මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (13) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය නියෝජනය වන අයුරින් 200 කට අධික පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ.
විරෝධතා ව්‍යාපාරයට රාගම වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියෝ සහ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙහි සිසු සිසුවියෝ පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොමේෂ් ඔබෙ හීනය ඕන ඕන විදිහට ඔබ දකින්න හැබැයි ඇඳ තෙමන්නේ නැතිව. (ර)
කාර්ය මණ්ඩලය මොනවා දැනගෙනද මේ බෝඩ් උස්සගෙන ඉන්නේ? (නි)
කවුරුහරි පවතින තත්වය යටතේ දිළිඳු අයට අතදෙන නිදහස් අධ්‍යාපනයක් ගැන කතාකරනවා නම් ඒක විහිළුවක්. ටියුෂන් යන්න බැරුව කී දෙනෙක් දුක් විඳිනවද? කොහොමද ඒ අය ටියුෂන් යන අය සමඟ තරඟ කරන්නේ. (නි)
ධනුෂ්ක, කොහෙද පුද්ගලික අධ්‍යාපනය අාවා කියලා රජයේ අධ්‍යාපනය නැතිවුණේ. කොහෙද ඉස්කෝල වැහුවේ? මේ දක්වා දුප්පත් දරුවන්ට කිසිම අසාධාරණයක් වෙලා නැත. යම් අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ පුද්ගලික පාසල් වලට යන ළමයින්ටයි. පුද්ගලික ඉස්පිරිතාල ආවා කියලා රජයේ ඉස්පිරිතාල වැසුවද? ඕකට කියන්නේ හුඹස් බිය කියලා. ලංකාවේ සෙන්ට්‍රල් බෑන්ක් හා සමාන ඇමරිකාවේ ෆෙඩරල් රිසේර්ව් එකත් පුද්ගලික එකක් බව දන්නවද? (නි)
විකුම් රංගන අපේ රටේ 17000කට වැඩි වෛද්‍යවරු අතරින් 4800ක පමණ පෞද්ගලික වෛද්‍ය සේවයේත් එයින් 400 ක් පමණ පිරිසක් පූර්ණකාලීනවද පෞද්ගලික රෝහල් වල සිටිති.මෙම පූර්ණකාලීන වෛද්‍යවරුන්ගෙන් කනිෂ්ඨ වෛද්‍යවරු බොහෝ දෙනෙක් රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙනගත් අය නොවේ.එහෙත් නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනය ලබා එහෙත් රජයට ඒ නිසි සේවය ලබා නොදුන් අයගේ සදාචාරය ප්‍රශ්න කළ යුතුය.අර්ධ කාලීන වශයෙන් සේවය කරන ප්‍රමාණයද සුළුතරයක් බැවින් සමස්ත වෛද්‍ය ප්‍රජාවටම ඒ ගැන චෝදනා කිරීම වැරදිය.ඕනෑම රජයේ වෛද්‍යවරයෙක් තම සේවා කාලය තුල එම ඉස්පිරිතාලේ රැදී සිටීම අනිවාර්ය අතර එසේ නොවන්නේ නම් එය වැරදිය.එහෙත් විකුම් රංගන බහුතරයක් රජයේ වෛද්‍යවරු සේවා කාලය තුල රැදී සිටින්නේ නැත යන්නට තදින්ම එකඟ නොවෙමි සහ එය ගැන නැවත සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.