IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාලු උසාවියත් අද වැහේ

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී තීරණය වනුයේ ඒ අනුව බවත් ගාල්ල නීතීඥ සංගමයේ ලේකම් අමරදිවාකර ලියනාරච්චි මහතා කියයි. ඔවුහු අද වැඩවරා උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය කර ගාල්ල නගරයට පැමිණ බස්නැවතුම ඉදිරිපිට ද විරෝධය පෑහ. ඔවුන් එසේ කළේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී එල්ලකළ ප්‍රහාරය හෙළා දකිමිනි. බොහෝ උසාවිවල සේවකයෝ ද විරෝධය පල කළහ. නීතීඥයන් ගාල්ලේ මහාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි ආකාරය නීතීඥයන් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළ ආකාරය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වසා දැමීම හේතුවෙන් එම ස්ථානය පාලුවට ගොස් තිබූ අයුරු  



අදහස් (0)

ගාලු උසාවියත් අද වැහේ

චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:36 PM

නීතියක් නැති රටක් (ස)

:       0       0

රත්න Tuesday, 09 October 2012 12:44 PM

මේ අයද අපේ රටේ උගතුන් ??????. ඇයි මේ ?? (ස)

:       0       0

අමල් සමරවීර Tuesday, 09 October 2012 01:00 PM

තමන්ගේ කෙනෙක් ගුටි කෑවට පස්සේ තමයි මේ අයට අධිකරණයේ ස්වාධීනත්වය තේරුණේ.(ස)

:       0       0

නිර්මලා - කුරුණෑගල Thursday, 11 October 2012 04:05 PM

ඉන්ද්‍රජිත් මහත්තයාට තේරුණේ නැතිවුණාට මා මුලින්ම දාලා තියෙන අදහස ගැන මම පැහැදිලි කරන්නම්. මම මේ දේ කිවුවේ නීතීඥවරුන්ම ඉලක්ක කරලා නොවේ. අද ඔයාලා කරන උද්ඝෝෂණයටත් රටේ සමහර පිරිස් ගණන් ගන්නේ නෑහැ. සමහරු හිනාවෙනවා. ඒ අය තමන්ට අසාධාරණයක් වුණොත් විතරයි, අපිටත් මෙම සමාජ ක්‍රමයේ ආධීනව විදින්න වෙනවා කියලා හිතන්නේ. මම එම අදහස විශේෂයෙන් ලිවුවේ උද්ඝෝෂණය දිහා බලලා හිනැහෙන අනිත් අයට තේරුම් ගන්න. අඩුම ගණනේ බලන්න මේ උද්ඝෝෂණය තියෙන ප්‍රවෘත්තියම කී දෙනාද බලලා තියෙන්නේ කියලා. මේ දිග අදහස තමයි මම වචන කීපයකින් කිවුවේ. ඔබට එය නොතේරෙන එක මගේ වරදක් නොවේ. (නි)

:       0       0

රණබා Tuesday, 09 October 2012 01:01 PM

මේ ගහලා තියෙන්නේ මංජුල තිලකරත්න මහ්තතයාට නෙමෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. (නි)

:       0       0

සනත් Tuesday, 09 October 2012 01:04 PM

ඇයි ඒ කියලා නොතේරෙන මෝඩයොත් ලංකාවේ ඉන්නවද ?(ස)

:       0       0

ලාල් ගලබඩ Tuesday, 09 October 2012 01:36 PM

ඔබතුමන්ලාගේ මෙම ක්‍රියාව ඉතා සාධාරණයි. ඒ වාගෙම ඔබතුමන්ලා ඉදිරියේදීවත් නඩුවක දෙපැත්ත නොකා සේවා දායකයාට අසාධාරණයක් නොවන ආකාරයට,මිනිසුන්ගේ ආර්ථිකයට සරිලන ගාස්තු අයකරනවා නම් , මේ වගේ අවස්ථාවක පොදු ජනතාවත් ඔබලා සමග අත්වැල් බැද ගැනීමට එයි. "නැත්නම් ඕවත්, ඔය කොයි දෙයත් විධායකයට යටත් නේ?" නඩුකාර මහතුනි, බලන්න. ඔබතුමන්ලා නඩු කල් අරින දුර ,ඇත්තටම අසාධාරණයි නේද? (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 09 October 2012 01:36 PM

අමල් සමරවීර දැං ඒ අය දන්නවා ජනතා බලය කොහොමද කියලා..!(නු)

:       0       0

වාසල Tuesday, 09 October 2012 02:13 PM

මේ රට පිරිහෙන්න ගත්තේ අද ඊයෙක නෙමෙයි .අනික තමයි ඒකට වගකියන්න ඕනි පාලකයෝ විතරක්මත් නෙමෙයි. නිර්මලාගේ අදහසට මාත් එකඟයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 09 October 2012 09:40 PM

"නිර්මලා 2012-10-09 12:11:06 තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔවුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි" ඔයා එහෙම නැති එක ගැන සන්තෝෂයි. කරුණාකරලා ඉන්න තැන කියනවාද.. අපි නිරත වෙන රස්සාවල් වල ප්‍රශ්න මතු වුණහම ඔයාට දන්වන්නම්. ගන්නා ක්‍රියාමාර්ග වලට ඔයා අපිට ඉස්සෙල්ලාම එක් වෙයි කියා හිතනවා. මේ මැඩම්, ඉරිසියාව තිබුණට මෝඩ කතා කියන්න එපා. අනුන්ගේ ප්‍රශ්න වලට ඉල්ලලා මැදිහත් වෙන ශක්‍රයා වත් දැන් එහෙම කරන එක නවත්වලා. ඔයා ඇයි මේ මිනිස්සුන්ගේ වැරැද්ද විතරක් දකින්නේ? වෙන කවුද අනුන්ට විසඳුම් ලබාදෙන්න එළියට බහින්නේ? (නි)

:       0       0

නිර්මලා Tuesday, 09 October 2012 12:11 PM

තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔවුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 09 October 2012 12:12 PM

එතනත් ජෙප්පො රිංගලා කියයි නේ ද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site