පානදුර පල්ලිමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ වීදි බැස සිටිති.
පානදුර පාලම අසල සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් පානදුර - ගාලු පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
බැනර් පුවරු රැගෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන පෙළපාලිකරුවෝ අබලන් වු මාර්ගයේ සංවර්ධනය වසර තුනකට පෙර ඇරඹුවත් එයට බාලගිරිදෝශය ලබා ඇති බව කියති. පල්ලිමුල්ල සිරිනිවාසාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිනිදුම සුගතවංශ හිමියන් ඇතුළු ප්‍රදේශවාසින් උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
පෙළපාලිකරුවෝ පරණ ගාලුපාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් වාහන ගමනාගමනයද ඇණහිට ඇත.
අපොස උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන්ට බාධාවක් නොවන පිණිස උද්ඝෝෂකයන් ගාලු - පානදුර පාරෙන් පැය බාගයකට ඉවත්වූ බවත් බලධරයකු එනතුරු උද්ඝෝෂණය පවත්වන බවත් උද්ඝෝෂකයෝ කියති.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ







![DSC07377[1]_89](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC073771_89.png)


COMMENTS
වසර තුනකට කලින් පටන් ගත්ත වැඩ ඇරඹුවත්, තවම ඉවරනේ. එහමනං මේකට වෙන්කරපු සල්ලිවලට මොනවාද වුනේ කියලත් බලන්නොන.(බ)
ඉස්සරහම තියෙන සටන් පාඨය - තොපිට සැප අපිට දුක - හරියට හරි. මිනිස්සු බඩගින්නේ, දේශපාලුවෝ සුඛෝපභෝගී වාහන තෝරනවා. (අ)
අය්යෝ මෙහෙමත් මෝඩ මිනිස්සු. ඡන්දවලින් පැරදී පක්ෂ තෝරලා දෙන පාරේ පෙළපාලි යනවා. ඔය පාරවල් හදන්න තමයි මෝඩ මිනිස්සුනේ උඹලගෙන් බදු ගන්නේ. ඒ බදු හොරකන් කරන එවුන්වනේ උඹල පත් කරලා තියෙන්නේ. ඉතින් හැමදාම ඕක තමයි. (බ)
මෙහෙමම තමයි.. අලුත් නෑදෑයෝ ආවාම පරණ නෑදෑයෝ අමතකවෙනවා කියල ගම්වල කතාවක් තියෙනවා. (ම)
හැමතැනම උද්ගෝෂණ , කිසිම සංවර්ධනයක් හෝ රටේ පාලනයක් නැ. මුළු රටම පාරට බැහැල තිබුන පරණ ආණ්ඩුව ඉල්ලනවා .. දැන් මේකද අපි කියන්න ඕන?? . හැබැයි ඇත්ත කතාවනම් රට ටිකක් පිළිවෙලක් වෙනවා, අපේ නිදහස තහවුරු වෙනවා , සුදු වැන් නෑ. හොර මැර දුෂණය ටිකින් ටික පාලනය වෙනවා , රට ජාත්‍යන්තරව පිළිගැනෙනවා (බ)
ලහි ලහියේ කරගෙන ආපු මාර්ග සංවර්ධන වැඩ ආණ්ඩු මාරුවෙන් පස්සේ ඉබි ගමනින් තමයි කෙරුනේ. කරනවා කිව වෙනස තමයි ඔය (බ)
වසර තුනකට කලින් පටන් ගත් දේවලින් අවසාන කල එක දෙයක් කියන්න...(ම)
රටක මිනිස්සු පෙළපාලි යන්නේ පාරක් හදාගන්න. පුදුම රටක්. හරි නම් මේ වගේ දේවල් ප්‍රාදේශීය සභා හරි නැත්නම් පළාත් සභාවෙන් හරි කරන්න තියන දේවල්. ඡන්දෙ ඉල්ලන්න ආවහම ගහලා පන්නන්න ඔය අයව. (නි)