හොරණ හා බණ්ඩාරගම රිය අනතුරු හතරකින් එක් අයකු මරුමුවට පත් වී දස දෙනකු තාවාල ලැබූ බව පොලීසිය කියයි.
මව, පියා සහ දියණිය එක් අනතුරකින් බලපතල ලෙස තුවාල ලදහ. නැතිවූ නෑයකු ගැන සාස්තරයක් ඇසීමට රත්මලානේ දේවාලයකට ගොස් මහ රෑ ගෙදර යද්දී හත් දෙනකු ගමන් කළ ත්‍රීරෝද රිය හමුදා කැබ් රියක හැපීමෙන් ඔවුහු තුවාල ලදහ.
රාත්‍රී 12ට එම ගමණ නොයන ලෙස ඔවුනට දෙවොල ළඟදී උපදෙස් දුන් බවත්, ඒ අනුව පමා වී ගිය බවත් කියති.
දෙදෙනකුගේ අතපය කපා දැමීමට සිදුවෙතියි රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක්බරයි. කියපු දේ ඇහුවා නම් කියලා දැන් ඉතින් අහිංසක මිස්සුන්ට බනින නම් තියාගන්න එපා. (නි)
අපරාදේ ජීවිත. කාට කියන්නද මේවා. (නි)
ඕවා නම් පෙර කරපු අකුසල් ම තමා. (නි)
දේවාලේ පුජකයට වයර් මාරු වෙලා ඒකයි 12 පහුවෙලා යන්න කිව්වේ.(නදී)
කර්මය වළකාලන්න කාටවත්ම නොහැක.පව්....... මොනවා කරන්නද? ඔබ සැමටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
සාත්තර අහන්න යනකොට, ගෙවල්වල ඉන්න අශුද්ධ ආත්ම එයාලත් එක්ක සාත්තර කියන තැනට යනවා. එතන යක්කු බැඳගෙන වැඩ කරන කපුවා ගාව ඉන්න යක්කු, ආගන්තුක යක්කු එක්ක ඔක්කොම කතාකරලා දැනගෙන කපුවට කියනවා. ඊට පස්සේ කපුවා හොඳට දේව ආරූඩෙන් කියො කතා ටික ගිය අයට කිව්වම මිනිස්සු මෝඩයෝ වගේ කියන කියන දේ කරලා, ඔක්කොම මුදල් නාස්තිකරගෙන එනවා. අසුද්ද ආත්ම පස්සේ යන කිසිකෙනෙක් කවදාවත් ගොඩ එන්නේ නැහැ. නිරයට පමනයි යන්නේ. (නි)
කපුවා කියපුවා කොහොම විශ්වාස කරන්නද ? (නි)
ඒත් දැන් කියන්නේ තව වේගෙන් යන්න කියලා (නි)
දේවාලේ දෙයියන්ට මේ අනතුර ගැන පෙනුනේ නැද්ද? මේවා පූරුවේ කරුම නෙමෙයි. මේ ජාතියේ කරන මෝඩකම්ය. (1) ත්‍රී වීලරයක ඔය තරම් පිරිසක් ගමන් කිරීම. (2) දේවාලවල බොරුකාර හොරුන්ගෙන් සාස්තර අහන්නට යාම. කෙසේ නමුත් අපි කනගාටුව ප්‍රකාශ කරමු! (නි)