(මනෝප‍්‍රිය ගුණසේකර)

ගම්පහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කෝසල සේනාධීර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කර ඇත.

අධිකරණයෙන් දුන් නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර සති දෙකක කාලයක් තුල ස්ථාන මාරු කළ බන්ධුල ගුණරත්න මහතා වෙනුවට කෝසල සේනාධීර මහතා ගම්පහ මහේස්ත්‍රාත් වශයෙන් පත්කර ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම කර ඇත

වැඩ තහනම් කිරීමකින් අනතුරුව යළි සේවයේ පිහිටුවනු ලැබු කෝසල සේනාධීර මහතා ගම්පහ මහේස්ත්‍රත්වරයා වශයෙන් මෙලෙස පත්කර ඇත