(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සාකච්ඡාවට ගැනීම කැබිනට් මණ්ඩලය විසින් ලබන සතියට කල් දමනු ලැබ ඇත .

මෙම අනු කමිටුව විසින් සකස් කරන ලද පිටු අටකින් යුත් වාර්තාව ඊයේ (23)පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ,එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් ලබන සතියට කල් දමා තිබේ .

ඩලස් අලහප්පෙරුම ,විමල් වීරවංශ , මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .