ ගිල්වා තැබූ බවයි.
වර්තමානයේ සංචාරක හෝටල්වල උද්‍යාන අලංකරණය සඳහා බහුලව භාවිතා කරන සිමෙන්ති මූර්තියක් තමන් විසින් කොටුව ආසන්න මුහුදේ කොරල් පර අතර ගිල්වූ බවත් කාලයත් සමඟ කොරල් පරිසරයේ කොටසක් බවට පත්වන මෙම පිළිමය විදේශිකයන්ට පෙන්වීමෙන් ඔවුන් ඒ කෙරෙහි ආකර්ශනය වන ආකාරය ගැන අධ්‍යයනය කිරීම තම අපේක්ෂාව වූ බවත් ඔහු පවසයි.
ජනක ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
''මේ පිළිමය මුහුදේ ගිල්වා තැබුවාම එහි කොරල් බැඳෙනවා, විවිධ බෙල්ලන් වර්ග ඇවිත් එහි සිටිනවා. පෙඳ බැඳෙනවා. මෙලෙස දිය යට තිබෙන කලාගාර නැරඹීමට විදෙස් සංචාරකයන් විශාල කැමැත්තක් දක්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ කලාව එතරම් ජනප්‍රිය නැහැ. මට අවශ්‍ය වුණේ මේ ගැන අධ්‍යයනයක් කර ඒ කලාව මේ රටේ ජනප්‍රිය කරන්න පුළුවන් ද කියා බලන්න.
මා මේ පිළිමය මෙතැනට ගෙන යාමට පෙර ගත් ඡායාරූප තියෙනවා. මුහුදේ ගිල්වූ අවස්ථාවේ ගත් ඡායාරූප තිබෙනවා. ඒ වගේම මුහුදේ ගිල්වන වීඩියෝ තිබෙනවා. මේ පිළිමය දැකපු මේ කලාව ගැන නොදන්නා අය මේක අමාරුවෙන් ගොඩ අරගෙන පන්සලට බාර දීලා ඒ වගේම මාධ්‍ය මගින් මේ පිළිමයට විශාල ප්‍රචාරයක් දුන්නා. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්. මේ කලාව රටේ ජනප්‍රිය කරන්න පුළුවන්.
මේ පිළිමය සම්බන්ධයෙන් ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සිදුකර තිබිණි. ඔහු එහි කියා තිබුණේ මේ පිළිමය මුහුදට දැමූ තැනැත්තා හා එය දැමූ ආකාරය තමන් දන්නා බවයි.
නමුත් එම පිළිමය මුහුදට දැමූ අවස්ථාවේ දී ද තමන් විසින් එයට විරෝධය දැක්වූ බවත් පසුකාලීනව ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන එය සිදුකළ ජනක ද සිල්වා මහතා දැනුම්වත් කළ බවත් ඔහු තම සටහනෙන් පවසා තිබිණි.
මේ පිළිමය තරුණයන් විසින් ගොඩට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදීමෙන් ම එහි හානිකර තත්ත්වය පැහැදිලිවන බව ද හෙතෙම කියා තිබිණි.
වෛද්‍ය රූබන් මහතා සිය සටහන තබා තිබුණේ මේ අයුරිනි.
''ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම්. ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබුණා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කලාකරුවෙකු විසිනුයි.
මම මේ පිළිමය දැකපු හැටියේම එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුණා. එපමණක් නොවෙයි,මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ.
කොරල් පරය තුළ පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි. මෙම පිළිමය මා දකින විට ගත් ඡායාරුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි.
හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. මාගේ මිතුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ. කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි''
ගාල්ල මුහුදෙන් හමුවූ පිළිමයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සෙවීමට පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැත.
පිළිමය ඉතා මෑතක දී සිමෙන්තියෙන් නිර්මාණ්ය කරන ලද සාමාන්‍ය උද්‍යාන අලංකරණයට භාවිතා කරන්නක් බව පැහැදිලිය. පර්යේෂණ කරන්න යෑම කාලයත් මුදලත් නාස්ති කිරීමකි. කෙසේ වෙතත් පිළිමය මුහුදට දැමූ ජනක ද සිල්වා මහතා පවසන්නේ මුහුදේ මෙවැනි පිළිම දමා කලාගාරයක් නිර්මාණය කිරීමෙන් සංචාරක කර්මාන්තයට එය ඉවහල්වන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වංචා බිස්නස් එකක්. ප්‍රතිමාව මුහුදේ ගිල්ලලා තිබුණහම කොරල් බැඳීම නිසා පැරැණි පෙනුමක් ලැබේ. ඊටපස්සේ පැරැණි ප්‍රතිමාවක් කියලා විකුණනවා.