එම වැරැද්ද කරන්නන් ඔබ දන්නේ නම් ඒ ගැන පැමිණිලි කරන මෙන්ද ඉල්ලා සිටිමි.පෞද්ගලික වෛද්‍ය සේවය හුදෙක් වෛද්‍යවරු ඒකාධිකාරයකින් කරන දෙයක් නොව ඒ සදහා පාර්ලිමේන්තු අණ පනතක්ද ඇත.එමෙන්ම 93% පිරිසක් රජයේ රෝහල් වලට යන විට 7%ක් පමණක් පෞද්ගලික රෝහල් වලට යයි.මෙම 7% ටද රජයේ රෝහල් වලට යෑමට කිසිදු අවහිරයක් නොවන අතර පෞද්ගලික රෝහල් වලට ඔවුන් යන්නේ ස්ව කැමැත්තෙනි. ඒ රජයේ රෝහල් වල පෝලිමේ සිටීමට අකමැති සහ එහි පහසුකම් මදි යැයි හෝ පහසුව ගැන හෝ සිතන කොට්ඨාශයකි.එම නිසා පෞද්ගලික වෛද්‍ය සේවය සේවාවක් යැයි සිතන අතර ජනතාවම එයට අකමැති නම් අහෝසි කළාට කම් නැතැයිද සිතමි.එයයි මාගේ මධ්‍යස්ථ ස්ථාවරයට හේතුව.එහෙත් එලෙස අහෝසි කළ පසු ඔබ පවුල ඇතුළු මෙයින් ප්‍රයෝජන ගත් පිරිස අපහසුතාවයට පත් වීමටද ඉඩ ඇත.මේවායේ මිල ගණන් මහජනතාවට දැරීමට අපහසු අවස්ථා ඇති අතර ඒ සදහා රුපියල් 2000 උපරිම ගාස්තුව ලෙසට එකඟතාවයක් පමණක් ඇති අතර මේ සදහා නීති තවම නැති වීම අඩුපාඩුවකි.එම නීති ගෙන ඒම සදහා රජය පොළඹවා ගැනීම පිළියමක් ලෙස දකිමි.එහිදී ඔබට සිතේ නම් රුපියල් 100 ගාස්තුව ලෙස ගෙන එන්න,ප්‍රශ්නයක් නැත.එම මුදලට වැඩ කිරීමට නොහැකි දොස්තරලා පෞද්ගලික සේවය අත්හරිනු ඇත.ඔබට පිළිලයක් වූ මේ ප්රශ්නය සම්පූර්ණයෙන් නැවතීමද එයින් සිඳු විය හැක.තවත් දෙයක් නම් විශේෂඥ වෛද්‍යවරු හා සාමාන්‍ය වෛද්‍යවරු දෙකොටසින් වැඩි, දැරීමට අපහසු ගණන් අය කරන විශේෂඥ වෛද්‍යවරු වෙත හේතු රහිතව පළමු වෛද්‍යවරයා ලෙස යොමු නොවීමෙන් ඔබට වන ආර්ථික හානිය අවම කර ගත හැක.අවසාන ප්රශ්නය මේ තරම් සූරාකෑමට ලක් වේ කියා සිතෙනවා නම් කුමක් නිසා පෞද්ගලික රෝහල් වලට තවත් යන්නේද කියන එකයි.(අ)
ධනුෂ්ක, ඔබයි මෝඩ තර්ක ගෙනඑන්නේ.150000 කැම්පස් යන්න බැරි කැම්පස් එකේ ඉඩ තිබෙන ප්‍රමාණයට සහ තිබෙන ප්‍රතිපාදන වලට අනුව ළමයි තෝරන නිසා. කැම්පස් යන්න බැරිවීමයි උසස්පෙළ අසමත්වීමයි දෙකක් බව පළමුව සිතට ගන්න. (නි)
රුවන් වෛද්‍යවරයෙක් බිහිකිරීමට රජය කොච්චර බදු මුදල් වැය කරනවද කියන එක හුඟ දෙනෙක් දන්නෑ තමයි. ඒ වගේම ඒ බදු මුදල් වියදම් නොකර ඉන්න දේශපාලනඥයන් කොච්චර කැමති ඇති කියලද රුවන් හිතන්නේ.? එහෙම උනත් ඔයාල ඒ බදු මුදලම ගෙවනවා හැබැයි ඔයාලගේම දක්ෂ දරුවෙක්ට දොස්තර කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා (ර)
