මොස්කව් නුවර ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා දැරියක (12) තම පන්ති භාර ගුරුවරයාට පහර දී පාසලෙන් පලායන පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි. සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා මහතා සේ අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බව ඇය පවසයි. ඇගේ පන්තියේම සිසුවෙක් සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් බැලුවම ලංකාව වගේමනේ..!! ජාත්‍යන්තර පාසල්වල විනයක් ඇත්තෙම නැහැ..!!(නු)
නියම කෙල්ලෙක්, කවදා හරි හොඳ තැනකට එයි. මේ වයසෙදි උනත් කොන්ද කෙලින් තියාගෙන නිර්භීතව වැඩ කරන එක කොච්චර දෙයක්ද. ගුරුවරුන්ට ගෞරව කරන එකෙයි නිවට කමෙයි වෙනසක් තියනවා. භාෂාව නොතේරුනාට ළමයට වෙන්නෙ අසාධාරනයක් කියලා ගුරුවරයාගේ හැසිරීමෙන් පේනවා. (ස)
ලංකාවේ ගුරුවරුන්ටත් ගහලා රෝහල්වල ඉන්න කොට ඕක මොකක්ද(වි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු . (ස)
ජයසිරි සහ උදිත, ගැහුව තැන ගැන හොයන්නේ නැතුව ඇයි සිද්ධිය ගැන අදහස් නොදාන්නේ? (නි)
පුංචි ළමයින්ගේ හිත තේරුම් ගන්න බැරි ගුරුවරු. මේ වගේ ගුරුවරු දැන් ලංකාවෙත් වැහි වැහැලා. මේ පුංචි දුව කරාටේ පන්ති යනවා වෙන්න ඇති. මේ වගේ ආත්මාරක්ෂක උපක්‍රම දැනගෙන ඉන්න එක, අද කාලේ පුංචි ළමයෙක්ට ගොඩක් හොදයි, සිද්ධ වෙන දේවල්වල හැටියට. (නි)
සම්පූර්ණ වැරැද්ද ළමය පිට දන්නා බැහැ. බලන්න ළමය කියල තියෙනවනේ "සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා මහතා සේ අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බවත්" . මේක අපේ රටේ ගුරුවරුත් නිතර කරන දෙයක්. ළමා මනෝවිද්‍යාව ගැන ඉගනගත් දේවල් අමතක කරනවා ප්‍රයෝගිකව වැඩ කරන විට. දඬුවම් කලයුත්තේ වැරැද්ද පෙන්වා දීමට මිස වැරදිකරු අපහසුතාවයකට ලක් කිරීමට නොවේ. මට මතකයි කලකට ඉහත තම අතට හසු වූ පෙම් හසුනක් ප්‍රසිද්දියේ අනිත් ළමුන් ඉන්න රැස්වීමක කියවපු විදුහල්පති කෙනෙක් ගැන මෙහෙ වාර්තා උනා. ළමයි නිසාම ඉවසගෙන ඉන්නවා. ඔය ක්‍රම වැඩිහිටියන් පාලනය කරන්න යොදා ගත්තනම් බලන්න තිබුන වෙන දේවල්. (නු)
මට පුදුමය මෙතන තියෙන අදහස් දැක්කම ළමයට බැනල. අනේ මන්ද අපේ මිනිස්සු. (නු)
කකුලට නෙමෙයි නේද ගැහුවේ ?(ස)
ළමයෙක්ට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවා. ළමයෙක්ට බනින්න ඕන ළමයගේ තරමට ..(ස)
නියමයි කෙල්ලනේ. (නි)
එස්.එල්.ටී.කේ හරි. ළමයාගේ වරදක් නැහැ. 200% මම ළමයාගේ පැත්තේ. ළමා මනස හදුනන්නේ නැති ගුරුවරු. මටත් මේ වගේ දෙයක් වෙලා පාසැල් කාලයම අදුරු වුණා, එපා වුණා. (නි)
තව දුරටත් මෙය ළමයින් අතරට යවමු ඒතකොට අපෙ රටෙ අධ්‍යාපනය තවත් ඉවර වෙයි එතකොට සල්ලි වියදම් වෙන්නෙත් නැහැනෙ..!(නු)
තව ජාත්‍යන්තර පාස්ල ටිකක් එහෙම විවෘත කළා නම් නේද හොද? (නි)
ඒ ගුරුවරයා හැසිරෙන විදිහ වැරදියි..!! මටත් ඔහොම උනා උසස් පෙළ භෞතික විද්‍යා විභාගයට ලියද්දි.. පොඩි වරදකට මට ශාලාවෙදිම හොදටම බැන්නා. සර් කෙනෙක්.. මම අඩලා අඩලා විභාගය ලිව්වෙත් නැහැ.. මාව අසමත් උනා..සමහරු ළමයින්ගෙ මානසික මට්ටම තේරුම් ගන්නේ නැහැ..!!(නු)
පොඩි ළමයින්ට ඔහොමද හොද නරක කියලා දෙන්නේ? ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ පොඩි උන්ට වුණත්. (නි)
ළමයා ගුරුවරයාට ගහන්න කලින් මට එයා ගැන දුක හිතුනා බලාගෙන ඉන්න විදිහට.. නමුත් ගුරුවරයාට පාරක් ගහන විට ඔහු කෙරෙහි දුක හිතුලා.. වැදුන පාර ලේසි නැහැ.. ඔහු ඉන්දවුනා... නොදනිමි කාගේ දෝසා...!!(නු)
ගැහුවේ කකුලට වුවත්....? (නි)
ගුරු සිත නොරිදවා වැඩ කරන්න පුරුදු වන්න
දෙන්නම වැරදි මුත් ගුරුවරිය නිවැරදි වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
මේ ගුරුවරයගේ තමයි වරද? ළමයින්ට කතාකරන්න දන්නේ නෑ..(ස)
අකුරු නොකරයි කුමරු සොදවා(දී)
මෙහෙමත් වැඩක්
මෙවැනි දේ වාර්තානොකරනවා නම් නේද හොඳ (ස)
ගුරුවරයාට මේ පොඩි ළමයින්ට දෙයක් කියලා දෙන්නෙ කොහොමද කියලා කිසිම දැනුමක් නැති පාටයි..මේවා ගැන විදුහල්පතිවරු සොයා බැලිය යුතුයි..!!(නු)
ආදරය, මෛත්‍රිය , කරුණාව ,ඉවසීම නැති ලොවක විනාසය " ඒහි පස්සිකෝ - එන්න ධර්මය දකින්න " (http://sinhala.mahamevnawa.lk/sermons/audio/ ) (ස)
සෑම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් ඇති බව මේ බුද්ධිමත් ගුරුවරු මීට වඩා හොදින් සිතිය යුතුයි..!!(නු)
ඔහොම අකුරු කරන්න බැහැ (දී)
ගුරුවරයාගේ අතෙයි සම්පුර්ණ වැරැද්ද .ඔහු ගුරු වෘත්තියට සුදුදු නැති කෙනෙක්..(ස)
හාවෙකුට වුණත් ඕනෑවට වැඩිය රිද්දුවොත් හපනවා. (නි)
නිර්භීත ළමයෙක්. (නි)
මම නම් ළමයාට වරදක් කියන්නේ නැහැ. පාඩමක් වැරදුණාට ළමයාව අපහසුවට පත් කළා වැඩියි. (නි)
මෙයා ළමයෙක් නෙමෙයි යකෙක්..(ස)
ගුරුවරයාගේ වැරදි ඉක්මන්වීම ලැජ්ජාව යන දෙක නිසාම ළමයා මානසිකව වැටුණා...!!(නු)