පානදුරයට ඔබ්බෙන් මුහුදේදී ගිලී ගිය නැවේ තෙල් ගාලූ මුවදොරට නාවික සැතපුම් 10ක් ඈත පෙදෙසකට විහිදෙන බව වෙරළාරක්‍ෂක නිලධරයෝ කියති. එම තෙල් පහර මීගමුව දෙසට පැතිරී යතියි වාර්තාවේ. ග‍්‍රීසියට අයත් මෙම වානිජ නැව අධිකරණ නියෝගයක් මත තහනම් කැරිණි. නැව ගිලෙන අවස්ථාවේ තෙල් ටොන් 20 ක් පමණ තිබෙන්නට ඇතැයි එක් ආරංචි මාර්ගයක් කියයි. තෙල් ටොන් 75 ක් තිබෙන්නට ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් කියැවෙයි. උසාවි ප‍්‍රශ්නය අවසන් වන තුරු ‘තර්මෝ පයිලේ සියාරා’ නම් මේ නැව පානදුරයට ඔබ්බෙන් නංගුරම්ලා තිබිණි.











1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි ලොක්කෙක් මෙක දැකලා නැ .......දැක්කනම් තෙල් අරන් වතුර පුරවයි(ස)
නොයෙකුත් මාධ්‍ය මගින් මීට පෙර මේ ගැන අනතුරු ඇගෙව්වා .ඒත් වැඩක් වුණේ නෑ...අනේ අපේ ලංකාවට ගිය කල...(ස)
ලංකාව දැං තුන්වැනි ලෝකෙ රටක් නෙමෙයි.. ඒක හතර පහට බැහැලා... දැං ශ්‍රී ලංකා නෙමෙයි අහෝ ලංකාව වෙලා...!!(නු)
ලෝකයේ නඩු වලට හොදම රට ලංකාවයි (නි)
ලෝකයේ නඩුවලට හොදම රට ලංකාවයි..!!(නු)
දැන් වුණ දේ වුණා. දෙවියන්ගේම පිහිටයි. (නි)
මේවගේ සිදුවීමක් මාස කිහිපයකට උඩදී නවසීලන්තයෙ සිදුවුණා. රජය අදාල නැවු සමාගමට නඩු දමලා වන්දි ලබාගත්තා. (නි)
ලංකාවේ නීති වෙනස් කළ යුතුයි. වටිනාකමින් ඉහළ වාහන කොපමණ ප්‍රමාණයක් උසාවි වලත් ගොඩ ගහලා තියෙනවද? (නි)
අපේ රටේ උගත්යැයි සම්මත සියල්ලන්ටම මොළයක් කියා එකක් නැත. (නි)
ශ්රී ලකාවේ හැම වැඩක්ම පමාවීමේ ප්‍රතිඵලයක් තමයි.. නැව ගිලුණත් තාම උසාවි තහනම ඉවත් කර නැහැ..!!(නු)
උසාවි නියෝගයක් දුන්නා නම් හරි වහාම, නැව ගිලෙන්න එපා කියලා. (නි)
අපේ රටේ කවදත් ඔය වගේ වැඩ තමයි වෙන්නේ.අපරාධේ ඔය යකඩ ගොඩ ගිලෙන්න දුන්නේ. අපේ කට්ටියට කිව්වනම් ඔය නැව මෙලහකටත් තෙල් එක්කම ගොඩට අරන් ඇවිල්ලා. එහෙනම් තෙලුත් ඉතුරුයි, යකඩ අපතේ යන්නෙත් නැහැ, මුහුදට හානියක් වෙන්නෙත් නැහැ. නඩු වලට සල්ලි යන්නෙත් නැහැ. (නු)
ඔන්න කට්ටියට වැඩක් ඇවිත්. (නි)
අර ප්‍රශ්නයක් නැ කියපු අය කෝ? (ස)
යකඩ ඇදපු මාධ්‍ය නිලධාරීන්නම් මේ පැත්තේ එක්ක යන්න එපා.නැවත් ගිලීවි. (ස)
අපේ රටේ වැඩ ගැන නම් කියල වැඩක් නැහැ. කියන් වචන නැහැ (අ)
මේකේ වැරැද්ද නැව් ගැන බලන්න පත්කරලා තියෙන නිලධාරීන්ගේ. එයාලට ඒන කරලා තිබුනේ නැව විකුණලා එයාලගේ ගාන තියාගන්න. නැව ගිලෙනකොට ඒක භාරව තිබුනේ උසාවියට නේද දැන් නැවේ අයිතිකාරයා ලංකාවෙන් නැවේ වටිනාකම ඉල්ලයි. (ස)
