ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිර්ණායකයන්ට පටහැනිව එම සේවයට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මැයි 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියෝග කරමින් නොතිසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන වගන්තියට පත්වීම් ලබාදෙන නිර්ණායකයන්ට පටහැනිව රාජකාරි ආවරණය කළ නිලධාරීන් එම පන්තියට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් කණු. අර පාකිස්තානේ කණු තුන වගේමයි. (නදී)
ගුරුවරුන්ටත් ජීවත් විය හැකි පඩියක් ඉල්ලා රීට් බැරිනම් බීට් ආඥාවක් හරි නිකුත් කළොත් නරක ද? (නි)
අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ආකාර දෙකක් තිබෙනවා සාමාන්‍ය සහ විශේෂ කියලා. විශේෂ සේවක ගණයට සුදුසුකම් ලෙස අදාල විෂය පිලිබදව විශේෂ උපාධිය හෝ අදාල විෂය සහිතව සාමාන්‍ය උපාධිය හෝ සහිත වසර 5 කට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරයෙක් විම සහ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත්වීම තිබිය යුතුයි. මෙම සේවක ගණයෙන් සෑම කලාප කාර්යාලයකම නිලදාරීන් 16 දෙනකු බැගින් සිටිය යුතුයි. නමුත් මුළු ලංකාවේම පුරප්පාඩු 700 කට වඩා තියනවා. මේවට විභාගය සමතුන් නොගෙන උපාධියක්වත් නොමැති දේශපාලන ඇම්බට්ටයින් ටිකක් රිංගවන්න දෙනවද? විභාගය සමතුන් එම පුරප්පාඩු වලට පත්කරනවද ? කොන්ද පණ ඇති ගුරුභවතුනි, එක්ව නැගීසිට විභාග සමත් සුදුස්සන් අධ්‍යාපන තනතුරු වලට බදවා ගැනීමට කටයුතු කරමු . (නි)
දැන් එතකොට අධිකරණයද පාර්ලිමේන්තුවද උත්තරීතර? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)