හෝමාගම මීපේ කෙළිමඩල කණිෂ්ඨ විද්‍යාලයයේ නව ගොඩනැගිල්ල හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රධානත්වයෙන් අද (19) සිසු අයිතියට පැවැරණි.
රුපියල් ලක්ෂ විසි පහක පමණ වියදමින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මේ ගොඩනැගිල්ල ඉදි කළේය.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළු කැර ගැනිම , පෙළ පොත් හා නිල ඇදුම් ලබාදීමද හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදු විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පින්! (නි)
හොඳ වැඩක් චූටි ළමයි ටික අව්වේ නොතිබ්බ නම් තවත් හොඳයි (නදී)
ඔබට පින් මහත්මයාණෙනි! (නි)
ග්‍රේරෝ මහත්තය ජන්දෙට දැම්මම වැඩ වගේ (නදී)
මොන රජයක් ආවත් අධ්‍යාපන ඇමැතිකම දෙන්න ඔනෑ මේ මහත්මයට (නදී)
ලක්ෂ විසිපහක්ද මේ ගොඩනැගිල්ලට?? (නි)
අා සර් ඔයා දැන් ඔව්වද කරන්නේ ? (නදී)
ඔව් සසික, වෙන්න පුලුවන්. බලන්න මේ තනි ගල් බිත්තිය නෙමෙයි. ගල් දෙක. එතකොට පාලම පවා පුලුල්ව දාන්න වෙනවා නේ? (නදී)
අපේ ගමේ අයට නම් මේක කෝටියකටත් වඩා වටිනවා.මගේ අයියාගේ දරුවා ඇතුළත් වුණෙත් මේ පාසලට. පන්ති කාමර දෙකක්ම හදලා අවට පරිසරයත් ලස්සනට හදා දී තිබුනා. ඇත්තටම මුලු ගමම පින්දුන්නා මේ වැඩේට. (නි)
සමහර ඇමති වරු තනතුරු නැති උනහම පටන් ගත් වැඩ නවත්වනවා. තවත් කොටසක් බලයට ආ ගමන් කලින් අයගේ වැඩ නිම කරලා ලකුණු දා ගන්නවා. මොහාන් ලාල් ග්‍රේරු මහතා ඒ අතින් ආදර්ශවත් චරිතයක්. තනතුරු නැතිවත් ඔබේ මුහුණේ ඒ අව්‍යාජ පුණ්‍යවත් සිනහව නම් මැකී ගිහින් නැහැ. පසුගිය වසර කිහිපය ඔබ කළ නිවැරදි අවංක සේවය තුළින් ලකුණු දමා ගත්තේ වෙන අයයි. ඔබ මේ රටේ අධ්‍යාපන ඇමති විය යුතු බව පොදු ජන අභිලාශයයි. පාසැලක අඩුපාඩු කියාගෙන ආවහම ඇමති වරු අහන්නේ කෝ සල්ලි කියා. ඔබ එහෙම කර නැහැ. ඔබ උපයාගත් මුදලින් හෝ ඒ අඩුව පුරවා තිබෙනවා. ඔබේ මේ උතුම් සේවය කරන්නට වත්මන් රජය සමග එක් වන්නත් ඒ සදහා ඔබේ පුරුදු දේශපාලන මහගෙදරට එන්න. ඔබ එදා රජයට එකතු වුනේ රජ සැප පතා නොවෙයි. රටම බලාපොරොත්තු වන වෙනස කරන්නට ගරු අගමැති තුමා ඔබට නිසි වටිනාකමක් දේවි. නැති නම් අපට කියන්නට වෙන්නේ, සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමහලේ. අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ කියා පමණි. (නදී)
දරුවන්ට සිනහ වරම් දුන් මිනිසා. ඔබට ඇත්තටම පින් (නදී)
ඩිරොෂන මහතා හිතේ කුහක කමක් තියන් කතා කරනවා වගේ. ඔහු පෞද්ගලික පාසලක් කලා කියමු. ඒත් කුඩු, එතනෝල්, කැසිනෝ ගණිකා මඩම් වලින් නෙමේ. ඔයාට සල්ලි ටිකක් හෝ තිබ්බා නම් පුතාට, දුවට පිටරටකට ගිහින් උගන්වන්න බැරි නම් මෙහෙ ජාත්යන්තර පාසලකට දානවා නේ. එකම අරමුණ දරුවාට ලෝකේ ඉහලම තැන ලබා දෙන්න නම්. බොරුවට කෑගසන ඔබ වැනි අය දන්නවාද ඇයි මේ රටේ ජාත්යන්තර පාසල් බිහි වුණේ කියා. අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය තහනම් ද?අද ලෝකේ සමාජවාදී කියන රටවල් පවා පිළි අරන් තියෙනවා ජාත්‍යන්තර පාසැල් අධ්‍යාපනය. වැදගත් වන්නේ විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ නොවී එය අපේ රටට ගලපා ගැනීමයි. බන්දුල මහතා නම් අපි දන්නේ නැහැ. නමුත් ග්‍රේරු මහතාගෙන් ඉගෙනගෙන මේ රටට,ලෝකෙට මහා මෙහෙයක් කරන මහා බුද්ධිමතුන් නම් දන්නවා ඔහු කෙතරම් සන්යමයෙන්, අවංකව, ගුරු ගරුත්වය තියාගෙන දැනුම දුන්නද කියා. ඒ නිසා ඔහුට මේ රටේ දරුවන් වෙනුවෙන් වෙන්න ඕනා වෙනස කරන්න පුලුවන්. ඩි රෝෂාන් මහතානෙණි, ඔබ නොදන්නවා නම් ඔහුගෙන් ඉගෙන ගත් එක් අයෙකුගෙන් අසා දැන අදහස් පල කළා නම් ඉතා වටිනවා (නදී)
උතුම් ගති ඇති උදාර මහත්මයෙක්. (නදී)
මෙතුමා හම්බු කරන්නේ පෞද්ගලික පාසල් කරලා. ග්‍රේරු මහත්තයයි බන්දුල මහත්තයයි නිදහස් අධ්‍යාපනය විනාස කලා. ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච ලමයින්ට ජනප්‍රිය පාසල් වල හරියාකාරව ළමයි ටිකවත් බඳවා ගත්තෙ නෑ. ඒ සම්බන්ධව නඩුවකුත් තියෙනවා. (නදී)
1985 අපේ භෞතික විද්‍යා ගුරුතුමා. තාම ඔබේ සිනහව ඒ විදියටම තියනවා. ඔබ පැරදුණත් රටට සේවය කරන්න අවස්ථාව ලැබෙන්න කියා පතනවා (දිල්)
ඩිරෝෂන මහතා හිතේ කුහක කමක් තියන් කතා කරනවා වගේ.ඔහු පෞද්ගලික පාසලක් කළා . නීතී විරෝධි දේවල් කළේ නෑ නේද (දිල්)
දෙව්ලොව සම්පත් ලැබේවි මේ කරන පිනට. (නි)
නොනැවතී ඉදිරියටම යමු සර්! (නි)