ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයෝ රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආචාර්ය එන්.එම්. පෙරේරා පිළිරුව අසල සිට බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය දක්වා ගමන් කළහ.
අමාත්‍යංශයට ඇතුළු වීමට ඔවුන් උත්සාහ දැරුවත් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිිසිය එය නැවැත්වීය. පසුව ඉසුරුපාය ඉදිරිපිට දෙපැයක පමණ කාලයක උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියහ.
අධ්‍යාපන ඇමැති තමන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන නිසා වෙනත් අමාත්‍යවරයකු යටතේ හෝ වහාම සාකච්ඡුාවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලූහ. එසේ නොවුනහොත් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යාමට අදහස් කරන බවත් ඔවුහු කීහ.






1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ උද්ඝෝෂණ ඉවරයක් නැති උද්ඝෝෂණ. කඩිනම් විසඳුම් ලබා ගන්න එක ගොල්ලක් ඉවත්වෙන විට තව ගොල්ලක් උද්ඝෝෂනේ. ඉතින් රටකට හරි යයිද...? ඔය පූද්ගළයෝ ගෙදර යන විට ඊළඟට කවූරැ එයිද.....?
මෙහෙම නොකොලොත් පුලුවන් හිගාකන්න විතරයි. (ත)
චුට්ටා මෝඩයෙක් වෙන්න හදන්න එපා. (නි)
බොරු සද්ධ දාපු ආචාර්වරුත් මේකට ඇවිත්. (ත)
අනේ අපේ දරුවන්ගේ අනාගතය! (නි)
මේ අය ස්කෝලවල මොනව කරාටද පඩි වැඩි කරන්න කියන්නෙ. ළමයි ඔක්කොම ටියුෂන් ගිහිල්ලනෙ විභාග වලට පෙනී හිටින්නෙ.ඒ නිසා එක එක්කෙනාගෙ ලනු කන්නෙ නැතුව, තමන්ගෙ යුතුකම් ඉෂ්ඨ කරල හිටියොත් හොඳ නැද්ද.
ලංකාවට යහපතක් නොවෙන්නේ මේ ගුරුවරුන්ගේ වැරදි නිසා නෙවෙයි. ආණ්ඩුවේ වැරදි නිසා.දේශලාපකයෝ ඒ රටේ උගත් මිනිස්සුන්ගේ හඬට ඇහුන්කන් දෙන්න ඕනේ. එත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. එකයි වැරැද්ද. (ත)
ඉසුරුපාය.... තව ඉදිරියෙන් අපාය.... (නි)
එහෙම නම් මම එන්නද සාකච්ඡා කරන්න? (නි)
ඈමති තුමා නම් කියන්නෙ ගුරුවරු වගේ ඈඳගෙන ඈවිත් තියෙන්නෙ ඈත පලාත්වල නිකං රස්සා කරන අයළු.....ආහ්......මේ යටම අර කට්ටියත් පෙනිල යන්න ඈවිල්ල නේද?
රට හදනාවානම් ගුරුවරුන්ට මුලින්ම සලකන්න ඕන. ජීවත් වෙන්නෝ කොහොමද ? (ත)
ජනාධිපතිතුමනි, කරුණාකර මේ ගැන සොයා බලන්න. (නි)
ඉල්ලීම් ඉල්ලන්න කලින් ටිකක් හිතලා බලන්න සිසුන් වෙනුවෙන් ඔබගේ වගකීම 100%ක් ඉටුකරලාද තියෙන්නේ කියලා. (නි)
සොච්චම් වැටුපකට දවසකට පැය 6ක් නොකඩවා කෑගහලා, දරුවන්ට අකුරු කරවන ගුරුවරු ගැන රටේම අවධානය යොමු වෙන්න වුවමනායි. ඒත් මේ රටේ මේ වෙබ් පුවත්පත කියවන මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ හරක් ගාලකින්ද කියලා හිතෙනවා ප්‍රතිචාර දැක්කහම . (නි)
