IMG-LOGO

ගුරු සිත් හොඳටම රිදවා

මොස්කව් නුවර ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා දැරියක (12) තම පන්ති භාර ගුරුවරයාට පහර දී පාසලෙන් පලායන පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි. සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා මහතා සේ අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බව ඇය පවසයි. ඇගේ පන්තියේම සිසුවෙක් සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කෙළේය.



අදහස් (0)

ගුරු සිත් හොඳටම රිදවා

වරුණ Thursday, 06 September 2012 02:13 PM

එහෙත් බැලුවම ලංකාව වගේමනේ..!! ජාත්‍යන්තර පාසල්වල විනයක් ඇත්තෙම නැහැ..!!(නු)

:       0       0

ශ්‍රීසර Friday, 07 September 2012 11:00 AM

නියම කෙල්ලෙක්, කවදා හරි හොඳ තැනකට එයි. මේ වයසෙදි උනත් කොන්ද කෙලින් තියාගෙන නිර්භීතව වැඩ කරන එක කොච්චර දෙයක්ද. ගුරුවරුන්ට ගෞරව කරන එකෙයි නිවට කමෙයි වෙනසක් තියනවා. භාෂාව නොතේරුනාට ළමයට වෙන්නෙ අසාධාරනයක් කියලා ගුරුවරයාගේ හැසිරීමෙන් පේනවා. (ස)

:       0       0

සුසිල් Thursday, 06 September 2012 02:56 PM

ලංකාවේ ගුරුවරුන්ටත් ගහලා රෝහල්වල ඉන්න කොට ඕක මොකක්ද(වි)

:       0       0

සේනානායක Thursday, 06 September 2012 03:10 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු . (ස)

:       0       0

රම්‍යා Friday, 07 September 2012 06:44 PM

ජයසිරි සහ උදිත, ගැහුව තැන ගැන හොයන්නේ නැතුව ඇයි සිද්ධිය ගැන අදහස් නොදාන්නේ? (නි)

:       0       0

ධර්මේ Thursday, 06 September 2012 09:06 PM

පුංචි ළමයින්ගේ හිත තේරුම් ගන්න බැරි ගුරුවරු. මේ වගේ ගුරුවරු දැන් ලංකාවෙත් වැහි වැහැලා. මේ පුංචි දුව කරාටේ පන්ති යනවා වෙන්න ඇති. මේ වගේ ආත්මාරක්ෂක උපක්‍රම දැනගෙන ඉන්න එක, අද කාලේ පුංචි ළමයෙක්ට ගොඩක් හොදයි, සිද්ධ වෙන දේවල්වල හැටියට. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Thursday, 06 September 2012 03:45 PM

සම්පූර්ණ වැරැද්ද ළමය පිට දන්නා බැහැ. බලන්න ළමය කියල තියෙනවනේ "සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා මහතා සේ අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බවත්" . මේක අපේ රටේ ගුරුවරුත් නිතර කරන දෙයක්. ළමා මනෝවිද්‍යාව ගැන ඉගනගත් දේවල් අමතක කරනවා ප්‍රයෝගිකව වැඩ කරන විට. දඬුවම් කලයුත්තේ වැරැද්ද පෙන්වා දීමට මිස වැරදිකරු අපහසුතාවයකට ලක් කිරීමට නොවේ. මට මතකයි කලකට ඉහත තම අතට හසු වූ පෙම් හසුනක් ප්‍රසිද්දියේ අනිත් ළමුන් ඉන්න රැස්වීමක කියවපු විදුහල්පති කෙනෙක් ගැන මෙහෙ වාර්තා උනා. ළමයි නිසාම ඉවසගෙන ඉන්නවා. ඔය ක්‍රම වැඩිහිටියන් පාලනය කරන්න යොදා ගත්තනම් බලන්න තිබුන වෙන දේවල්. (නු)

:       0       0

නිමල් Thursday, 06 September 2012 03:51 PM

මට පුදුමය මෙතන තියෙන අදහස් දැක්කම ළමයට බැනල. අනේ මන්ද අපේ මිනිස්සු. (නු)

:       0       0

උදිත Thursday, 06 September 2012 03:51 PM

කකුලට නෙමෙයි නේද ගැහුවේ ?(ස)

:       0       0

හර්ෂ Thursday, 06 September 2012 03:54 PM

ළමයෙක්ට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවා. ළමයෙක්ට බනින්න ඕන ළමයගේ තරමට ..(ස)

:       0       0

හිරාන් Thursday, 06 September 2012 03:54 PM

නියමයි කෙල්ලනේ. (නි)

:       0       0

කින්සා Thursday, 06 September 2012 10:33 PM

එස්.එල්.ටී.කේ හරි. ළමයාගේ වරදක් නැහැ. 200% මම ළමයාගේ පැත්තේ. ළමා මනස හදුනන්නේ නැති ගුරුවරු. මටත් මේ වගේ දෙයක් වෙලා පාසැල් කාලයම අදුරු වුණා, එපා වුණා. (නි)

:       0       0

Mahinda Udayasiri Rathnayaka Friday, 07 September 2012 08:14 PM

තව දුරටත් මෙය ළමයින් අතරට යවමු ඒතකොට අපෙ රටෙ අධ්‍යාපනය තවත් ඉවර වෙයි එතකොට සල්ලි වියදම් වෙන්නෙත් නැහැනෙ..!(නු)

