(එස් .ඩී.කොඩිකාර )
දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ ඇයගායිකාව රුහුණු සංචාරක කාර්යාංශය සහ දකුණු පළාත් සභාව මගින් සංවිධානය කර තිබූ සංචාරක සැණකෙළියේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සංගීතය සැපයූ සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය සැක කරයි.
එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇත .
අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට රැගෙන ත්‍රී රෝද රථ දෙකක් සහ කුඩා බට්ටා වර්ගය ලොරි රථයකින් දෙනියාය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවකට වාහනයේ ගින්නක් ඇතිවී නැහැ රියදුරනි ! නිදිබරව සිටී නම් කිසි විටෙකත් වාහන ධාවනයේ නොයෙදිය යුතු බවට සාදකයක්, වහාම නවත්වා ස්වල්පවෙලාවක් හෝ නිදා ගැනීම තේ හෝ කොපි පානය රටකජු වැනි යමක් සපා කෑම මේ කිසිවක් හරි ගියේ නැතිනම් විනාඩි 10 පමණ ව්‍යායාමයක යෙදීමෙන් පැය 2 පමණ නැවත ධාවනයේ යෙදිය හැක එසේ නොමැතිව ඔබ සිතුවත් කිසිදා ගමන යා නොහැක අනුවන කම් නොකරන්න
මට හරිම දුකයි. ඉක්මන් සුවය පතනවා.
මටත් හරිම දුකයි
මෙයා කියන්නේ ඉංග්‍රීසි සින්දුද, සිංහල සින්දුද? මම ඔය එකක්වත් අහලා නැත.