IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරු විදුහල්පති සංගම් සටනට අර අදී

වසර 15ක් තිස්සේ කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තත් බලධාරීන්ගෙන් මෙතෙක් විදුම් නොලැබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු අධ්‍යාපනයට බලපාන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්  වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ගුරු විදුහපති සංගම් නවයක නියෝජිතයන් අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගරු සංගම් රැසක් ඒකාබද්ධව මෙම අරගලය ගෙන යන බවත්, සිය ඉල්ලීම් ලැබෙන තෙක් අරගලය දිගටම ගෙන යන බවත් ඒ මහතා කියයි. අධ්‍යාපන ඇමති හා ලේකම්  ගුරු විදුහල්පති සංගම් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා අත්තනෝමතිකව කටයුතු කරන බව ද ගුරු සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සඳහන්ය. ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනා හිඟ වැටුප් සහිත ක්‍රියාත්මක කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% අධ්‍යාපනයට වෙන් කිරීම ,ගුරු විදුහල්පති උසස් වීම් ලබා දීම, ආපදා ණය ඇතුළු සියලු දීමනා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, , අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරනය කිරීමෙන් වැලැක්වීම අදී ඉල්ලීම් රැසක් ලබා ගැනීම වෙනුවෙන් මේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවත් හැකි ඉක්මණින් මේවාට විසඳුම් ලබා දෙන ලෙසත් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

ගුරු විදුහල්පති සංගම් සටනට අර අදී

නාලනී සේනාධීර Sunday, 14 October 2012 01:36 PM

අධ්‍යාපනය වලපල්ලට ගිය මේ වගේ යුගයක් ලංකා ඉතිහාසයේ තවත් නෑ. විභාග ප්‍රශ්නපත්‍රයක්වත් හරියට හදාගන්න ැරිව තව මොන කතාද?

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 01:59 PM

අරගල කරන්න. නමුත් දරුවන්ගේ පාසල් පාඩුකරන්න එපා. ගුරු වෘත්තිය ගරු වෘත්තියක්.

:       0       0

මහින්ද Sunday, 14 October 2012 02:10 PM

ළගදි අපට විදුහල්පති 2-11 පත්වීම් ලැබුණා. මේ වන විට අපි ගුරුසේවයේ 1 හිටියේ. විදුහල්පති 2-11ට වැටුප් මීට වඩා අඩුයි. පැහැදිලි විශමතාවක් තියෙනවා. අරගලයට සහාය ලබා දෙමු.

:       0       0

මුතුකුඩ Sunday, 14 October 2012 02:17 PM

අර අදින්න දෙයක් නෑ. ගුරු විදුහල්පති සංගම් සටන ඒ අය ඒ විධිහටම කර ගෙන යයි. මෙයින් අසරණ වෙන්නේ දරැවන් තමයි.

:       0       0

ජයනාත් ප්‍රියන්ත Sunday, 14 October 2012 03:18 PM

අපෝ.. අපිනම් ඕවට නෑ. ඊයේ පෙරේදා එක කට්ටියක් ගිග වැටුපත් අරගෙන අයින් වුණා. මේ ගුරු සංගම් සභාපති නේද අර පහවසර ශිෂ්‍යත්ව ප්‍රශ්නෙටත් මුල්වුණේ? කෝ ඔප්පු කළේ නැහැනේ.

:       0       0

පී ඒ චන්ද්‍රසේව Sunday, 14 October 2012 04:00 PM

නියමිත කාලයන් තුළ උසස්වීම් නොලැබීම නිශ්චිත ගුරු මාරු ක්‍රමයක් නොතිබීම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන සේ උසස්වීම් අවස්ථා නොතිබීම අධ්‍යාපනය දේශපාලනීකරණය වීම වැඩිදුර අධ්‍යාපන අවස්ථා නොතිබීම ගුරු විදුහල්පති වර්ජනය සාධාරණයි

:       0       0

යොහාන් Sunday, 14 October 2012 04:29 PM

ඔය ඉල්ලන ඒවා සේර දීපුවාම ආයේ දෙන්න මොනවත් ඉතුරු වෙලා තියෙන් නෑ..

:       0       0

අචිනි Monday, 15 October 2012 10:32 AM

වෘත්තීමය අයිතීන් වෙනුවෙන් සටන් කළාට කමක් නැහැ. දරුවන්ට අයහපතක් වෙන්න දෙන්න එපා. (නි)

:       0       0

සිල්වා Sunday, 14 October 2012 04:43 PM

මේ අය නම් එක එක අර ඇදලා, දීමනා ඉල්ලා ගනියි. එදා වේල කාලා ජීවත් වෙන අපිට කාගේ පිහිටද? (ත)

:       0       0

තුල්සි Monday, 15 October 2012 03:39 PM

අධ්‍යාපන සේවයේ ඇති ශ්‍රේණි බෙදීම් ගණන ඔවුන් වත් දන්නවාද කියා සැකයි. අසීමිත පිල් බෙදීම් සමග සටනක් කර ජය ගන්න හැකියි කියා හිතනවා නම් අපෙත් සුබ පැතුම් !(ස)

:       0       0

ජනක Monday, 15 October 2012 11:41 AM

අයියෝ සල්ලි

:       0       0

ලාල් Sunday, 14 October 2012 08:14 PM

කාට කියන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site