ඡන්දය දින රාත්‍රී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බදාදා (21) රහස් පොලිසියට කැඳවා ඇත.
රහස් පොලිසියේ සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා දුරකතන ඇමතුමකින් ඔහුට දැනුම් දී ඇත්තේ සවස දෙකට රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසයි.
ඡන්දය දින රාත්‍රී තමා අරලියගහ මැදුරට ගිය බවත්, එලෙස ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නොවන බවත් ගම්මන්පිල මහතා ‘එසැණට‘ කීවේය.
‘අගවිනිසුරුවත්, හමුදා නායකයනුත්, පොලිස්පතිත් එහි සිටි බව කියන්නේ බොරු. මමයි, ජී එල් පීරිස් ඇමැතිතුමයි, ආරක්ෂක ලේකමුයි, මහින්ද මහත්තයයි විතරයි එහේ හිටියේ.
මහින්ද මහත්තයට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න ඕනෑ නම් මායි ජීඇල් ඇමතිතුමයි සම්බන්ධ කර ගන්න ඕනෑද?‘ යනුවෙන් ද ගම්මන්පිල මහතා කීවේය.
ඡන්දය දා රාත්‍රී අරලියගහ මන්දිරයට ආරක්ෂක ප්‍රධානීන් හා නීතිපති ද කැඳවූ බව මංගල සමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එය තහවුරු කරන බව මාධ්‍ය වාර්තා කළේය. අගවිනිසුරු මොහාන් පීරිස් එහි සිටි බව අගමැති ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ ගම්මන්පිල මහතාගේ රුපියල් සිය එකතු කරලා තියෙන්නේ ෂෙල්ටන් ද කොහෙද. නැති නම් කාන්ති ඒ රුපියල් සියය මතක් කලාම මෙහෙම කුලප්පු වෙන්න ඕනද ? (නදී)
දැන් එතකොට ගම්මන්පිල මහතා හිඟමනක් ද කලේ ? අපොයි අපොයි මේක ඇහුනොත් එයාට හතර වෙනි තට්ටුවෙන් පනින්න හිතෙන්නත් බැරි නැහැ. (නදී)
ඔබතුමා නිවැරදි තොරතුරු ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)
ගම්මන්පිල මහතාට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි විසා තිබෙනවා. ළමයින්ට දීමනා එහෙන් ඩොලර් වලින් ලැබෙනවා. ඔය හෙළ ගතිය පෙන්නුම් කරන්නේ දේශපාලනයට විතරයි. (නදී)
දැන් එතකොට අපි පිළිගන්න ඕනෑ කවුරු කියන එකද? (නි)
දීපු රුපියල් 100 ඉල්ලන එක වැරදි ඒ වගේම මෙතුමා නිකන් පක්ෂ මාරු වුනේ නෑනේ බල්ටියේ වටිනා කමක් එහෙම තියෙන්න ඇතිනේ ඒ නිසා හැබැයි ඔය කරන්න ගිහිල්ල තියෙන දේ ඇත්තනම් අනිවාර්යෙන්ම දඩුවම් කල යුතුයි. මොකද රටේ මහා ජනතාවගේ ඡන්දෙට රාජද්‍රෝහී වැඩ කරන්න ගිය එකට මොකද එ්ක ලොකු වැරද්දක් . (අ)
යහ පාලනය පටන් ගත්ත දවසේ ඉදල කුඩුකේඩුකම් වලින් පිරුණු දේවල්වල තමයි රාජකාරිය. කියන කොට එකක් කරන කොට තව එකක් (නදී)
ඔබතුමා අති දක්ෂයෙක්. සත්‍යය පමණක් හෙළිකරන්න. ඒ ජනතාව යහපාලනයක් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින බැවිනි. (නි)
නඩරාජා, ඔයා "යහපාලනයට" නෙමෙයිද ඡන්දය දුන්නේ? (නි)
දැන් කට්ටියට ඕනේ රු 100 ද නැත්තම් වෙන කාරණාවක්ද ඇයි මිනිස්සුන්ට කෙලින් කතා කරන්න බැරි (නදී)
සමහරු ඡන්දය දීලා තියෙන්නේ මොන විදියේ පාලනයකටද කියලා ලියන දේවල් වලින් පෙනෙනවා. (නි)
අපිට නම් මේ දේවල් දැන් ඇතිවෙලයි තියෙන්නේ (නි)
මෙහෙම ගියොත් නම් මහත්තයෝ තට්ටු අළුතින් හදන්නත් වෙයි (නි)
අනේ! මේ දේශපාලන පළිගැනීම් කවදා අවසන් වෙයිද? (නි)
මේවද රටේ ප්‍රශ්න ? උතුරු නැගෙනහිර විහාර ඉඩම් කොල්ල කනවා. මිනිසුන්ව ඒලවනවා. ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන්නේ. (නදී)
කවදාද දින 100 වැඩසටහන අවසන් කරන්නේ? (නි)
යහපාලනය කෙසේ වෙතත් පාලනයකට අර අදින බව නම් පෙනෙනවා (නදී)
අනේ ඇමතිතුමනි, පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නකෝ! අපි දන්නවානේ ඔබතුමා ගැන (නි)
