‘ඡන්දය ටික ටික පහුවන බව පේනවා. ඡන්දයක් කල් යනවා කියන එක කනගාටුවට කරුණක්. ප්රජාතන්ත්රවාදයට හානියක්.‘ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (9) පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 ක් පමණ දෙනා මැතිවරණ කොමිෂන් සභාව හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එසේ කීවේය.
‘‘අපි උත්සාහ දරනවා ඉතා ඉක්මනින් ඡන්දය තියන්න. මේ ගැසට් නිවේදන ලබන බදාදා නිකුත් කරන බව කියනවා.“ අපි බලාපොරොත්තු වෙනවා පනතේ පෙන්වූ සංශෝධන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ජනතාවගේ මතයක් ගැනීම ප්රජාතන්ත්රවාදී අයිතියක්. නමුත් විවිධ කරුණු තිබෙනවා. පනතේ සංශෝධන අවසන් නෑ. නමුත් අදාළ සියලු පාර්ශව ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. බැලූ බැල්මට විද්‍යාමාන වන පරිදි මෙය කල් දැමීමේ අවශ්‍යතාවයකින් කවුරුන් හෝ ක්‍රියාකරන බවට නිශ්චිත ප්‍රකාශයක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කළ නොහැකියි.
“ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැක කළ හැකි බව පමණක් කොමිෂන් සභාවේ මතයයි“ යැයි ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට කුරුඳු පොලු ප්‍රහාරයක්වත් ලැබුනාද. (බ)
ඔය පින්තුරුවල ඉන්නා හාල් කෑලි ටික එලවන්න බෑරිද ඔබතුමාට මෙලෝ රහක් නෑති හාල් කෑලි (බ)
එක එක හේතු දක්වා ඡන්දය කල් දැමීම පහත් වැඩක්. මෙතෙන්දි අපි ඒකාබද්ධ විපක්ෂේ එක්ක එකගයි (බ)
තුවාල වෙලා මොකද? (බ)
මේ කපටි මිනිහෙක්. මෙයාගේ කීම් විශ්වාස කරන්න අමාරුයි. ඡන්දයක් කල් දැමීමට එකම හේතුව මහජන මතයට තියෙන බය. (බ)
අතයි නලලයි තුවාල වුනේ කොහොමද ? (බ)
එයාගේම වැඩ ගැන තමයි උපහැරනෙන් කියලා තියෙන්නේ. (බ)
ඉස්සරනම් ලොකු ටෝක්ස් දුන්නේ, ඔලුවටම වෙඩි තියන්න. දැන් කියනවා ඡන්දෙ පහුවෙන බව පේනවලු. ඇයි ඒක දැන් අවුරුදු ගානක් පරක්කු බව නොපෙනෙන්න මෙච්චර කල් ඇස්, කන් වහගෙනද හිටියේ? (නි)
මෙයා තමයි ඡන්දෙ කල්දාන්න ආණ්ඩුවට ක්‍රමය කියලා දුන්නේ. (නි)
මෙයාට ඒ කාලේ නම් කටේ පන තිබුනා. දැන් යහපාලනය නිසාද මන්දා අතත් වෙලාගෙන, කටේ සද්දෙත් බැහැලා. (නි)
රුවන්, ඔයා අදහස් කරන්නෙ මොන වගේ දෙයක්ද? මගේ දැනුමේ හැටියට ඔයා වගේ අනුන්ට අපහාස කරන්නේ තමන්ට හෝ තම පවුලේ අයට හෝ තමන්ගේ රටට හෝ කිසිම වැඩක් නැති අයයි (නි)
චන්ද්‍රගේ අදහසට මමත් එකඟයි (නි)
තමන්ට හිමි පාලන බලය තම පාර්ශවයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ලෙස යොදාගැනීම කවදත් අපි දකින්නෙමු. මෙතුමා කියන භයංකාර දියවැල් කවදත් ගැඹුරු ශාන්ත මුහුද තුළ පවතී. එය අදට පමණක්ම නොවන බවට අපි තේරුම් ගත යුත්තෙමු. (නි)
සමහරුන්ගේ අදහස් දැක්වීම් දැක්කහම කණගාටුයි. යුඇන්පී යේ අතීතය ගැන හිතෙනකට කොමසාරිස්තුමා මෙවැනි ප්‍රකාශයක් කිරීමත් අගය කළයුතුයි. සමහර ඇමතියන් වැඩකරන්නේ මොළෙන් නොවේ. ඇඟෙන් නේද? එවන් වාතාවරණයක ඔබතුමා විශිෂ්ටයි. (නි)