සමහර අදහ්ස දක්වන කට්ටිය එම අදහස් දක්වා ඇත්තේ හරක් කන ජාති කාලාද කියලා සැකයි. (නි)
රටේ අනාගතය මෙහෙයවන ගුරුවරුන්ගෙ ප්‍රශ්නය විසදලා හිටියොත් හොදයි නේද ? (නි)
උද්ඝෝෂණ වලට බණින එක නෙමෙයි වෙන්න ඕනෑ. ඇයි එහෙම වුණේ කියලා හොයලා බලන එකයි. (නි)
මෙය ජාතික වගකීමක් සහිත වෘත්තයක්. එය ඉටුකළ යුතුයි (ස)
කෝටි මිලියන ගණන් නාස්ති කරන මුදලින් සොච්චමක් ගුරුවරුන්ට දෙන එක කොපමණ සාධාරණද? රටේ අනාගත පරම්පරාවේ ඇස් පාදන්නේ ඔවුන්. (ස)
ළමයින්ට කොහොමද උපදෙස් දෙන්නේ? උද්ඝෝෂණ පටන් ගන්නේ ගුරුවරු. (නි)
දැන් මෙය ඉතියෝපියාව, සෝමාලියාව වගේ වෙලා. හොඳම දේ තමයි උගත් බුද්ධිමත් අය ඒ ගොල්ලෙන්ගෙ බුද්ධිමත් කමට සලකන රටකට යන එක. (ස)
අනේ අපේ රටේ ගුරුවරුන්ට වෙලා තියන නස්පැත්තිය බලන්නකෝ . දෙමව්පියන් දෙවැනිකොට සලකන්න ඕනේ කට්ටිය නේද මේ පාරක් පාරක් ගානේ උද්ඝෝෂණය කර කර යන්නෙ ලංකාවට යහපතක් වෙයිද මෙහෙම ගියොත් . (ස)
ඔව් ඉතිං අයවැය ළං වෙනකොට මොනව හරි කරලා පඩිය වැඩිකරගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ.පඩිය වැඩිකරගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. නමුත් මේ ගුරුභවතුන්ගෙන් අපගේ සිසු සිසුවියන්හට ඉටුවිය යුතු යුතුකම් හරියාකාරව සිදුවෙනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. (නි)
අසාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ඔබට අපගේ ප්‍රණාමය (ත)
අසාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ඔබට අපගේ ප්‍රණාමය! (නි)
නියමයි අනේ! (නි)
චුට්ටා, ඔයාගේ මොලේ තරම නමින්ම පෙනෙනවා, අපේ රට හරි සරුසාරයිද? බඩු මිල අඩුද? සාධාරණ වැටුපක් ලැබෙනවද? ඔයගොල්ල වගේ කට්ටිය නිසා තමයි අපට මෙහෙම වෙලා තියෙන්නේ... (නි)
අනේ චුට්ටෝ, ඔයා ඉස්කෝලේ ගියේම නැද්ද? (නි)
ටියුෂන් නැත්නම් විභාගෙ පාස් වෙන්නේ ගුරුවරුන්ගේ ළමයි විතරයි. (නි)
අද රටේ බුද්ධිමත් අයට සිද්ධ වෙලා තියෙන්නෙ පාරක් පාරක් ගානෙ උද්ඝෝෂණ කර කර ඉන්න තමයි.(ස)
සම්පූර්ණම ඉල්ලීම් ලැබෙනකල් උද්ඝෝෂණය කරන්න (නි)
6% ප්‍රින්ට් කරපු ටී-ෂර්ට් මෙයාලට හම්බවෙලා නැහැ වගෙයි. (නි)
ලැබෙන පඩියට හරියට උගන්නන්න. (නි)
ඕනෑම වෘත්තියක් තුළ මෙවන් ප්‍රශ්න ඇති වෙනවා (නි)
අනේ අපේ රටට අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවාද? මම දන්නේ නැහැනේ ඒ කවුද කියලා?
ගුරුවරුන්ට මෙහෙම පාරට බහින්න සිදුවුණේ ඇයි? (නි)
ඇත්ත තමයි. ලංකාවේ කවදා බැලුවත් වර්ජන (නි)
කෝටි මිලියන ගණන් නාස්ති කරන මුදලින් සොච්චමක් ගුරුවරුන්ට දෙන එක කොපමණ සාධාරණද? රටේ අනාගත පරම්පරාවේ ඇස් පාදන්නේ ඔවුන්. (ත)
ඔය අනෙක් දේවල් වලට වැයකරන කෝටි මිලියන ගණන් වලින් සොච්චමක් ගුරුවරුන්ට දෙන්න බැරිද? (නි)
අද ගුරුකම කියන්නේ සල්ලි හොයන යාන්ත්‍රණයක් වෙලා (නි)