උපකුලපතිවරු විසදුමක් දෙද්දී මේ පිනට ඉගෙන ගත්තු හා පිනට ඉගෙන ගන්න මෝඩ රැල පාරේ නටනවා. මේ අය උගත් දොස්තරලද ?? (බ)
මමත් උසස් පෙළ එස් දෙක අරගෙන දොස්තර වෙනවා. නියමයි නේද? (නි)
සයිටම් ඉන්නෙත් නිදහස් අධ්‍යාපනය ලැබූ ළමුන් බව අමතකද ? මෙවැනි කාබාසිනියා කාරයෝ ඉන්නකන් රටක් ඉදිරියට යාවිද ,හැබැවටම මෙයාල දැන් රෝගීන් ගැන හරිම ආදරයක් නේ තියෙන්නේ ,පුදුම වැඩේ .එ්කනේ (බ)
විකුම් රංගන නොතේරුම්කමටයි අහන්නේ පෞද්ගලික රෝහල් බිහිනොවන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙන්නෙ නෑ කියන කථාව තේරෙන්නේ නෑ. මම පෞද්ගලික රෝහල් වලට කඩේ යන්නේ නෑ. මට ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් තියෙන්නේ. (ර)
රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙනුමලබන අයත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් පවත්වන විභාගයෙන් සමත් වියයුතුය කියා නියම කළොත් සැමට සාධාරණයක් වෙනවනේ. (නි)
ලංකාවේ සරසවි වල මට්ටම බැලුවහම එකයි තියෙන්නේ පළවෙනි 2000 ඇතුළේ. එතකොට ප්‍රමිතිය ගැනත් හොයන්න ඕනෑ. සියලු දෙනාටම එකක් තිබුණා නම් හරි. ධනුෂ්ක දන්නේ නැහැ දොස්තර කෙනෙක් හදන්න බදු සල්ලි කොච්චර රජයෙන් වැයකරනවද කියලා. (නි)
රමේෂ් එකක් මතක තියාගත්තොත් හොදයි. මෙතන මේ කතා කරන බොහෝ දෙනෙකුට පුද්ගලික න්‍යාය පත්‍ර නෑ. හැබැයි ඔය මිනිස්සු හුරාකන දොස්තරලා ගැන සාධාරණ කෝපයක් තියෙනවා. අපිත් ඔය උද්ඝෝෂණ කළා. කාගේවත් අතකොලු වෙලා සටන් කරන්න එපා. හොයලා බලලා කරනවා. (ර)
මොවුන්ගේ මව්පියන්වත් මතක්වෙනවා ඇති ලෙඩ්ඩුන්ට. (නි)
මීට වඩා නරකද "අපේ රැකියා අනතුරේ හෙලන" වගේ පාඨයක් තොර ගත්තනම්? (ර)
‘නොමිලේ‘ කියලා දෙයක් නැහැ. ඒවාට අපි ඔක්කොම ගෙවනවා වක්‍ර බදු හැටියට (නි)
වෛද්‍යවරයෙක් බිහිකිරීමට රජය කොච්චර බදු මුදල් වැය කරනවද කියන එක අල්ලාගෙන දගලන මෝඩයෝ, පාර්ලිමේන්තුවේ ඉන්න රැල නඩත්තු කරන්න කොච්චර බදු මුදල් වැය කරනවද කියන එක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (ර)
මෙතන සයිටම් එකට කුලියට කහින අය පුලුවන්නම් ඒකෙ සිසුන්ට ලැබෙන සායනික පුහුණුවේ තරම මට කියාදෙන්නකෝ, නොදන්නා නිසයි අහන්නේ. (ර)
බලාගෙන ගියාම රජයේ දොස්තරවරු බුදුන්වහන්සේටත් වඩා සියලු සත්වයන්ට කරුණාව දක්වනවනෙ (නි)
