ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ගුරු-විදුහල්පති සමිති නමයක අත්සනින් අධ්‍යාපන ලේකම්ට යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු පමණක් සහභාගී කර ගනිමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2008.12.03 අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනා ඇතුළු කාරණා තුනක් ගැන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔක්තෝබර් 24 වැනිදා ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එලෙසින්ම බවත්වන බවයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන එකක් කරගන්න, පාසල් වහන්නෙ නැතුව. (නි)
වර්ජනයට කොහොම ප‍්‍රතිචාර දක්වයිද දන්නෙ නැහැ. මේ රටේ සිදුවෙන නාස්තිය නවත්තලා ගුරුවරුන්ට මේ ඉල්ලීම් ටික දෙන්න පුළුවන්නෙ. (නි)
විපක්ෂය අවදිවෙවු! (නි)
ඇර සොයිසා ඇර. (නදී)
පිස්සු හැදෙනවා. (නි)
මෙයාලට 6% ඕනි නැද්ද ? පඩිය විතරද වැඩි වෙන්න ඕනි ? (ස)
දැන් ඉතින් වර්ජන කරන කට්ටියට බණියි නේද? (නි)
උපදෙස් නොදෙන උපදේශකලාට, යුක්තිය ඉටු නොකරන පොලීසිය හා අනෙකුත් ආයතන වලට, විභාග අනාගන්න විභාග දෙපාර්තමේන්තුවට, මිල පාලනය නොකරන මිල පාලන දෙපාර්තමේන්තුවට, බාල බෙහෙත් හා ඉන්ධන ගෙන්වා සැපසේ සිටින නිලධාරීන්ට බනින්න නොඇරෙන කටවල් ඔන්න දැන් පනගහලා ඇවිත් දරුවන්ගේ ඉගෙනීම ගැන කියකියා බනින්න ගනීවි. (ස)
ඕන එකක් .පාසල් ටික වහන්නේ නැතුව.උසස්පෙල පිළිතුරු පත්‍ර බලන එක නතර කරන්නේ නැතුව (ස)