වසර 15ක් තිස්සේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තත් බලධාරීන්ගෙන් මෙතෙක් විදුම් නොලැබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු අධ්‍යාපනයට බලපාන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ගුරු විදුහපති සංගම් නවයක නියෝජිතයන් අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගරු සංගම් රැසක් ඒකාබද්ධව මෙම අරගලය ගෙන යන බවත්, සිය ඉල්ලීම් ලැබෙන තෙක් අරගලය දිගටම ගෙන යන බවත් ඒ මහතා කියයි. අධ්‍යාපන ඇමති හා ලේකම් ගුරු විදුහල්පති සංගම් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා අත්තනෝමතිකව කටයුතු කරන බව ද ගුරු සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සඳහන්ය. ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනා හිඟ වැටුප් සහිත ක්‍රියාත්මක කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% අධ්‍යාපනයට වෙන් කිරීම ,ගුරු විදුහල්පති උසස් වීම් ලබා දීම, ආපදා ණය ඇතුළු සියලු දීමනා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, , අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරනය කිරීමෙන් වැලැක්වීම අදී ඉල්ලීම් රැසක් ලබා ගැනීම වෙනුවෙන් මේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවත් හැකි ඉක්මණින් මේවාට විසඳුම් ලබා දෙන ලෙසත් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය වලපල්ලට ගිය මේ වගේ යුගයක් ලංකා ඉතිහාසයේ තවත් නෑ. විභාග ප්‍රශ්නපත්‍රයක්වත් හරියට හදාගන්න ැරිව තව මොන කතාද?
අරගල කරන්න. නමුත් දරුවන්ගේ පාසල් පාඩුකරන්න එපා. ගුරු වෘත්තිය ගරු වෘත්තියක්.
ළගදි අපට විදුහල්පති 2-11 පත්වීම් ලැබුණා. මේ වන විට අපි ගුරුසේවයේ 1 හිටියේ. විදුහල්පති 2-11ට වැටුප් මීට වඩා අඩුයි. පැහැදිලි විශමතාවක් තියෙනවා. අරගලයට සහාය ලබා දෙමු.
අර අදින්න දෙයක් නෑ. ගුරු විදුහල්පති සංගම් සටන ඒ අය ඒ විධිහටම කර ගෙන යයි. මෙයින් අසරණ වෙන්නේ දරැවන් තමයි.
අපෝ.. අපිනම් ඕවට නෑ. ඊයේ පෙරේදා එක කට්ටියක් ගිග වැටුපත් අරගෙන අයින් වුණා. මේ ගුරු සංගම් සභාපති නේද අර පහවසර ශිෂ්‍යත්ව ප්‍රශ්නෙටත් මුල්වුණේ? කෝ ඔප්පු කළේ නැහැනේ.
නියමිත කාලයන් තුළ උසස්වීම් නොලැබීම නිශ්චිත ගුරු මාරු ක්‍රමයක් නොතිබීම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන සේ උසස්වීම් අවස්ථා නොතිබීම අධ්‍යාපනය දේශපාලනීකරණය වීම වැඩිදුර අධ්‍යාපන අවස්ථා නොතිබීම ගුරු විදුහල්පති වර්ජනය සාධාරණයි
ඔය ඉල්ලන ඒවා සේර දීපුවාම ආයේ දෙන්න මොනවත් ඉතුරු වෙලා තියෙන් නෑ..
වෘත්තීමය අයිතීන් වෙනුවෙන් සටන් කළාට කමක් නැහැ. දරුවන්ට අයහපතක් වෙන්න දෙන්න එපා. (නි)
මේ අය නම් එක එක අර ඇදලා, දීමනා ඉල්ලා ගනියි. එදා වේල කාලා ජීවත් වෙන අපිට කාගේ පිහිටද? (ත)
අධ්‍යාපන සේවයේ ඇති ශ්‍රේණි බෙදීම් ගණන ඔවුන් වත් දන්නවාද කියා සැකයි. අසීමිත පිල් බෙදීම් සමග සටනක් කර ජය ගන්න හැකියි කියා හිතනවා නම් අපෙත් සුබ පැතුම් !(ස)
අයියෝ සල්ලි
කාට කියන්නද