බමුණු වගේ දෙයක් කියවල තේරුම්ගන්න තරම්වත් දැනුමක් නැති, තුන්වෙනි සැරෙත් ඒ.එල් කරලා එස් 3ක් වත් ගන්න බැරි මිනිස්සු තමයි සයිටම් එකට කඩේ යන්නේ. මම කිව්වේ මහත්තයෝ මම හීන දකිනවා කියලා නෙමෙයි. හීන දකින්නේ සයිටම් එක හරහා හොර දොස්තරලා බිහිකරන්න දඟලන ඔයාලා. ඔබතුමා ඇඳ නෙමෙයි හත්පොලම තෙමාගෙන වගේ මටනම් පෙනෙන්නේ. (ර)
ජය වේවා... (ර)
මේක දැන් දේශපාලන ප්‍රස්නයක් බවට පත්කරගෙන ඇති බව පෙන්නේ. (ර)
ඔය එක්කම ඩියුටි වෙලාවේ පෞද්ගලික චැනල් කිරිල්ලත් නවත්තන්න පුලුවන්ද ? ගොඩක් රජයේ දොස්තරවරු වැඩකරන වෙලාවේ එම රෝහලේ නොසිට පෞගලික රෝහල් වල සල්ලි හම්බ කරනවා විතරක් නෙමෙයි රජයේ රෝහල් වල තියෙන බෙහෙතුත් උස්සනවා. (ර)
ලෙඩ්ඩු ගැන තියෙන්නේ මාර අනුකම්පාවක් මේගොල්ලන්ට ...හොස්පිටල් එකට ගිහින් වැඩ කරන්න නේද වටින්නේ.. (ර)
මෙහෙමත් විහිළුකාරයෝ... (ර)
1. තව කෙනෙකුගේ ඉගෙනීමේ අයතියට ගරුකරනවා නම්, ගෝත්රවාදය ඉවතලනවා නම්, අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරනවා නම්, මේ ප්‍රශ්න බොහොම පහසුවෙන් විසදාගත හැකියි. 2, SLMC සහ GMOA දෙගොල්ලගෙම උද්ධච්ච කම පොදු ලක්ෂණයක්. ලෙඩ්ඩු ගැන හිතනවා කියන්නේ බයිලා තමා. (ර)
සමන්ත මහත්තයාට න්‍යාය පත්‍රයක් තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. දැනට ඉන්න සුදුසුකම්ලත් දොස්තරලා මිනිසුන්ව හූරගෙන කනවා නම් කරන්න ඕනෑ ඒක නවත්වන්න පියවර ගන්න එක මිසක් ඒකට මුවාවෙලා සයිටම් හොර උපාධිකඩේ හරහා ඊනියා දොස්තරලව බිහිකරගෙන අව්ලෙන් අව්ලට යන එක නෙමෙයි. පය බරවාට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩ කරන්නේ කියලා ජනප්රවාදයේ අහලා තියෙනවා නේද. (නි)
පුළුවන් නම් පුද්ගලික රෝහල් වල දරුවන් ප්‍රසූත වෙන එකත් තහනම් කරන්න කියන්නකෝ. හපොයි මෙහෙම කරුණාවක් ලෙඩ්ඩුන්ට දෙමව්පියන්ගේන්වත් නැතිව ඇති . (ර)
ලක්විදු,පාර්ලිමේන්තුවේ ඉන්න රැල නඩත්තු කිරීම ගැන මෙතන කතා කරන්න තරම් මෝඩයෝ නැහැ. මෙතන ලියන අය දන්නවා මාතෘකාව එය නොවන බව (නි)
ලක්විදු හරියටම හරි. මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු. ආසාව තිබුන පලියට හැමෝටම දොස්තරලා වෙන්න බැහැ කියලා තේරුම් ගන්නවත් බැරි සුළුතරයක් මුළු මහත් සමාජයක්ම මෙතෙක් ඉතාමත් අමාරුවෙන් ඇතිකරගත් තත්වයන් තමන්ගේ කුහක උවමනාවන් නිසා විනාශකර දැමීමක් මේ. දොස්තරකම කියන්නේ මිනිසුන්ගේ ජීවිත සමඟ ඍජුව සම්බන්ධ රැකියාවක්. (නි)
