පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අයට මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රකාශ නොකළේ යැයි ඩි වී උපුල් දකුණු පළාත් ඇමතිවරයා එසැණ සමග කෙටි සාකච්ඡවකට එක්වෙමින් පැවසිය.
ප්‍රශ්නය - පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල්ගසා මරා දමන බවට ඔබ ප්‍රකාශ කළේ කුමන හේතුව නිසාද?
පිළිතුර - මම කොහෙද එහෙම කියලා තියෙන්නේ? ආණ්ඩුවේ පත්තර කඩමලුයි රූපවාහිනියයි එක්ක එකතු වෙච්ච බොරු පත්තර කාරයෝ ටිකක් මට විරුද්ධව ගොතන බොරුවක් ඕක. මම කිව්වේ අලුතෙන් හදපු පොලිසිය කරන වැරදිවලට මිනිස්සු එකතුවෙලා ගල් ගැහුවත් මම ඒ දිහා බලන් ඉන්නවා ඇරෙන්න බේරන්න යන්නේ නැහැ කියලා.
ප්‍රශ්නය - මොකක්ද ඔබ කියන ඔය අලුතෙන් හදපු පොලිසිය?
පිළිතුර - පාර්ලිමේන්තුව හරහා පොලිස් කොමිසමක් දාලා ඔය අලුතෙන් හදලා තියෙන්නේ මොකක්ද පොලිස් ඒකකයක්.
ප්‍රශ්නය - ඇත්තෙන්ම ඔබ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ගැන දන්නෙම නැත්ද?
පිළිතුර - බොරු ලියන පත්තර කාරයෝ ඉන්න බොරු පත්තරවල ලියලා තිබුණු දේකින් මම ඔය ගැන දැක්කා.
ප්‍රශ්නය - ඇයි ඔබ බොරු පත්තර කාරයෝ ලියන ලිපි තියෙන බොරු පත්තර බලන්නේ?
පිළිතුර - නිකන් ඉන්න වෙලාවට කම්මැලි කමට බොරු පත්තරයක් හරි බලනවා.
ප්‍රශ්නය - දැන් ඔබට රට යන්නත් බැහැ නේද?
පිළිතුර - මම අවුරුදු දෙක තුනකටවත් රට යන කෙනෙක් නෙමෙයි. ඔය පාස්පෝට් එකෙන් මට වැඩක් නැහැ. හැබැයි රහස් පොලිසියට විරුද්ධව මම සඳුදාට නඩු දානවා. මගෙන් කටඋත්තරයක්වත් ගන්නේ නැතිව මගේ පාස්පෝට් එක අවලංගු කළාට. ඊට අමතරව බොරු පත්තර කාරයන්ට විරුද්ධවත් මම නඩු දානවා.
ප්‍රශ්නය - ඔබට පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ නැත්ද?
පිළිතුර - කවුරුවත් මට කතා කළේ නැහැ.
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙයිද?
පිළිතුර - 29 වතාවක් පරාද වෙච්ච එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව ගෙදර යවලා සන්ධාන ආණ්ඩුවක් හදලා එකේ අගමැති කරන්නේ අපේ මහින්ද මහත්තයා.
ඩී.වී.උපුල් තිස්සමහාරාමයේදී කළ කථාවේ වීඩියෝව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දිව දෙකේ අයටයි, ඡන්දෙ දෙන අයටයි තමයි ගල් ගහලා මරන්න ඕනෑ (නි)
කව්ද කියලා තිබුන මෙයාගේ බස් තංගල්ලේ මාර්ග නීති සත පහකට මායින් කරන්නේ නැතිව දුවනවා කියා. පොඩ්ඩක් බලාගෙන ඉන්න ඔය චන්ඩිකම් නවතින හැටි ඉදිරියේදී. (නදී)
කතාවෙන් තේරෙනවා මෙයාගේ වැඩ (නදී)
දැන් එතකොට අපිද බොරු කියලා තියෙන්නේ? (නි)
සමහරුන්ට ඇඟ තිබුනට මොළය නැහැනේ (නි)
මට දුක මේවගේ අයට ඡන්දෙ දෙන මිනිසුන් ගැනයි. (ර)
මහින්දගේ ඉතුරු ඡන්ද ටිකත් කැඩුණද මන්ද (බ)
