IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ග්‍රේරු පදනම තව පිංකමක් කරයි

හෝමාගම මීපේ කෙළිමඩල  කණිෂ්ඨ විද්‍යාලයයේ නව ගොඩනැගිල්ල  හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති  මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රධානත්වයෙන් අද (19) සිසු අයිතියට පැවැරණි.  

රුපියල්  ලක්ෂ විසි පහක පමණ වියදමින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මේ ගොඩනැගිල්ල ඉදි කළේය.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළු කැර ගැනිම , පෙළ පොත්  හා නිල ඇදුම්  ලබාදීමද  හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදු විය.

DSC00057 DSC00059 DSC00060 DSC00064 DSC00076 DSC00097 DSC00104 DSC00135

 

 



අදහස් (0)

ග්‍රේරු පදනම තව පිංකමක් කරයි

කාගිල් Tuesday, 20 January 2015 06:18 AM

ඇත්තටම පින්! (නි)

:       0       0

ලිෂාන් Monday, 19 January 2015 11:56 AM

හොඳ වැඩක් චූටි ළමයි ටික අව්වේ නොතිබ්බ නම් තවත් හොඳයි (නදී)

:       0       0

නිහාල් Monday, 19 January 2015 11:12 PM

ඔබට පින් මහත්මයාණෙනි! (නි)

:       0       0

සහන් Monday, 19 January 2015 12:18 PM

ග්‍රේරෝ මහත්තය ජන්දෙට දැම්මම වැඩ වගේ (නදී)

:       0       0

ජි නන්දන Monday, 19 January 2015 12:29 PM

මොන රජයක් ආවත් අධ්‍යාපන ඇමැතිකම දෙන්න ඔනෑ මේ මහත්මයට (නදී)

:       0       0

සසික Tuesday, 20 January 2015 12:41 AM

ලක්ෂ විසිපහක්ද මේ ගොඩනැගිල්ලට?? (නි)

:       0       0

සමිත් Monday, 19 January 2015 12:59 PM

අා සර් ඔයා දැන් ඔව්වද කරන්නේ ? (නදී)

:       0       0

සුරාජ් Tuesday, 20 January 2015 01:09 AM

ඔව් සසික, වෙන්න පුලුවන්. බලන්න මේ තනි ගල් බිත්තිය නෙමෙයි. ගල් දෙක. එතකොට පාලම පවා පුලුල්ව දාන්න වෙනවා නේ? (නදී)

:       0       0

යූ.සමන් පුෂ්පකුමාර(පින්නවල) Tuesday, 20 January 2015 01:25 AM

අපේ ගමේ අයට නම් මේක කෝටියකටත් වඩා වටිනවා.මගේ අයියාගේ දරුවා ඇතුළත් වුණෙත් මේ පාසලට. පන්ති කාමර දෙකක්ම හදලා අවට පරිසරයත් ලස්සනට හදා දී තිබුනා. ඇත්තටම මුලු ගමම පින්දුන්නා මේ වැඩේට. (නි)

:       0       0

කසුන් චාමර පෙරේරා Monday, 19 January 2015 01:25 PM

සමහර ඇමති වරු තනතුරු නැති උනහම පටන් ගත් වැඩ නවත්වනවා. තවත් කොටසක් බලයට ආ ගමන් කලින් අයගේ වැඩ නිම කරලා ලකුණු දා ගන්නවා. මොහාන් ලාල් ග්‍රේරු මහතා ඒ අතින් ආදර්ශවත් චරිතයක්. තනතුරු නැතිවත් ඔබේ මුහුණේ ඒ අව්‍යාජ පුණ්‍යවත් සිනහව නම් මැකී ගිහින් නැහැ. පසුගිය වසර කිහිපය ඔබ කළ නිවැරදි අවංක සේවය තුළින් ලකුණු දමා ගත්තේ වෙන අයයි. ඔබ මේ රටේ අධ්‍යාපන ඇමති විය යුතු බව පොදු ජන අභිලාශයයි. පාසැලක අඩුපාඩු කියාගෙන ආවහම ඇමති වරු අහන්නේ කෝ සල්ලි කියා. ඔබ එහෙම කර නැහැ. ඔබ උපයාගත් මුදලින් හෝ ඒ අඩුව පුරවා තිබෙනවා. ඔබේ මේ උතුම් සේවය කරන්නට වත්මන් රජය සමග එක් වන්නත් ඒ සදහා ඔබේ පුරුදු දේශපාලන මහගෙදරට එන්න. ඔබ එදා රජයට එකතු වුනේ රජ සැප පතා නොවෙයි. රටම බලාපොරොත්තු වන වෙනස කරන්නට ගරු අගමැති තුමා ඔබට නිසි වටිනාකමක් දේවි. නැති නම් අපට කියන්නට වෙන්නේ, සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමහලේ. අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ කියා පමණි. (නදී)

