යක්කල විභාග මධ්‍යස්ථානයක සිදුවූවායැයි කියන ශිෂ්‍යත්ව අක්‍රමිකතාව සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලීසියට අවසර දුන්නාය. අද නඩුව කැඳවූ අවස්ථාවේ මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලාල් කුමාරපේලි මහතා ගුරුසංගම් ලේකම්ට තොරතුරු දුන් 78 දෙනෙකුගේ විස්තර අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත්කළ ලේඛණ පිටපත් සත්‍ය පිටපත් බවට කිසිවකු හෝ සහතික කර නැතැයි මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය. මෙම ලේඛන සත්‍යදැයි නොදන්නා බව රහස් පොලීසිය කරුණු දැක්වූ විට මහේස්ත්‍රාත්වරිය උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේ ඒවායේ සත්‍ය අසත්‍යතාවය සොයා වාර්තා කිරීම සඳහා රහස් පොලීසියට බාර දෙන ලෙසයි. වැඩිදුර විභාගය ඔක්තෝබර් 09 දිනට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු ලේකම්ගේ ලේඛණ රහස් පොලීසියට
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 06 September 2012 08:34 PM
ලේකම් තුමාගේ කට අඩුකරන්න තමයි මේවා කරන්නෙ..!(නු)
ඉන්ද්‍රජිත් Friday, 07 September 2012 09:07 PM
සිදුවුණ වරදට වගකිවයුත්තන් පසෙක සිටියදී එය එළිදරවු කරන්න ගිය මිනිස්සු බය වෙන විදියට පරීක්ෂණ මෙහෙයවෙන විදියයි පෙනෙන්නේ. මේවාට නඩු කියන එක මුදලුත් කාලයත් අපතේ හැරීමක්ම තමා. පොලීසිය අධිකරණයට දන්වාවි ' මෙහි කිසිම සැක කටයුතු දෙයක් සිදුවී නැත ' කියලා. අපි දන්නවා. (නි)
අනුර Thursday, 06 September 2012 11:49 PM
වැරැද්ද කළේ කවුරුවත් වුවත් දඬුවම ලැබෙන්නේ එය එළිකරන අයටයි. මිනිසුන් ඉදිරිපත් කෙසේද ඉතිං යහපත් සමාජයක් හදන්නේ? අධිකරණයෙන් කළ යුත්තේ වැරදිකරුවන් සොයාගැනීමයි. (නි)
වරුණ Thursday, 06 September 2012 05:21 PM
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නි)
චමිලා Thursday, 06 September 2012 05:21 PM
කවුරුන් හෝ ඔවුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා කළා නම් පහසුවෙන් මෙය තහවුරු කරගත හැකිවේවි. (නි)
ගුණතිලක Friday, 07 September 2012 07:04 AM
ශිෂ්‍යාත්වයටත් මෙහෙම කරන රටක් වුණේ ඇයි? (නි)
චතුල වෙරෝනා Thursday, 06 September 2012 07:53 PM
රජයේ සල්ලි බොරුවට වියදම් නොකර නිකන් ඉන්න මහත්තුරුනේ. ඕවායේ අවසානය අපට දැන්මම කියන්න පුලුවන්. (නි)