වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වාර්තා වේ. බඬේ ඇතිවූ දැඩි වේදනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි ලී ගාඞ්නර් (40) ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන් ඔහුගේ කුසේ අසාමාන්‍ය දෙයක් දැක ඔහුට හදිසි සැත්කමක් කළහ. තමාට අත් වැරදීමකින් මෙයට වසර දහයකට පෙර මෙම ගෑරුප්පුව ගිලූණු බවත්, ඒ ගැන කිසිවකුට නොපැවසූ බවත් ලී පවසයි. ලීගේ බඬේ තිබූ ගෑරුප්පුව දුටු ගමන් තමන් පුදුම වූ බවත්, සමහර තුවාල ඉබේ සනීප වී ඇතත්, තවත් තුවාල කීපයක් තිබෙන බවත් ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය හානිස් ෂිමානි කියයි.
ඔහුගේ උදරයේ කැපුම සෙන්ටිමීටර 23ක් දික් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මෝඩයෙක්ද මන්දා. ගිලිච්ච දවසේම කියන්නනේ තිබුණේ. (නි)
මේවගේ සුදුමහත්තුරුත් ඉන්නවාද ලෝකෙ..!!(නු)
මෙහෙම ගියොත් බොන කෝප්පෙත් ගිලෙයිද දන්නේ නැහැ. (නි)
කෑමයි ගෑරුප්පුවයි මාරු වෙලා වෙන්න ඇති. (නි)
ඕක නම් මහා ලොකු පුදුමයක්ය? වානේ කුළුණු බර ගණනක් ගිල දමලා කිසිම අන්තරාවක් නැතිව අගේට ඉන්න අය අපේ රටේ ඉන්නේ. (නි)
මාර අයියා කෙනෙක්නේ. අපේ අයියලා ගිලින දෙවල් එක්ක බැලුවම, ඕකසුළු දෙයක්. (අ)
මොන මෝඩයෙක්ද මන්දා. ගිලිච්ච දවසේම කියන්නනේ තිබුණේ (අ)
මිනිස් කටක්ද කිඹුල් කටක්ද (ස)
විදේශිකයෙක්ට මෙහෙම වුණා කියන්නත් ලැජ්ජයි. (නි)
ඇමතිවරුන්ගේ බඩේ මුලු රටම. දුප්පතුන්ගේ බඩේ ගල්. (නි)
හිතන්නත් පුදුමයි. ඒ වෙලාවෙම කියන්නනේ තිබුණේ. (නි)
හැන්ද අරන් කතුර බඩේ තිබ්බ ද දන්නේ නෑ (අ)
ඔයින් ගියා මදැයි..(ස)
අවුරුදු දහයකටම එකයිද ගත්තේ? (නි)
මෙන්න පුරාවස්තුවක්...!!(නු)
මෙතන බය වෙන්න තරම් දෙයක් සිදුවෙලා නැහැ. (නි)
මේවා මොනවද? කිසිම වේදනාවක් නැතුව රටම ගිල දමන පුද්ගලයින් අපේ රටේ ඉන්නවා. (නි)
ඇයි දෙයියනේ, බේ ගිලෙන්න තරමටම ගෑරුප්පුව පුංචි එකක්ද? (නි)
තව ටික දවසකින් හැන්දකුත් තියෙනවා කියයිද දන්නේ නැහැ. (නි)
වාසනාව(ස)