:       0       0

මහේෂිකා Monday, 19 January 2015 01:32 PM

දරුවන්ට සිනහ වරම් දුන් මිනිසා. ඔබට ඇත්තටම පින් (නදී)

:       0       0

වීරේ Tuesday, 20 January 2015 01:42 AM

ඩිරොෂන මහතා හිතේ කුහක කමක් තියන් කතා කරනවා වගේ. ඔහු පෞද්ගලික පාසලක් කලා කියමු. ඒත් කුඩු, එතනෝල්, කැසිනෝ ගණිකා මඩම් වලින් නෙමේ. ඔයාට සල්ලි ටිකක් හෝ තිබ්බා නම් පුතාට, දුවට පිටරටකට ගිහින් උගන්වන්න බැරි නම් මෙහෙ ජාත්යන්තර පාසලකට දානවා නේ. එකම අරමුණ දරුවාට ලෝකේ ඉහලම තැන ලබා දෙන්න නම්. බොරුවට කෑගසන ඔබ වැනි අය දන්නවාද ඇයි මේ රටේ ජාත්යන්තර පාසල් බිහි වුණේ කියා. අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය තහනම් ද?අද ලෝකේ සමාජවාදී කියන රටවල් පවා පිළි අරන් තියෙනවා ජාත්‍යන්තර පාසැල් අධ්‍යාපනය. වැදගත් වන්නේ විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ නොවී එය අපේ රටට ගලපා ගැනීමයි. බන්දුල මහතා නම් අපි දන්නේ නැහැ. නමුත් ග්‍රේරු මහතාගෙන් ඉගෙනගෙන මේ රටට,ලෝකෙට මහා මෙහෙයක් කරන මහා බුද්ධිමතුන් නම් දන්නවා ඔහු කෙතරම් සන්යමයෙන්, අවංකව, ගුරු ගරුත්වය තියාගෙන දැනුම දුන්නද කියා. ඒ නිසා ඔහුට මේ රටේ දරුවන් වෙනුවෙන් වෙන්න ඕනා වෙනස කරන්න පුලුවන්. ඩි රෝෂාන් මහතානෙණි, ඔබ නොදන්නවා නම් ඔහුගෙන් ඉගෙන ගත් එක් අයෙකුගෙන් අසා දැන අදහස් පල කළා නම් ඉතා වටිනවා (නදී)

:       0       0

කේ සිරි Monday, 19 January 2015 03:20 PM

උතුම් ගති ඇති උදාර මහත්මයෙක්. (නදී)

:       0       0

ඩි රෝෂන Monday, 19 January 2015 03:39 PM

මෙතුමා හම්බු කරන්නේ පෞද්ගලික පාසල් කරලා. ග්‍රේරු මහත්තයයි බන්දුල මහත්තයයි නිදහස් අධ්‍යාපනය විනාස කලා. ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච ලමයින්ට ජනප්‍රිය පාසල් වල හරියාකාරව ළමයි ටිකවත් බඳවා ගත්තෙ නෑ. ඒ සම්බන්ධව නඩුවකුත් තියෙනවා. (නදී)

:       0       0

ආනන්ද Monday, 19 January 2015 04:21 PM

1985 අපේ භෞතික විද්‍යා ගුරුතුමා. තාම ඔබේ සිනහව ඒ විදියටම තියනවා. ඔබ පැරදුණත් රටට සේවය කරන්න අවස්ථාව ලැබෙන්න කියා පතනවා (දිල්)

:       0       0

කමල් තුෂාර - පිළියන්දල Monday, 19 January 2015 04:24 PM

ඩිරෝෂන මහතා හිතේ කුහක කමක් තියන් කතා කරනවා වගේ.ඔහු පෞද්ගලික පාසලක් කළා . නීතී විරෝධි දේවල් කළේ නෑ නේද (දිල්)

:       0       0

කෝසල Monday, 19 January 2015 05:00 PM

දෙව්ලොව සම්පත් ලැබේවි මේ කරන පිනට. (නි)

:       0       0

සුලාරි Tuesday, 20 January 2015 06:02 AM

නොනැවතී ඉදිරියටම යමු සර්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site