IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගල් කෝපි හදන්න ගෙනා ගංජා කුඩු අල්ලයි

වලස්මුල්ලේ ඕකේවෙළ සිංහල බෙහෙත් හලකදී ගංජා කුඩු තොගයක් සොයා ගත් පොලීසිය එහි වටිනාකම රුපියල් දෙකෝටියක් බව කියයි. ගල් කෝපි හා මෝදක සෑදීම සදහා මෙම ගන්ජා යොදා ගන්නට ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

ගල් කෝපි හදන්න ගෙනා ගංජා කුඩු අල්ලයි

කුමාර Tuesday, 02 July 2013 09:09 PM

පිටබෙද්දර ජයා ඉන්නේ මාතර පිටබැද්දර නේද ?ගල් කොපි නම ඇහුවේ අද උනාද ගංජා ගහනවා නේද ? (අ)

:       0       0

අමිළ කටුනායක Monday, 01 July 2013 07:22 PM

වෙද මහත්තුරුන්ට බල පත්‍ර තියෙනවා මේවා තියා ගන්න. බොහෝ අය ඒකෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. ඉස්සරහට තව තව මොන මොන කෝපි ජාති එයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ශිරෝමි Monday, 01 July 2013 09:15 PM

ගල් කෝපි...ඇහුවමයි (අ)

:       0       0

නීල් රණා Monday, 01 July 2013 02:29 PM

ගල් කෝපි, මදන මෝදක පමණක් නොව ආයුර්වේද බෙහෙත් වර්ග වලටත් අධි මාත්‍රා වලින් ගංජා එකතුකිරීම වැලැක්විය යුතුයි. ලංකාවේ ගංජා උවදුරට බොහෝ විට ලක්වන්නේ පාසල් සිසුන් හා වැඩකරන කම්කරු ජනතාව. නමුත් යම් යම් ආයුර්වේද බෙහෙත් වලට ඇබ්බැහිවූ කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් සිටින නිසා මෙයින් රටට සිදුවන හානිය බලවත්. (දී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 02:57 PM

මෙය සමහරක්ගේ සම්ප්‍රදායක පානයකි 'ගල්කෝපි'. මෙය සාදා ගන්නේ කෝපි කුඩු සහ කන්සා කුඩු අනුපාතිකව මිශ්‍ර කිරීමෙනි. මෙය බීමෙන් කලහාකාරී නොවන මත් ගතියකට පත්වේ.(නදී)

:       0       0

වලස් පිටියේ මාමා Monday, 01 July 2013 03:06 PM

වලස්මුල්ලේ ගංජා ,වලහපිටියේ කසිප්පු කවදා අල්ලයිද? (දී)

:       0       0

ගාමිණී-සිරි Monday, 01 July 2013 03:21 PM

කිරි කෝපි,කළු (බ්ලැක්) කෝපි ,බිත්තර කෝපි ගැන විතරයි මම නම් අහලා තියෙන්නේ.ජීවිතේ පළමු වතාවටයි... මේ ගල් කෝපි ගැන ඇහුවේ.බොන්න ආසාවේ බැහැ. අපිට නැති වුනත් පොලීසියේ මහත්වරු නම් මේ දිනවල , ගල් කෝපි ගහනවා ඇති හිටු කියලා. (දී)

:       0       0

ලුම්බිණි Monday, 01 July 2013 03:28 PM

මේවා පාවිච්චි කලේ බෙහෙත් හදන්න නම් පොලිසියට හේතුවක් නැහැ ඒකට ගිහින් අත් අඩංගුවට ගන්න. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:27 AM

ගල් කෝපි? ම්ම්ම්ම් ! අදමයි ඇහුවේ. ඇසාවෙ බැහැ ටිකක් බීලා බලන්න. හැබැයි එකක් , ගංජා බිවුවට අරක්කු බිවුවා වගේ ලෙඩ දුකක් ඇතිවෙන්නේ නැහැ. බොන එකත් සන්සුන් වෙනවා කාටවත් කරදයක් නැහැ. හොඳට කන්න පුළුවන්. මම නම් කියන්නේ රජය මැදිහත් වෙලා මේක නීතිගත කරලා වැඩේ පටන්ගතොත් කුඩු ගහලා මැරිලා යන අපේ තරුණයෝ ටික බේරගන්න තිබුනා නේද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site