යක්කල විභාග මධ්‍යස්ථානයක සිදුවූවායැයි කියන ශිෂ්‍යත්ව අක්‍රමිකතාව සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලීසියට අවසර දුන්නාය. අද නඩුව කැඳවූ අවස්ථාවේ මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලාල් කුමාරපේලි මහතා ගුරුසංගම් ලේකම්ට තොරතුරු දුන් 78 දෙනෙකුගේ විස්තර අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත්කළ ලේඛණ පිටපත් සත්‍ය පිටපත් බවට කිසිවකු හෝ සහතික කර නැතැයි මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය. මෙම ලේඛන සත්‍යදැයි නොදන්නා බව රහස් පොලීසිය කරුණු දැක්වූ විට මහේස්ත්‍රාත්වරිය උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේ ඒවායේ සත්‍ය අසත්‍යතාවය සොයා වාර්තා කිරීම සඳහා රහස් පොලීසියට බාර දෙන ලෙසයි. වැඩිදුර විභාගය ඔක්තෝබර් 09 දිනට කල් තැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නි)
කවුරුන් හෝ ඔවුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා කළා නම් පහසුවෙන් මෙය තහවුරු කරගත හැකිවේවි. (නි)
රජයේ සල්ලි බොරුවට වියදම් නොකර නිකන් ඉන්න මහත්තුරුනේ. ඕවායේ අවසානය අපට දැන්මම කියන්න පුලුවන්. (නි)
ලේකම් තුමාගේ කට අඩුකරන්න තමයි මේවා කරන්නෙ..!(නු)
වැරැද්ද කළේ කවුරුවත් වුවත් දඬුවම ලැබෙන්නේ එය එළිකරන අයටයි. මිනිසුන් ඉදිරිපත් කෙසේද ඉතිං යහපත් සමාජයක් හදන්නේ? අධිකරණයෙන් කළ යුත්තේ වැරදිකරුවන් සොයාගැනීමයි. (නි)
ශිෂ්‍යාත්වයටත් මෙහෙම කරන රටක් වුණේ ඇයි? (නි)
සිදුවුණ වරදට වගකිවයුත්තන් පසෙක සිටියදී එය එළිදරවු කරන්න ගිය මිනිස්සු බය වෙන විදියට පරීක්ෂණ මෙහෙයවෙන විදියයි පෙනෙන්නේ. මේවාට නඩු කියන එක මුදලුත් කාලයත් අපතේ හැරීමක්ම තමා. පොලීසිය අධිකරණයට දන්වාවි ' මෙහි කිසිම සැක කටයුතු දෙයක් සිදුවී නැත ' කියලා. අපි දන්නවා. (නි)