බුදු පිළිම වෙනුවට වෙන මූර්ති යොදාගෙන මහජනතාව සහ අදාල පාර්ශව දැනුවත්ව මේ දෙය නැවත කරන්න. ඉතාම නිර්මාණශීලි අදහසක්. කෙනෙක් අලුත් දෙයක් කරද්දී අකුල් හෙලන්න හොඳ නෑ. වැරදි හදාගෙන ඉදිරියට යන්න ඔබට හැකි වේවා!
ජනකගේ උත්සාහය අගය කළයුතු වෙනවා. අනාගතයේ මෝඩ මිනිස්සු නැතිවෙයි පිළිමය දෙයියෝ දැම්මා කියන්න.
දියයට මූර්ති නැරඹීමේ කලාව විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය කරවීම මගින් ලංකාවට හොඳ අාදායමක් ලබාගත හැක.
මේ කපටි වෙළෙන්දා බැලුවේ සිමෙන්ති පිළිමය මුහුදේ ගිල්වා තබා පරණ පෙනුමක් ලබාදී කවුරු හරි මෝඩයෙකුට විකුණන්න. කපටි මේ ගොල්ලෝ හදන දියයට කලාගාර...
මෙය පුරාවස්තු ලෙසට හෝ පැරණි දේවල් ලෙසට වංචනිකව සකස්කර සංචාරකයින් රවටා මුදල් සොයාගැනීමට කරන තවත් එක් උප්පර වැට්ටියක්... මෙවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා සංචාරක කර්මාන්තයට කරන්නේ විශාල හානියක්. රටට ලබාදෙන්නේ විශාල අපකීර්තියක්...
ව්‍යාපාරිකයින්ගේ පවතින දුෂ්ඨ වු චේතනාවන්ගේ තරම.
ඕනෑම ව්‍යාපාරයක් කලාවක් දියුණු කරගන්න. බුදු රුවට නිගා නොකර. ඔහු බෞද්ධයෙක් නම් සමාව ගත යුතුයි.
සංචාරක කර්මාන්තය දියුණු කරන්න බුදු පිළිමයක්ම මුහුදේ ගිල්වලා තියන්න ඕනද? බුදුන්වහන්සේට අපහාස වෙන මෙවැනි ආකාරයේ අපරාධ නොකර වෙනත් පුද්ගලයෙකුගේ පිළිමයක් මුහුදට දමන්න තිබුනා නේද?
හොඳ අදහසක් ඒක. බොරුවට හැමදේටම විරුද්ද වෙන්න හොඳ නැහැ.
මේ වැඩේට බුදු පිළිමයක්ම මුහුදෙ ගිල්වන්න ඕනිද? වෙනත් අඹාපු පිළමයකින් ඔය පරීක්ෂණේ කරන්න බැරිද?
හිතුමතේට අනවසරයෙන් මෙවැනි පිළිම කොරල් පර අස්සේ දමපු පුද්ගලයාට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? ස්වභාවික කොරල් පර වලට හානි කිරීම හෝ ඒවා වෙනස්කිරීම නීතියට පටහැනි නැද්ද
කවුදෝ මෝඩයෙක් කියලා තිබුණා මේ පිළිමය " රාවනා රජුගේ" කියලා...
මේවා විකුණගෙන කාලා හරි අපි ජීවත් වෙමු අනේ.... වෙන මොනවා කරන්නද නේද?
මේවාට කියන්නේ මාර්කටින්ග්.. කියලා..
මේ කවුරුත් එකතුවෙලා සිංහලයාගේ ඉපැරණි යට ගියාව වසා දමන්නයි හදන්නේ. මේවා තමයි විදේශ කුමන්ත්‍රණ. විජයට පෙර අපේ රටේ රාවණා, තාරකා, බලි, මහ සම්මත ආදී චක්‍රවර්ති රජවරුන් සිටි බව, කුමාරතුංග, අහුබුදු වැනි ලෝ පතල පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. මේ පිළිමය සමහර විට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පිළිමයක් වෙන්නත් බැරි නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන වහාම ඉදිරිපත් වී සොයා බැලිය යුතුය. මෙය හෙළයා ගේ යටගියාව පිලිබඳ විශේෂඥයෙකු වන සුරිය ගුණසේකර මහතාගේ අවධානයට යොමු වේවා!
"මාගේ මිතුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින්" මිතුරුකම ෆිනිෂ්...
වරදවා වටහාගන්න එපා. මෙය බුදු පිළිමයක් නොවෙයි. නමුත් ව්‍යාපාර මට්ටමෙන් කරන මෙවැනි දේවල් සඳහා පොදු ස්ථාන යොදා ගැනීම ගැන නැවත සිතා බලන්න වෙනවා.