:       0       0

කුමුදු Thursday, 06 September 2012 04:20 PM

තව ජාත්‍යන්තර පාස්ල ටිකක් එහෙම විවෘත කළා නම් නේද හොද? (නි)

:       0       0

තිලිණි Thursday, 06 September 2012 04:26 PM

ඒ ගුරුවරයා හැසිරෙන විදිහ වැරදියි..!! මටත් ඔහොම උනා උසස් පෙළ භෞතික විද්‍යා විභාගයට ලියද්දි.. පොඩි වරදකට මට ශාලාවෙදිම හොදටම බැන්නා. සර් කෙනෙක්.. මම අඩලා අඩලා විභාගය ලිව්වෙත් නැහැ.. මාව අසමත් උනා..සමහරු ළමයින්ගෙ මානසික මට්ටම තේරුම් ගන්නේ නැහැ..!!(නු)

:       0       0

චාමර Thursday, 06 September 2012 04:26 PM

පොඩි ළමයින්ට ඔහොමද හොද නරක කියලා දෙන්නේ? ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ පොඩි උන්ට වුණත්. (නි)

:       0       0

හේමන්ත Thursday, 06 September 2012 04:38 PM

ළමයා ගුරුවරයාට ගහන්න කලින් මට එයා ගැන දුක හිතුනා බලාගෙන ඉන්න විදිහට.. නමුත් ගුරුවරයාට පාරක් ගහන විට ඔහු කෙරෙහි දුක හිතුලා.. වැදුන පාර ලේසි නැහැ.. ඔහු ඉන්දවුනා... නොදනිමි කාගේ දෝසා...!!(නු)

:       0       0

ජයසිරි Thursday, 06 September 2012 11:30 PM

ගැහුවේ කකුලට වුවත්....? (නි)

:       0       0

කාලිංග Thursday, 06 September 2012 04:58 PM

ගුරු සිත නොරිදවා වැඩ කරන්න පුරුදු වන්න

:       0       0

දිල්ෂාන් Thursday, 06 September 2012 04:59 PM

දෙන්නම වැරදි මුත් ගුරුවරිය නිවැරදි වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 06 September 2012 04:57 PM

මේ ගුරුවරයගේ තමයි වරද? ළමයින්ට කතාකරන්න දන්නේ නෑ..(ස)

:       0       0

දර්රෙන් Friday, 07 September 2012 01:45 PM

අකුරු නොකරයි කුමරු සොදවා(දී)

:       0       0

කුමාර Thursday, 06 September 2012 05:23 PM

මෙහෙමත් වැඩක්

:       0       0

විකුම් Thursday, 06 September 2012 05:54 PM

මෙවැනි දේ වාර්තානොකරනවා නම් නේද හොඳ (ස)

:       0       0

නිරන් සෞදි Thursday, 06 September 2012 05:56 PM

ගුරුවරයාට මේ පොඩි ළමයින්ට දෙයක් කියලා දෙන්නෙ කොහොමද කියලා කිසිම දැනුමක් නැති පාටයි..මේවා ගැන විදුහල්පතිවරු සොයා බැලිය යුතුයි..!!(නු)

:       0       0

නදුන් Friday, 07 September 2012 05:17 AM

ආදරය, මෛත්‍රිය , කරුණාව ,ඉවසීම නැති ‍ලොවක විනාසය " ඒහි පස්සිකෝ - එන්න ධර්මය දකින්න " (http://sinhala.mahamevnawa.lk/sermons/audio/ ) (ස)

:       0       0

පනාගොඩ මෙල්බන් Thursday, 06 September 2012 06:07 PM

සෑම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් ඇති බව මේ බුද්ධිමත් ගුරුවරු මීට වඩා හොදින් සිතිය යුතුයි..!!(නු)

:       0       0

ලංකා Friday, 07 September 2012 03:40 PM

ඔහොම අකුරු කරන්න බැහැ (දී)

:       0       0

ඉන්දික Friday, 07 September 2012 09:30 AM

ගුරුවරයාගේ අතෙයි සම්පුර්ණ වැරැද්ද .ඔහු ගුරු වෘත්තියට සුදුදු නැති කෙනෙක්..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 06 September 2012 07:40 PM

හාවෙකුට වුණත් ඕනෑවට වැඩිය රිද්දුවොත් හපනවා. (නි)

:       0       0

නිරූ Thursday, 06 September 2012 08:10 PM

නිර්භීත ළමයෙක්. (නි)

:       0       0

ගීතා Thursday, 06 September 2012 08:14 PM

මම නම් ළමයාට වරදක් කියන්නේ නැහැ. පාඩමක් වැරදුණාට ළමයාව අපහසුවට පත් කළා වැඩියි. (නි)

:       0       0

නිරූ Thursday, 06 September 2012 02:03 PM

මෙයා ළමයෙක් නෙමෙයි යකෙක්..(ස)

:       0       0

අමරා අයිරංගනී Thursday, 06 September 2012 08:21 PM

ගුරුවරයාගේ වැරදි ඉක්මන්වීම ලැජ්ජාව යන දෙක නිසාම ළමයා මානසිකව වැටුණා...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 489 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 301 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site