ගිරිතලේ ගොවි ජනපදයේ පීදෙන හා කිරිවදින ගොයම් අක්කර 12000ක් පමණ බේරාගැනීමේ අන්තිම උත්සාහය වශයෙන් ගොවීහු 150 දෙනෙක් පමණ යෝද ඇලේ දිය බෙදුම අමුනේ ජල දොරටු බලහත්කාරයෙන් විවෘත කළහ. වාරි මාර්ග නිලධරයන් පැමිණ නොසිටි නමුත් පැමිණ සිටි පොලිසිය ගොවියනට බාධා කලේය.
අඹන් ගෙඟන් ඇළහැර ඔස්සේ මින්නේරිය වැවටත් ගිරිතලේ වැවටත් වාරි ජලය බෙදාහැරෙයි. මින්නේරියට ජලය හරවා ඇති නමුත් ගිරිතලේට ජලය හරවා නොතිබීම නිසා ගොවීහු බලහත්කාරයෙන් ජලදොරටු විවෘත කළහ.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතිං වතුර දුන්නේ නැත්තේ? (නි)
ඒකෙන් මේකෙන් වෙන්නෙ ආයෙත් හාල් රටින් ගේන්න වෙන එක විතරයි...!!(නු)
මතකද සොරොවුවක් වහලා වෙච්ච දේ? (නි)
ඉතුරු වෙලා තියෙන්නේ මොනවා වුණත් ඒ හැම දෙයක්ම නැති වෙන්න පුලුවන්. (නි)
මාවිල්ආරු සොරොව්ව ඇරියා වගේ දැන් වැඩපටන් ගන්න...(ස)
අනේ මන්දා, මේ මිනිස්සුන්ට මේවා කතාබහ කරලා විසදා ගන්න බැරි මොකද කියලා? (නි)
හඩලා කුමටද මිතුරේ සියතුවේ සමද මුව රැල වාගේ සිටිය නොහේ ඇරලා එමු මහා සොරොව්ව මෙදා වැවේ ගලන දිය අප හමටයි සියතුවේ (වි)
ඔය වතුර ටික අහවල් ඇමතිතුමාගේ ගෙදරට හැරෙවුවනම් හරි. (නි)
බොහොම හොදයි. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා ඇහුවලු. (නි)
කවුරුත් බලන්නෙ නෑත්නම් ඔවුන්ම ක්‍රියාත්මක උන එක හොඳ වෑඩක්(වි)
අන්න හරි ගොවියනි අපි ඔබ සමගයි (දී)
බැලූ බැල්මට නම් ගොවියා හරි. ගොවියා බේරුණා කියන්නේ රටම බේරුණා කියන එකයි. (නි)
ගිරිතලේ කියන ගැමි සුන්දරත්වයෙන් පිරුණු ගම්මායේ අළංකාරත්වය තියෙන්නේ ඔය ගොවින්ගේ දහඩිය මහන්සිය මුසු වෙච්ච හේන් වලයි කුඹුරු වලයි අපිට නෙතට රසඳුනක් වෙන ඒ පරිසරය තමයි ඒ මිනිසුන්ගේ ජිවිතය සීතල කාමරවල පොතේ හැටියට වගා කරන මහත්වරුණි කරුණාකරල ආයෙත් අට ශ්‍රේණියේ පාඩම් මාලාව අනුගමනය කරන්න බලන්න මගේ තාත්තා හොඳ ගොවියෙක් ඒ වගේ ගොවීන්ගේ පාරම්පරික දැනුමට ඔයාලා විහිඵ කරන එක නවත්වන්න(වි)
ඡන්දෙ ලං වෙනකොට වතුර දෙන්න එකතු කරලා ඇත්තේ. (ත)
ජනතාව අසරණ කරන්නේ නැතිව වතුර ටික දෙන්න (දී)
ඔහොමද ආසියාවේ අස්චර්යය කරන්නේ. මිනිස්සුන්ට වතුර වත් නොදී (දී)
වතුර තියාගෙන නොදී ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති නේද , වාරි නිලධාරීන මොකද කියන්නේ? ලංකාදීප ඒ ගැනත් වාර්තා කරන්න. (දී)
මඩ සෝදා ගත්කල ගොවියා රජකමට වුවද සුදුසුය. නමුත් වර්තමානෙ ගොවීන්ට රජකම විනා වගාවට ප්‍රමාණවත් ජලයවත් අහිමිවීම ජාතියේ කේදවචකයකි (දී)
හරියට ප්‍රශ්නේ දන්නේ නැති නිසා මුකුත් කියන්නත් බැහැ (දී)