අලුතෙන් හදන වරායට එන්න හිටපු නැවු පවා අධෛර්යමත් වෙන සිද්ධියක්. මෙහෙවූ අකාර්යක්ෂම නීති කාර්ය පරිපාටියක් ඇති රටකදී යම් අධිකරණ කටයුත්තකට මුහුණපාන්නට වුනොත් අපේ නැවු වලටත් මෙහෙම නොවෙවිද කියා ඔවුන්ට හිතෙන්නේ නැත්ද? අපේ ඇමතිවරු ආයෝජකයින් සොයා ලෝකේ වටේ යන්නට පෙර රට තුල සිදුවන මෙවැනි කනගාටුදායක සිදුවීම් වලට තිත තැබිය යුතුයි. (නු)
යකාගේ හැටියට විමානේ කිවුවලු. (නි)
මාලු කන්න එපා (නි)
මෙය නැවැත්වීම රජයේ වගකීමයි (නි)
දැන් ඉතින් නඩු අහන්න වෙන්නේ මුහුද යටට රිංගලා තමයි. (නි)
පුදුම කරදරයක් නේ......(දී)
නැවත නොවෙන්න වගබලා ගන්න...(ස)
මේ වගේ කසිකබල් නැව් ප්‍රවාහනය කිරීමට අවසර දුන්නේ කව්දැයි සොයාබැලිය යුතුයි. ඒ වගේම මේ නැව් මෙහි ආවේ කිසිදු අවසරයක් නොමැතිවද? ඇයි මෙවැනි පරිසර දුෂණයවන ක්‍රියාවලියන්ට ඉඩ නොදෙන ආකාරයට ඉක්මන් තීරණයක් නොදුන්නේ ? මේක ඉඩම් නඩුවක් නොවෙයිනේ......ඒ කොයි කෙසේවෙතත් මෙම නැව්තුල තිබූ භාණ්ඩ එනම් ඔය කියන ටොන් ගණන්වූ තෙල් ටිකවත් එයින් ඉවත්කර තැබීමටවත් යම් ක්‍රමවේදයක් තිබුණේ නැද්ද ? ඒ ටිකවත් කරගන්නට බැරිනම් අපි මොනවද මේ කියන ආශ්චර්ය ? මේ තෙල් අපේ වාහනවල්වලට ගැහුවොත් අපේ වාහනත් නැව් එක්කම මුහුදේ ගිල්වන්නයි සිද්ධවෙන්නේ ... හේතුව මේ නැවේ සවිකර තිබෙන්නට ඇත්තේ "පාරිශුද්ධ" තෙල් ටැංකියක් බව මේ නැව දිහා බැලුවහම අපට උපකල්පනය කරන්න පුළුවනි ....හැබැයි පුතෝ මේකෙන්වන පරිසර දූෂණයට නම් කට්ටිය වගකිවයුතුයි...අන්තිමට මේකෙන් වෙන්නේ හෙට අනිද්දා වෙනකොට අපේ අයට මාළු කන එකත් නැතිවෙන එකයි. එතකොට තමයි ගගේ මාළුත් ඇගේ නැටෙන්නේ !!! (ස)
අර කතාවක් තියෙන්නේ අහකයන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා... (නි)
අයියෝ සල්ලී..(ස)
වගකිවයුත්තෝ මීට වඩා පරිසරය ගැන හිතන්න ඕන..නීතිය රකින්න ඕන..සම්පත් මේ විදියට විනාශවීම අපරාධයක්..සොබාදහම දවසක මිනිසුන්ට දඩුවම් කරයි.. එදාට ලොකු පොඩි භේදයක් නැහැ..!!(නු)
මේ වගේ නීති තියාගෙන රට ගොඩගන්න බැහැ..!(නු)
මේක දැන දැනම කරපු පරසර දුසණයක්. මේක මුහුදු බත් වීමට ඉඩදුන් සියලු නිලදරීන්ට දැඩි දඩුවම් දෙන්න ඕන. (ස)
නැව වෙරලට ගෙනාවනම් තෙල් ටොන් විස්සෙන් අපේ පරිසරය දුෂණය නොවෙන්න වගබලාගන්න තිබුණා..!(නු)
මේකෙ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා..!!(නු)
