ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී බදාදා (14) පැවැත්වෙන දිව්‍ය පූජාවට එන ජනයා වෙනුවෙන් හලාවත සහ අලුත්ගම සිට කොළඹ දක්වා නොමිලේ ශ්‍රී ලංගම බස් සේවා සහ හලාවත සහ අලුත්ගම සිට කොළඹ දක්වා අර්ධ ගාස්තු සහිත විශේෂ දුම්රිය සේවා පැවැත්වෙන බව නව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
කතෝලික බැතිමතුන් වෙනුවෙන් මෙම සහන ලබාදීමට හැකිවීම විශේෂ පුණ්‍ය කර්මයක් බවද අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බෞද්ධයෙක් උනත් ගොඩක් සතුටුයි මෙ වැඩේට නම් (නදී)
සරත් මේක දේශපාලන ගේමකට නොවෙයි යහපත් අරමුණකින් කරන වැඩක් එවැනි දෙකට වචනයකින්වත් අකුල් හෙලන්න එපා! (අ)
සරත්, මේක චන්දයක් නෙවේ, අපේ රටේ මිනිස්සු අදහන එක ආගමික උත්සවයකටයි මේ බස් දෙන්නේ, බුද්ධිමත් විදියට හිතන්න දැන්වත් පුරුදු වුනානම් හොදයි නේද? (අ)
හොඳ පුණ්‍ය කර්මයක්. ගිය මාසේ ආණ්ඩුව පාවිච්චි කළේ ඡන්ද අල්ලස් වලට නේ. මේක පින්කමට (නදී)
ඔය සරත් නමින් අදහස් දාන පුද්ගලයා ගැන, මට අවුරුදු හතරක කාලයක එසැණහි සැරිසරා හොද අවබෝධයක් තියෙනවා. විශ්‍රාම ගියා නම් ඉන්නකෝ මහත්තයෝ පැත්තකට වෙලා ආපහු මෙතනට රිංගන්න එන්නේ නැතුව. (නදී)
දේසපාලන වැඩවලට සෙනග නොමිලයේ ඇද්ද එකේ ආගමට නොමිලයේ දෙන එක වරදක් නොවේ (අ)
සරත් ලංකාවේද නැත්නම් අරාබියේ කෙනෙක්ද? මමත් බුද්ධාගමේ තමා (නදී)
මම බෞද්ධ කෙනෙක් කෙනෙක් හැටියට අන්‍යාගම් වලට ගරු කරන නිසා මේ වැඩේ අගය කරනවා. කවුරුන් වුනත් තමන්ගේ ආගම හොදින් අදහගෙන ඉන්න එකට සතුටු වෙන්න ඕන. එහෙම නොවුනම තමයි ප්‍රශ්න. (නදී)
කිසිම දොසක් කියන්න බැහැ. පසුගිය ඡන්දෙදී පාවිච්චි කරපු ලංගම බස්වල හැටියට මේවා මොනවද....? (නදී)
කරුණාජීව. ඕව එපා නිසා නේද අලුත් කට්ටියක් ගත්තේ? (ස)
ගොඩක් හොඳයි.පහුගිය මාසයක් පුරාවටම තිබුණු රජයේ දේසපාලන වැඩවලට සෙනග ඇද්ද එකේ මේක කොච්චර හොඳ එකක්ද. (ස)