ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නමයක් රාජගිරියේ ඇන් ඇම් පෙරේරා පිළිරුව අසලින් බදාදා බත්තරමුල්ලේ ඉසුරුපායට පයින් යෑමට නියමිතය. අතුරු වැටුප් යෝජනා, ගුරු-විදුහල්පති උසස්වීම්, ආපදා හා දේපළ ණය ආදිය ඉල්ලීම් අතර වේ. දළ දේශීය නිශ්පාදනයෙන් අඩුම වශයෙන් සියයට හයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කැර ගැනීම ද තවත් ඉල්ලීමකි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ද මීට සහාය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියයි. ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහපති සංගමය සහ ස්වාධීන ලංකා ගුරු සංගමය ද පාගමනට එක්වන බව ස්ටාලින් මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලාට 6% නැතිව අනිත් සේරම දෙනවා.. මොකද කියන්නෙ..?(නු)
දළ දේශීය නිශ්පාදනයට ගුරු සේවයෙන් දායකත්වයක් නැති නිසා වැටුප් වැඩිකිරීමක් අවශ්‍ය නැත..!(නු)
නොනවතින රළ හෙට අනිද්දා හෙදියෝ දුම්රිය සේවකයෝ..!(නු)
කොහොම හරි කමක් නැහැ අහිංසක දූ දරුවන්ගේ ඉගෙනුවට බාදා නොකර ...මොකද දරුවන් පළි නැහැ මේවට...!(නු)
දැන් ඔය දාලා තියෙන 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළොත් එහෙම හැම මාසෙම දරුවන්ට ගේන්න කියන අමතර මුදල් (පහසුකම් ගාස්තුවලට අමතරව) ගේන්න ඕන නැද්ද? ගුරුවරු පොත්වල ලියලා එවන දේවල් අම්මලා තාත්තලා ළමයින් කියලා දෙන්න ඕන නැද්ද? එහෙම නම් මමත් ඒකට එක පයිම්ම සහයෝගය දක්වනවා !(නු)
තවත් සංගම් නැද්ද ඕවට එකතු වෙන්න? (ත)
හොද ගුරුවරයෙකුට කළු ලෑල්ලකුයි හුණු කූරකුයි තිබුණානම් හොදටම ඇති.. ආයෙ 6% වෙන් කරන්න ඕන නැහැ..!(නු)
මේ ගොල්ලන් අමතර පන්තිවලින් අය කරන්නේ පැය ගානට.. (නු)
ජානක මහත්තයෝ කළු ලෑල්ලයි හුණු කුරයි දුන්නම ගුරුවරු කන්නේ පිදුරුද? (ත)
ඔය වැඩ නතර කරන්න.. ඔබලා පාසල් ගිහිල්ලා ඔය ළමයි ටිකගේ ඔළු හදන්න මේ රටේ දේශපාලකයන් බිහිවීම වලක්වන්න.. මේ රට උගතුන් බිහිවෙන දවසට ඔබලාගේ ප්‍රශ්ණ සේරම විසදේවි..!(නු)
ලලිත් කටාර්, ඔබ කියන කතාවට පියෙක් වශයෙන් මමත් එකඟයි.ස්තුතියි. මගේ දරුවා ඉගෙනගන්නේත් ලොකු ජාතික පාසලක තමා. එහි ඇතැම් ගුරුවරියන්ගේ අමන වැඩ දකිනකොට හිතෙනවා දරුවා දමන්න මීට වඩා පොඩි ඉස්කෝලයක් කිට්ටුව තිබුණා නම් කියා. ගිය අවුරුද්ද මුලදී ලැයිස්තුවට ඇනවුම් කළ මිල අධික සමහර පොත් කවදාවත් පාවිච්චි කෙරුනේ නැහැ. මොන තරම් ලස්සන කවර තිබෙන පොත් ගෙනාවත් ඒගොල්ල කියන සැම්පලෙන් කවර දාලා ඉටිකොලත් දාන්න ඕනෑ. සමහරදාට බර වියදම් යන දේවල් ගෙනෙන්න කියනවා. අනේ ඉතින් අපිත් කොහොම හරි සපයලා යවනවා. දරුවා ඇවිත් කියනවා ටීචර් බැලුවේවත් නැහැ කියලා. ඉතින් අර සේරම අහක යනවා. එළිපිටම මානසික අල්ලස් ගැනිල්ලක් නම් මේ විදුහලේ නැහැ. එහෙත් සමහර තැේ වල අම්මලා සාරි එහෙම අරන් යනවා අපි දකිනවා. කොහොම වුණත් ගුරුවරු අතරේ මේ ගැනත් කතිකාවක් ඇති වුණොත් හොඳයි. (නි)