
(සුරංග රාජනායක)
ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද අලුයම එකට පමණ කඩා වැදුණු ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ආරක්ෂකයා ගේ හිසට ගිනි අවියක් තබා බියකර පුටුවක ගැටගසා එහි තිබූ මුදල් තැන්පත් යන්ත්‍රය රැගෙන නවීනපන්නයේ වෑන් රථයකින් පලා ගොස් ඇතැයි ගම්පොල පොලිසිය පවසයි .
ගම්පොල නගරයේ නුවරවිදියේ ඇති මෙම පුද්ගලික බැංකුව සමඟ තවත් පුද්ගලික බැංකු දෙකක්ද ඇති අතර එම බැංකු තුනේම ආරක්ෂකයන් මේ වෙලාවේ සිට තිබේ.
මංකොල්ලය සිදු වූ බැංකුවේ ඉදිරිපසට පැමිණ ඇති කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් එහි හරස් අතට නවතා මුදල් යන්ත්‍ර ඇති ස්ථානයට පැමිණ ඇති මුහුණු වසාගත් සිව්දෙනකු එහි ආරක්ෂකයා ගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහු ගැට ගසා තිබේ.
අනතුරුව බිම සවි කර ඇති මුදල් තැන්පත් යන්ත්‍රය ඇද ගලවා ඇති මොවුන් එය ඔසවා වෑන් රථයට දමා පලා ගිය බව එම ආරක්ෂකයා පොලිසියට පවසා තිබේ.
ආරක්ෂක නිලධාරියා ගැටගසා තිබූ රැහැන් පට ගලවාගෙන බැංකුවේ හදිසි නලාව ගසා ඇති අතර ඔහු වෑන් රථයේ අංකය ද ලියා ගෙන තිබේ .
සයිරන් නළා හඬ සමග බැංකුව ආසන්නයේ ඇති ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහ බැංකු බැඳුම්කර හොරුන් ගම්පොල පැත්තට ගියාද දන්නා නැහැ. කෙසේවෙතත් මේ පිරිස අනාගතයේ මේ රටේ මුදල් ඇමති සහ එතනින් එහා අනාගතයේ ලෝකේ හොඳම මුදල් ඇමති වෙනවා. අපේ රටේ ඉතිහාසයේ බැංකු හොරුන්ට ලබන වාසිය එකයි.