(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සාකච්ඡාවට ගැනීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතියට කල් දමනු ලැබ ඇත .
මෙම අනු කමිටුව විසින් සකස් කරන ලද පිටු අටකින් යුත් වාර්තාව ඊයේ (23)පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ,එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් ලබන සතියට කල් දමා තිබේ .
ඩලස් අලහප්පෙරුම ,විමල් වීරවංශ , මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරල මේක ට වහාම විසඳුමක් දෙන්න . අපේ ළමයි අනාථ වෙලා ඉන්නෙ . තමුන්නැහැලා ගේ ළමයින් පිටරටවල සුපිරියට හිටියා ට අපේ ළමයි විනාශයි. මේක සෙල්ලමට ගන්න එපා. මහජනතාව පාරට බහිනවා ෂුවර් . එදාට ගුරුවරු බැස්සා වගෙ නොවන බව මතක තියා ගන්න .
විෂමතා දැනට පැත්තකට දාලා රජයේ සේවකයන්ගෙ වැටුප රට රැක ගැනීම සඳහා පරිත්‍යාග කරන වග අර මහා විප්ලව වාදී N.G.O. කුක්කා දැන් කියයි දැන් කියයි කියලා මේ බලන් ඉන්නෙ.
කොරෝනාවෙන් ආර්ථිකයට වන මැතකාලීන බලපෑමට වඩා අධ්‍යාපනය අක්‍රමවත් වීම නිසා රටේ අනාගතයට දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම අතිශය විශාලයි. එනමුත් ඒ පිලිබඳ විපක්ෂය දක්වන නිද්‍රාශීලී ප්‍රතිපත්තිය කණගාටුදායකයි. අධ්‍යාපනය පිලිබඳ විපක්ෂය හා මාධ්‍ය විශේෂ කාර්යභාරයක් කළයුතුව ඇත. නැති වාදම කියමින් ගුරු වෘත්තීය සමිති ගෙනයන කඩාකප්පල්කාරී පිළිවෙත් අනුමත කල නොහැක. මේ ගතවන්නේ අනාගතයේ රට භාරගන්නා ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගතකල යුතු කාලය යි.
වැටුප් පමණක් කලට, වේලාවට ගෙවා සේවකයා කරන සේවය ක්‍රමවත්ව නියාමනය නොකිරීමේ ඵලවිපාක ගෙවමින් සිටියි. මෙම අපරාධයේ ඵලවිපාක මෑත කාලීනව නොව වසර 10 කින් පමණ විඳීමට සිදුවේ... ඒ වනවිට රටේ ඉහළ අධ්‍යාපන මට්ටම් අවශ්‍ය රැකියා සඳහා ශ්‍රමය විදෙස් රටවලින් පැතීමට සිදුවේ. මේ පිළිබඳ සියලු පාර්ශ්ව වගකීමකින් කටයුතු කර රට අනවශ්‍ය ප්‍රපාතයකට අැද දැමීමෙන් වළකිමු...
අවුරුදු 24ක් පල්වෙච්චි ප්‍රශ්නය තව අවුරුදු 5-6 පරක්කු වුණාට එතරම් ප්‍රශ්නයක් නොවෙයි.
ගැටලුව ඇදගෙන යන්න එපා!