උද්‍යාන අලංකරණය සදහා බුදුපිළිම භාවිතා කරන්න පුලුවන්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ ගැන මොකද කියන්නේ? වෙන ආගම්වල පිළිරූ හෝ සංකේත උද්‍යාන අලංකරණයට භාවිතා කරනවද? එහෙම කළොත් වෙන දේ මොකද්ද? රජය ගන්න ක්‍රියාමාර්ගය අපි හොඳටම දන්නවා.
අපරාදේ මේ මනුස්සයා ගමේ මිනිහෙකුට දේවාලයක් අටවගෙන කීයක් හරි හොයාගන්න තිබුණු අවස්ථාව නැති කලානේ...
සංචාරකයින්ගෙන් මුදල් ගන්න සිංහල බෞද්ධ මිනිසුන් කරන ඒවා තමයි.
ද සිල්වා මහතාණනි, ඇයි ඔබගේ අධ්‍යයනයට වෙනත් ආගමක ශාස්තෘවරයෙකුගේ පිළිරුවක් යොදා නොගත්තේ !.. එය ඉතා පැහැදිළියි. ඇතැම්විට ඔබ බෞද්ධයෙකු නොවිය හැකිය. බෞද්ධාගම අවිහිංසාවාදී බව සැබෑය. එ්ත් බෞද්ධාගමිකයින් මෙතරම් රිදවන්න එපා. මෙය ව්‍යාපාරික අරමුණකින් කළත්, නොකළත් බුදු පිළිමය ගිල්වා දැමීමේදී ඔබ සිතට දුකක් දැනුනේ නැත්ද..?
මෙය සැබෑ තොරතුරක් නොවේ.
මෙම කලාකරුවා දිරිමත් කල යුතුයි. ලෝකයේ සමහර මුදු පතුල් වල මෙවැනි කළා කෘති තිබෙනවා.
බොරු කියන්න එපා. මේක රාවනා රජතුමාගේ පිළිමයක්... මගේ පරීක්ෂණවලින් ඒක ඔප්පුවුණා.
බුද්ධාගමට කරන මදි පුංචි කමක් තමයි මේ කරලා තියෙන්නේ. මේවා නීතියෙන් තහනම් කල යුතුයි.
ජනකට තිබුණේ ජනකගේ තාත්තාගේ පිළිමයක් මුහුදට දාන්න... තාත්තා කවුද කියලා දන්නවා නම්... මේ වගේ බෝසත්රුවට සමාන පිළිමයක් මුහුදට දාන්නේ නැතුව...
සංචාරක කර්මාන්තය දියුණු කරන්න බුදු පිළිමයක්ම මුහුදේ ගිල්වලා තියන්න ඕනද? බුදුන්වහන්සේට අපහාස වෙන මෙවැනි ආකාරයේ අපරාධ නොකර වෙනත් පුද්ගලයෙකුගේ පිළිමයක් මුහුදට දමන්න තිබුනා නේද?
සමහරු බුදු හාමුදුරුවන්ගේ ඔලුව පමණක් තිබෙන පිළිම හෝටලවල ලස්සනට තබල තියනවා , මේ පිළිමයත් නිර්මාණය කරලා තිබෙන්නේ අතපය කපු එකක ලෙසට ,ක්‍රිස්තියානි , මුස්ලිම් , හින්දු ආගම් වලට ප්‍රමුකස්ථානය දෙන රටවල එම ආගම්වල ශර්ස්තුවරයන්ගේ පිළිම මේ විදිහට නෙලලා (කොටස් වශයෙන් නෙලලා සැරසිලි වශයෙන් යොදා ගැනීමක් කරන්නේ නැහැ ) කරුණාකර ලංකාවෙත් සැරසිලි වශයෙන් බුදුහාමුදුරුවන්ගේ සහ අනිකුත් ආගමික ශාස්තෘ වරුන්ගේ කොටස් වශයෙන් තිබෙන ප්‍රතිමා යොදාගන්නන්ට විරුධව නීතියෙන් දඩුවම් කල හැකි විදිහට නීති සම්පාදනය කරන්න , අනික මුහුදේ තිබෙන ස්වාහ්භාවික කොරල් පර අතර මේ විදිහට සිමෙන්ති ප්‍රතිමා , ඉදිකිරීම් සහ කුණු වැනි අපද්‍රව්‍ය දැමීම වැනි දේවල් දැමීම හෝ ඒවා කැඩීම වෙනස් කිරීම නීති විරෝධී , කරුණාකර මේක කරපු පුද්ගලයට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න , නැත්නම් මේක අලුත් කලාවක් කියල තව තව පුද්ගලයන් ලංකාවේ තිබෙන කොරල්පරවල සිමෙන්තියෙන් කල ප්‍රතිමා තැන්පත් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්