කිසිම පදනමක් නැති දුම් පරික්ශාව වගේ නීති වෙනස් වෙනකම් තෙල් නැව් නෙවේ සුද්දො ,කුනුත් නැව් වල ගෙනත් අපෙ මුහුදෙ අතඅරීවි.. අයියො සල්ලි...(ස)
ඇයි ලංකාවට ඔහොම කරද්දි..(ස)
යකඩ ගොඩක් මුහුදු වතුරේ වසර පහක් තියනකොට දිරාපත්වෙලා මුහුදු බත් වෙන වග දන්නේ නැති, වසර පහක් යනතුරු මේ ඛනිජ තෙල් ටික අරන් දමන්ඩ පියවර ගන්ඩ බැරිඋන රටක නේද අපි ඉන්නේ කියල හිතෙනකොට මුහුදට පැනල මැරෙන එක හොදයි කියල හිතෙනවා මේ වගේ රටක ජීවත් වෙනවට වඩා. (ස)
මේවගෙන් වෙන හානියට වගකියන්නේ වාණිජ අධිකරණය ද ? පාලකයොද ? වෙරළ හා සාගර සංරක්ෂණද ? කොහොම වුනත් කට්ටියගේ නොසැලකිල්ල නිසයි අවුරුදු තුනක් තිස්සේ මේක ගිලෙනකම් බලාගෙන හිටියේ. (ස)
හා...හා...කට කට (ස)
ඇත්තමයි ගාමිණී.. (ස)
සජීව කොච්චර කිව්වද ඕකේ තෙල් කාන්දු වෙනවා කියලා. එක්කෙනෙක්වත් බැලුවේ නැහැ. අපරාදේ තෙල්නිසා මුහුද විනාශ වෙනවා. (ස)
අපිටමයි වෙන්නේ.. (ස)
ලංකාවේ නඩු ගැනනම් කතා කරලා වැඩක් නැහැ. දැන් ඉතින් නැවගිලුනත් බෑන්ඩ් චූන් කියලා බලන් ඉන්න තමයි වෙන්නේ. (ස)
තෙල් නල තියෙන පැත්තකනම් නැවම සුද්දයි. (ස)
ලංකාවේ නීතිය ගැනනම් කතාකරලා වැඩක් නැහැ. නඩු කියන්න අවුරුදු ගානක් ගතවෙනවා. අන්තිමට නැවත් ගිලිලා සිදුවන පරිසර දූෂණය මිල කළ නොහැකියි. අන්තිමට වෙන්නේ පෙරකදෝරුවෝ පොහොසත් වෙනඑක පමණයි. (ස)
දත් කැඩෙනකම් මිනිස්සු සහ මාධ්‍ය මේක ගැන කතා කළා. වෙන දේවල් කරන්න නම් උසාවි තියෙනවද කියලා බලන්නෙත් නැහැ. අනේ අපේ රට. (ස)
වසර ගණනාවකට පෙරනේ පුවත්පත් වලින් මේ අවධානම ගැන කිව්වේ. තෙල් වෙන නැවකට ඉවත් කරනවා කියලා කිව්වනේ. මේවට නිසි පියවර නොගත් අයට දඩුවම් දෙන්න. ඉස්තාලය වහන්නේ අශ්වයා පැන ගියාට පස්සේ. (ස)
නියඟය නිසා අරහේ වැව් වල මාළු මැරෙනවා. දැන් මේ තෙල් නිසා මුහුදේ මාළු මැරෙනවා. ඔන්න ලංකාවට වෙන දේ. (ස)
තෙල් බැහැර වීමේ අවදානම තේරුම් අරගෙන වේලාසනින් ටැංකි හිස් කරලා තියන්න අදාළ අයට නොසිතුනේ ඇයි. දැන් මුහුදට බෙහෙත් කරනවාට වඩා තෙල් කාන්දුවක් සිදු වීම වලක්වා ගත්තනම් කොච්චර ලොකු දෙයක් ද? (ස)
අවුරුදු 5 ඈදෙන්න මේක ඉඩම් නඩුවක්ද? වාණිජ අධිකරනයට ඈයි නෑව ගිලෙනකන් බලාගෙන හිටියෙ?කවුද තෙල්කාන්දුවට වග කියන්න්නෙ? මේවට උත්තර මාධ්යෙන් හොයල අපිට දෙන්න, සමහරුන්ට ඉතින් නෑව ගිලුනත් බෑන් චූන් නේ............. (ස)
ලංකාවෙ නඩු ගැනනම් කියල වැඩක් නෑ..අවුරුදු ගානම් නැව එක තැන..නඩුව ඉවරයක් නෑ..අන්තිමට නැවත් ගිලිල යනකම් නඩුව යනව...නැව ගිලිල අවුරුදු ගානක්ම යනකනුත් නඩුව යයි..ලංකාවට වැඩකුත් නෑ..නැවේ අයිති කාරයට කොච්චර පාඩුවක් ද.. (ස)