මංගල ගහපු කුමන්ත්‍රණ විභාග කරන්න 4 වන තට්ටුවත් මදි. මෙයාල බල ලෝබින් මොනවා හරි කරලා ගැලරියට කතා කරලා බලය රැකගන්නම තමා අරමුණ. පහුගිය දවස්වල මහින්දගේ පස්සෙන් ගියපු හැටි අපි දන්නවා. (නදී)
ගම්මන්පිල මහතාගෙන් මේ මුදල් ඉල්ලන පෙරහරේ මුලින් වීරයෙක් වී ඉන්නේ කවුද.? එකට එක පිළේ හිඳ පන්සිල් සමාදන් වී දේශපාලනය කළ සහෝදර දේශපාලකයෙක්. වෙනත් අයවලුන් උසිගන්වා කරන මේ වැඩේ දෙස බුද්ධියෙන් බලන කෙනෙකුට පෙනී යන්නේ බාලාංශ ළමුන්ගේ දබරයක් ලෙසින් මිස ප්‍රබුද්ධ දේශපාලකයන්ගේ "සටනක්" ලෙසින් නොවෙයි. (නදී)
රුපියල් සීය එකතු කළේ නැති බැරි කාලේ්. දැන් කෝටපතියෙක්. අරලිය ගහ මන්දිරයට යන්න ඇත්තේ ෆයිල් එක ගන්න වෙන්න ඇති. මෙයාව හතරවෙනි තට්ටුවට ගෙනිහින් රුපියල් සීයේ ගිණුම ගැන සොයා බලන්න. (නදී)
රු. 100/- එකතු කිරීම ගැනත් අහන්න. මහජන මුදල් වංචා සහගතව එකතු කිරීම නහනම් නැද්ද? (නදී)
මේ මනුස්සයා හොඳ මනුස්සයෙක්. මෙයාව කෑවේ කෑලෑවෙන් අාපූ වංශලා. පව් දැන් අනාත වෙලා (නදී)
දැන් බලන කොට බලය අතට අරන් අහිංසක සාධාරණ අයට අවලාද නගනවා. මංගල වගේ අයට මේවා කියන්න පුළුවන්ද? මේකද යහපාලනය කියන්නෙ. දැන් ඉතින් රට ආරක්ෂා කර ගන්න බලනවා නම් හොඳයි. (බ)
ඒ ගමන්ම අපෙන් ගත් රු. 100 ගැනත් අහන්න. නැත්නම් ආයෙත් කැඳවන්න වේවිනේ. මහන්සි කරවන්නත් හොඳ නැහැ. (නි)
කුරුඳු පොලු හමුදාව හතර වැනි තට්ටුවට ගෙනියන්නේ කවදාද? (බ)
මෙයා වගේ කෙනෙක් මේ වගේ වැදගත් කුමන්ත්‍රණයකට ගාව ගන්න තරම් හිටපු ජනාධිපතිතුමා මන්ද බුද්ධිකයෙක් නොවන බව මේ උගත් සමාජය අවබෝධ කර ගනිත්වා. ඒ නිසා මෙයාව 4 වැනි තට්ටුවට ගෙන යාම දේශපාලන නාටකයක් බව තේරුම් ගනිත්වා. (නදී)
උදය විතරක් මදි අර වීරවංශත් ඔතෙන්ට ගෙන යන්න ඕන. (බ)
හොඳයි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මෙයා නිකන් අන්දරේ වගේ. හිනා යන කතා කියනවා. මොනවා කියයිද දන්නේ නෑ. (බ)
දේශපාලන පළිගැනීම් යැයි කියමින් නඟන ඝෝෂාවට බය නොවී පරීක්ෂණ කළයුතුමය. වල්වැදී ඇති නීතියේ ස්වාධිපත්‍යය යළි නඟාසිටුවිය යුතුමය! (නි)
මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුනාට මෙතුමා දිනුම්. කොහොමද බල්ටියේ වටිනාකම (නදී)
එතකොට වැරදි කරපු අයට දඩුවම් දෙන එක පලි ගැනීමක්ද ? මෙතුමන්ලා හොර කරලා තියෙන්නේ මහජන දනය අපිටත් අයිතියක් තියෙනවා ප්‍රශන් කරන්න ? (නදී)
මෙයාගේ සීයේ ගිණුම ගැන නම් අහන්න පුලුවන්. (නදී)
යහම්පත්, මොකක්ද ඔය ප්‍රශ්නය ?. (නදී)
කොන්ද තියන මිනිහට ,04 තට්ටුව නොවෙ කටුගහ වුණත් බාදාවක් නොවෙ ,,බලන් ඉන්න , (අ)
ඔබ කියයි, අපි අහයි (නදී)
අපෙන් වංචා කරපු රුපියල් සීයත් ඉල්ලලා දෙන්න. (නදී)
මේ ඇමතිතුමාට මොනවා හරි අඩුපාඩුවක් ඇති. අර විස්කි ගත්ත කොල්ලවත් මතක් උනාද කියල සැකයි (නදී)
කාන්ති, ඔයා හිඟන්නන්ට දෙන රුපියලත් ඉල්ලන කෙනෙක් වගේ. මට නම් හිතෙන්නේ හිගන්නේකුටවත් කීයක්වත් දීල නැහැ වගේ මෙයා (නදී)
බලමු දින සීයයයේ වැඩසටහනින් මොකද කරන්නේ කියලා (දිල්)
මෙයාව 4 වෙනි තට්‍ටුවට නෙවෙයි 6 වෙනි තට්‍ටුවට ගෙනියන්න (නදී)
හරිම නරකයි. (අ)
අනේ ගම්මන්පිල මහත්තයෝ සුදු ඇඳගෙන බොරු කියන්න එපා. පේනවා නේද සුදු ඇඳගෙන බොරු කියපු, හොරකම් කරපු අයට උන දෙය. අන්තිමට ඔබත් ඔව්නට එකතුවෙලා නාගත්තා මදිද ? (නදී)
ෂෙල්ටන් ලජ්ජා නැද්ද බවලතුන්ගේ අතේ තියන තුට්ටු දෙක ගැන කේවල් කරන්න . චිකේ මෙහෙමත් පිරිමි. ! (අ)