(අංජුල මහික වීරරත්න)
මහ කන්නෙ ගොයම් කහ පැහැ වීමට හේතු අටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව සති දෙකක් තිස්සේ කරන ලද නිරීක්ෂණයට අදාල වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන් අතර එම වාර්තාවේ මේ බව සඳහන් වේ.
පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් ගොයම කහ වීමට හේතු බව අනාවරණය කරගෙන ඇත.
කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වලක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තකතීරුවෝ රෑනක් අනාගත්ත රජෙක් එක්ක එකතුව රටට කල විනාශයක තරම. උන් රෑන අර තලේබාන්ලා ඉන්න රටකට වත් යවල උන්ගේ දඬුවම් දෙන්න බැරිද?කාලකන්නි තවමත් මහජන ධනය විනාශ කරමින් රට කනවා.
ආ ඇත්තද ?හොයා ගත්තද ?ගොවියන් දැනුවත් කරන්න නෙමෙයි බූරුවෝ .ගොවියන්ගෙන් අහලා හරි ඉගෙන ගනින් අපේ පාරම්පරික කෘෂිකර්මය මොකද්දකියලා.එක එක ගොන් පාට් දාලා රටේ මිනිස්සුන්ට කන්න දෙයක් නැති කරවන්නේ නැතුව
දොස්තර පාදෙණිය මේකට බෙහෙතක් කියයි.
මේ දවස්වල විසඳුම් සට සට ගාලා එනවා .මොකෝ මේ
කාබනික පෙර ගමන්කරුවන්ට පිං..
ඇමතිතුමා ක්‍රියාත්මක වෙනවිට ගොයම විනාශ වෙලා ඉවරයි
දැන් කාලෙක ඉඳලා බොහෝමයක් කොළ පාට ඒවා පාණ්ඩුපාට වෙලා තියෙනවා තමයි. නමුත් මේකට නියමිත පෝර නොදා ඒ වෙනුවට කොළපාට තීන්ත වර්ගයක් විද්දා නම් ගොයම යස අගේට කොළපාටින් දිලේවි. එහෙම කරලා අස්වැන්න අඩුයි කියලා චිනෙන් හාල් ගෙන්නමු.