
(දයාසීලි ලියනගේ)
ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් සංවෘත්ත සේවාවක් කර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් ලබා දෙන ලෙසට ගුරු - විදුහල්පති සංගම් අද (14) දහවල් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටියේය.
සංවෘත සේවාවන් කිරීමෙන් ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් අනෙකුත් සේවාවෙන් ඉවත් වන අතර විදුහල්පතිවරුන් හා ගුරු උපදේශක තනතුරුවල සිටින අය පාරිපලන තනතුරු ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබෙන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පල්ලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.
මේ අතර ගුරු වර්ජනයට විසැඳුමක් නොලැබෙන තත්ත්වයක් යටතේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එකක් කිව්වෙ නෑ. කිව්වෙ ඕනෑම ගුරුවරයෙකුට විවෘත විභාගෙ ලියා පරිපාලන සේවයට යන්න පුලුවන් කියලයි. ඒ සදහා ගුරු සේවය සංවෘත කරන්න ඕන නෑ. දැනුත් පුලුවන්. එම සභාව තුළ සිටි කෙනෙක් ලෙස මං මෙය කියන්නේ වගකීමෙන්. සමහර විට තේරුම් ගැනීමේ වරදක් වුනා විය හැකියි.
කෙහොම වුනත් මේ සංගම් ටික එකතු වෙලා අධ්‍යාපන පද්ධතිය සියල්ල අවුල් කරනවා. ප්‍රයිවෙට් ස්කූල් සහ කැම්පස් වලට හොඳ ඉල්ලමක් පෑදෙන්න යන්නේ . දැනටත් ළමයින් පාසල් වලින් ඉවත් වෙලා පුද්ගලික අයදුමකරුවන් ලෙස විභාග වලට ඉල්ලනව .
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
ඉස්සෙල්ලා මොවුන්ට අදාළ ජොබ් එක කරන්න කියන්න.. එහෙනම් පොලිස් නිලධාරින්ටත්, ටුවරිස්ට් ගයිඩ්ලාටත් පුළුවන් ඇති නේද...?