වාණිජ අධිකරනයට කියල තහංචියක් දාගන්න බැරිද? (ස)
මේක ලංකාවේ සිදුවුන දෙයක් නිසා තමයි මෙච්චරකල් නැව ගිලෙනකන්ම හිටියේ. (ස)
ගාමිණීගේ කතාව හරියටම හරි. මේක හදිස්සියෙ ගිලුනු නැවක් නෙමෙයිනේ. තෙල් කාන්දුවකට පියවරක් ගන්න ඕනතරම් කාලය තිබුණා. මෙහෙම නැව දිගටම අවුරුදු ගානක් මූදෙ තිබුනොත් දිරල මුහුදුබත් වෙන බවවත් බලධාරීන්ට තේරුම් ගන්න බැරි වුණානේ. දැන් ඉතින් අර තෙල් හින්ද වෙන්න යන පරිසර හානියට මූණ දෙන්න වෙයි(ස)
අපි විසින්ම අපි නැති වෙමු..(ස)
අපි තවමත් තුන්වන ලෝකයේ රටක් වෙමු...(ස)
ලංකාවේ උසාවි භූමිවල කොච්චරක් වටිනා රථ වාහන වගේ දේවල් මේ නඩු හින්දා විනාශ වෙලා යනවද ? ගාන බැලුවොත් වටිනාකම කෝටි ගාණන්. මේවා මහ පොළොව නුහුලන අපරාධ මේවගැන කාටවත් වුවමනාවක් නැහැ. (ස)
අයියෝ මට කිව්වනම් මන් නොමිලේම තෙල් ටික හිස්කර ගන්නවනේ..(ස)
ලංකාවේ නඩු ගැන ලෝකයටම දැනගන්න මේකත් ඇති. (ස)
සල්ලි ටික වතුරෙ දැම්මා කියලා හිතාගන්න කියන්නේ මේවට තමයි... දැන් ඉතිං මුහුදේ මාළු ටිකටනම් ගජවාසි.... දැන් උන් උන්ගේ වාහනවලට නොමිලේම තෙල් ගහගෙන ලෝකෙ වටේ යනගමන්ම නිවන් දකිනව ඇති... පව් අහිංසක මාළුවන්... (ස)
වැඩකට නැති රටක් බවට පත් වෙලා.... ලැජ්ජයි. දැන් ඉතින් මේකෙන් වෙන විනාසයට කවුද වගකියන්නේ. (ස)
මේ ප‍්‍රශ්නේ නිසා ලාබයක් වතුරේ ගියා (ස)
මේක 18 වෙනි සියවසේ එකක්නේ . මලකඩ පිරිලා . මේවට පරිසර දුෂණ සහතික අවශ්‍ය නැද්ද ? (ස)
මෙය රටේ වරදක් නොවේ. එනිසා රටට දොස් නැගීමෙන් වලකින්න...(ස)
මේකේ අවධානම ගැන මීට කලින් මිනිස්සු කතා කරා නේද ???(ස)
අපි නීතිය රකින්න ඉස්සෙල්ලා සොබාදහම රකින්න ඕන. නිවැරදි තීරණ නොගන්නා රටක ජීවත් වනවිට මෙහෙම තමයි වෙන්නේ. (ස)
මෙහෙමත් රටක්..(ස)
මේවා ලෝක අපරාධ බැරි වෙලාවත් මේ නැව අපේ දේශපාලකයකුට අයිතියක් ගෑවිලා හරි තිබුණනම් මේ නැව මුහුදේදීම අළුත්වැඩියා කර කර තමයි තියෙන්නේ. අද මෙහෙම වෙන්නේ නෑ. අවුරුදු පහකට කලින් සුපිරි විදියට තිබුණ නැව. මේව තමයි අපේ රටේ දුර්වලතා. (ස)
මෙම නැව වෙන්දේසිකර මුදල් නඩුවට තැන්පත් කරන ලෙස සහ නැව ත්‍රිකුණාමලයට ගෙනගොස් එහි තිබෙන බඩු සහ තෙල් ගොඩබාන ලෙස වාණිජ මහාධිකරණයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කර තිබුණා. (ස)
මෙහෙව් රටක ඉන්නවට වඩා හොඳයි මැරෙන එක.. (ස)