මෙයාගේ හිතේ අපිත් මෙයා වගේ හරක් කියලා. (ම)
ෂික්! මේ වගේ මිනිස්සුනේ ජනතා නියෝජිතයෝ වෙලා ඉන්නේ...(ම)
ඇත්තටම ඔහු එහෙම දෙයක් කියලද? වීඩියෝ කළ සාක්කි තියනවද? නැතිනම් කපුටු හත්දෙනාගේ කතාව වගේ එකක්ද? (ම)
ඒ වෙලාවේ බීල ඉන්න ඇති කියපු ඒවා අමතක වෙන්න. හොර පෙරකදෝරු මහත්තයෙකුත් ළඟ තියාගෙන තමයි කියවල තියෙන්නෙ.පොලිසියෙන් නඩු දැම්මොත් බේරගන්න වෙන්න ඇති.(ම)
මේ වගේ අයට ප්‍රචාරයක් දෙන්න එපා. (ර)
මේ වීඩියෝ දර්ශනයම ඇති මේ කතාව ඔප්පු කරන්න. (ර)
ජයා, උඩතියන වීඩියෝ එක බැලුවේ නැද්ද.? (ර)
මහින්දගේ පාලනේ තිබුණ රුදු බව නේද මේ, තවත් අගමැතිත් කරන්න හදනවා, මුන්ට රට ගියොත් රටම අනාතයි..(ම)
මෙහෙමත් හොරු මුන් හිතනවා අපි මේවා විස්වාස කරන්නයි කියලා. (ම)
මහින්ද මහතා දැන් දෙසැරයක් හිතන්න වෙනවා මේ වගේ හරක් එක්කද වැඩ කරන්නේ කියල. මේ කතාවේ හොඳටම ඇහෙනවා ඔහු කියන දේ, (ම)
විශ්‍රාමික ජනාධිපති සහ උපුල් මන්ත්‍රීවරයා රිච්මන්ද්වරුන් වීම ගැන ,ලැජ්ජයි (ම)
එහෙම නම් මේ ඇහෙන්නේ කව්රු කියපුව වෙන්න ඇතිද. ? (ර)
පසුගිය පාලනයේ පහත් බවත්, ඔවුන් නීතිය තමන්ගේ කුණු ඇදීම වෙනුවෙන් සරමේ ඔතාගෙන සිටි බවත් මේ කතා වලින් හොඳින්ම පැහැදිලි වෙනවා. (නි)
ඕක කියන්න කියලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ (නි)
ඔලුව ,බඩ ,කඳ, ලොකු උනාට චාන ශක්තිය නැහැ. මේ කියන දේවල් බොරු කරන්නේ කොහොමද ? මහින්ද රාජපක්ෂද ? (නදී)
මේ ප්‍රශ්න අහනකොට බය නැතුව කියන්න මගේ අතේ තියෙනවා, රෙකෝඩ් එක අහන්න ආසද කියලා. (නි)
එයා ඒ කතාව කියල සද්ද නොකර හිටියනම් ඉවරයි...මේ වගේ ගොඩක් අය ගිය ආණ්ඩුවේ හිටිය .. (කේ)
දාමරික කතාවක් ප්‍රසිද්ධියේ කිවුවා මදිවට දැන් මෙයා, බොරුකාරයෙකුත් වෙලා ඉවරයි. මෙහෙව් තක්කඩින්ද ආපහු බලයට එන්න වලිකන්නේ?? (කේ)
මේක පුදුම කතාවක්නේ හැබෑට? (නි)
ඇස්,කන, තියෙන ඕනෑම කෙනෙකුට පෙනෙන දේත් නැහැ කීයල ඔප්පු කරන්න හදන මෙම කල්ලිය කෝටි ගණන් වංචා දුෂණ කලා කියල කිසිදාක පිලි ගනීවිද? (නදී)
ගල් ගහලා මරනවා කියලා කියන්නේ නැහැනේ. " ගල් ගහලා මරනකම් අපි බලාගෙන ඉන්නවා." කියලයි කියන්නේ නේද? හොඳට අහන්න. (නි)
මෙහෙමත් බොරු කියන්න ......? මගේ අම්මෝ මේ කෙනාට බඹරු කොටන්න එපායැ. අරයගේම ගෝලයෙක්නේ. පුදුම වෙන්නත් දෙයක් නැහැ ඉතින් (නි)
ඒත් මේ වීඩියෝ එක ෆේස්බුක් එකෙන් මුළු ලෝකයටම ප්‍රචාරය වෙලා තියෙන්නේ. (නි)
දැන් රටේම ඇත්ත කියන අයට ඉන්නේ මෙයා විතරයි. (නි)
ජයා වගේ මිනිසුන් තමා ලංකාවේ බාගයක් ඉන්නේ. කොපමණ කරුණු පැහැදිලිව තිබුනත් පිළිගන්නේ වැරදි දේම තමා. මේ අපේ දීනබවේ සංකේතයක්. ලෝකේ කොහෙවත් රටවල මේ වගේ දීන මිනිසුන් මම දැකලා නැහැ මැදපෙරදිග හැරෙන්න (නි)
වීඩියෝත් තියෙද්දී,ගල්ගහන්න තියෙන්නේ මෙයාටයි (නි)