ගුරුතලාවේ මිස්කින් බාවා ෆවුසුල් ඉනායාට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මොරගහතැන්න වැඩබලන ග්‍රාම නිලධාරී සෝමපාල මාපා බණ්ඩාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
මුලදී රුපියල් 4000ක් ඉල්ලා පසුව එය දස දහස දක්වා වැඩි කර ඇතැයි සැකකරු බන්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරත්නම් ට්‍රොට්ස්කි මහතා වෙත මුලින්ම ඉදිරිපත් කළ අල්ලස් කොමිසම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ග්‍රාම සේවකලගේ වැයික්කිය අවුරුදු 2 -2 ට මාරුකරන්න ඕනේ නැත්නම් හොර ජාවරම් වලට පුරුදුවෙනවා. නගරබද ග්‍රාම සේවකලා පිටිසර ගම්බද ජිවත්වන නුගත් දුප්පත් ජනතාව හුරන් කන්න පුරුදුවෙලා ඉන්නවා.(නදී)
අහිංසකගේ ප්‍රතිචාරය නිවැරදි දෙපැත්තම වැරදි. (ස)
චීනටකොරටුවෙත් ඔය වගේ හාදයෙක් ඉන්නවා..(නදී)
අලුත් අවුරුද්දට වියදමට වෙන්න ඇති. (ස)
මාත් ඔය ගමේ තමයි පදිංචි. අපි මිලදී ගත් ඉඩමක් ඔප්පු මාරු කරන්න 50, 000 ඉල්ලුවා. පස්සේ 5000 දීලා කරගන්න වුණා. (නි)
හොර සහතිකයක් නම් පොලිසි යන්න වෙන්නෙත් අහිංසක මිනිස්සුන්ට (නි)
මහා පරිමාණයෙන් දේශපාළුවන් පගා ගහන්නේ. ඕක නිකම් බුලත් විටක් වගෙයි.(නදී)
මෙය හලාල් ගනදෙනුවක් වෙන්න බැරිද? (නි)
පිටිගල මහත්තයෝ, ඒක හලාල් කිවුවාට සමහරු ඒක හරාම් කරලානේ. (නි)
පිටිගල සහ මුතුකුඩ මහත්තයෝ හලාල් හරාම් ගැන දැනගත්තට බොහොම ස්තුතියි. (නි)
සම්සුදීන් මහත්තයෝ මම කාලීන විහිළුවක් කළේ, ගණන් ගන්න එපා. (නි)
මේකේ නොපෙනෙන පැත්ත ගැන හිතන්න. ඇයි ඒ පුද්ගලයා 4000 ක පගාවක් දෙන්නේ නිකම් ගත හැකි සහතිකයට?. හොර පදිංචි සහතිකයක් උවමන නිසා නෙවිද? ග්‍රාම නිලධාරී 10000 ට ගණන වැඩි කලේ ඒ නිසාම නෙවිද? පගාව දීමත් ගැනීමත් දෙකම වරදක්. (ස)