රෙක්ස්, මෙතන කවුරුත් තම අදහස් ලියනවා පමණයි. පන්ති පවත්වන්න ලැහැස්ති නැත. සායනික පුහුණුවේ මදිකමක් තිබෙන නිසා තමයි රජයේ රෝහල් වල පුහුණුව දෙන්න හදන්නේ. මුලදී රජයේ ඉස්පිරිතාලවල ඔය පුහුණුව දෙන්න දොස්තරලා විරුද්ධ වුණා (නි)
මේ අයගේ ලෙඩ්ඩුන්ට තියෙන කරුණාව උතුරලා යනවා බලන්නත් ආසයි. (ර)
කමල් මෙයාලට විහිලුකාරයෝ කියන්න කමල් හා ඔවුන් අතර තියෙන බුද්ධි මට්ටම හා අධයාපන මට්ටම කොහොමද දන්නෑ නේද. මං හිතන්නේනම් කමල්ට නොතේරෙන දෙයක් මේ දොස්තරලට තේරෙනවා. අනික සයිටම් එකට විරුද්ධ දොස්තරලා විතරක් නෙමේ. ලංකාදීපෙ බලන්නකො පාර්ෂව කීයක් විරුද්ධද. (ර)
හෙදියෝ කෝ ? (ර)
සයිටම්වාදීන් ගොන් තර්කයක් ගේනවා. උසස්පෙළ පාස් 150000 ට විතර කැම්පස් යන්න නෑ කියලා. එ්ත් ඔවුන් දන්නවද දන්නෑ එතනින් ලක්ෂ 120ක් දීලා. 1000වත් සයිටම් යන්න බෑ කියලා. අපි කියන්නෙ අධයාපන කඩ වහලා. රජයෙ අධාපනය තව වර්ධනය කරන්න. පිලිගත් මතය තමා අධාපනයට 6%ක් වෙන් කරන්න ඕනෑ එ්ත් ලංකාවේ 2%ක්වත් නෑ. අධයාපනයෙන් තමා රටක් දියුණු වෙන්නෙ. එ්ක වියදමක් නෙමේ අායෝජනයක්. (ර)
සයිටම්වාදීන් කියනවා රජයේ දොස්තරලා. පුදගලික රෝහල්වල වැඩ කරන්වා. චැනල් කරනවා. එ්ක අපි දන්නවා. සයිටම්වාදීන් කියන්නේ එතකොට සයිටම් එකෙන් දොස්තරලා අාවොත් එහෙම නොකරයි කියලාද? පිනට බෙහෙත් දෙනවා කියලද? මතක තියාගන්න සයිටම් එකෙන් දොස්තරලා හැදුවොත්. එයාලා සයිටම් එකට දෙන ලක්ෂ 120 අය වෙනම හොයන්නත් ඔ්නෑ. එ්ත් රජයේ දොස්තරලාට එහෙම එකක් නෑ (ර)
මෙතන එක එක නම් වලින් අදහස් දාන සමහර අය සයිටම් හරහා හොර දොස්තරලා වෙන්න දවල් හීන දකින හෝ ඒ හීන හිමියන්ගේ දෙමවුපියන් හෝ අඩුම තරමේ හිතවතෙකු හෝ බව නම් පැහැදිලියි. තමන්ගේ ජීවිතේට ආදරය කරන මොනම මනුස්සයෙක් හෝ අඩු සුදුසුකම් සහිත ඊනියා දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වෙනවාට කැමති නැහැ. සයිටම් එකට කඩේ යන සුළු පිරිසක් තමන්ගේ අසාධාරණ හීන සැබෑ කරගන්න උකසට තියන්නේ සමස්ත ජනතාවගේම ජීවිත. ඒ නිසා සැබෑ කුහකයෝ කව්ද කියලා රටම දන්නවා. (නි)
මගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න ඕනෑ කියන මගේ හීනෙට අභියෝග කරන්න කාටත් බැහැ වගේම මගේ දරුවට සුදුසුකම්ලත් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් දෙන්න මට තියෙන අයිතිය ම්ලේච්ඡ අන්දමින් උදුරගන්නත් කාටත් බැරිබව හැමෝම තේරුම් ගන්න ඕනෑ. දරුවෙක්ව දොස්තර කෙනෙක් කරන්න පිළිගත් ක්‍රමයක් රටේ තියෙනවා. ඒක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් නියාමනය කරනවා. ඒ අනුව බිහිවන වෛද්‍යවරු හැර හොර පාරෙන් බිහිවෙන වෛද්‍යවරු අතරේ ලොකු පරතරයක් තියෙනවා. අපි ඉන්න තැනින් ඉස්සරහට යනවා මිසක් පස්සට යන්න දඟලන්නේ ඇයි. මෙහෙම ගියොත් ඉන්දියන් දොස්තරලා මට්ටමටම අපේ කට්ටියත් වැටෙයි. (නි)
රජයෙන් තව විශ්ව විද්‍යාල 10 හදල දෙන්න. මේ දේට එකම විසදුම 10% අධ්‍යාපනයට දීල අධ්‍යාපනය නගා සිටවන එක. (ර)
ධනුෂ්ක, නිකම් අධාපනයට 6%ක් ව්යදම් කරන්ට කියල කෑ ගැහුවට වැඩක් නැහැ. කව්ද ඔය බදු මුදල් ගෙවන්නේ? අද ලංකාවේ ජනගහනය මිලියන 20 වුනත් අදායම් බදු ගෙවන්නේ 694,000 පමණයි. ඔය කව්රු සටන් පාඨ කිවත් කිසි කෙනෙක් බදු ගෙවන්න කැමති නැහැ නමුත් හැමදෙයක්ම නොමිලේ දෙන්නත් ඕනේ. ඔය කතා නිකම් දවල් හීන විතරයි. (ර)
අනුර කියන ආකාරයට රාජකාරි වෙලාවෙ පෞද්ගලික පුහුණුවීම් කරන අය දන්නවා නං ඇයි සෞඛ්‍ය අමාත්‍යංශය එකට පැමිනිලි කරන්න පුළුවන් ,හැබැයි තාම එහෙම කවුරුවත් කරලා නැ.අනුරලා වගේ අයට පුළුවන් නෙ එහෙම කරන්න.සරත් කියන අකාරයේ කිසිම දෙයක් වෙන්නෙ නැ.වෛද්‍යවරුන්ට වත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වත් මේකෙන් බලපැමක් නැ.සරත්ට නොතේරෙන සත්‍යය එකයි.කරුනු කාරනා හරි හැටි නොතේරෙනවා නං තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලං හිටියනං හොදයි (ර)
ජනිත්, නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධවෙන්න ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන ඉතාම ඉහල වැටුපකට මේ වෛද්‍යවරු රජයේ රෝහල් වල සේවය කරනවා නම් කිසිම ගැටළුවක් නැහැ. අපිත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙනවා. අනෙකුත් රජයේ සේවකයින් මෙන් අපේ රටේ වෛද්‍යවරු පැය අටක් රජයේ රෝහල් වල සේවය කරනවා යයි ඔබ සිතනවාද? මේ වෛද්‍යවරු ජනතාවගේම මුදලින් ඉගෙන ගෙන පෞද්ගලික රෝහල් තුළදී හා චැනල් කළු කඩ තුළදී රෝගීන් ගෙන් අයකරන මුදල සාධාරණ යයි ඔබ සිතනවද? අපට ජීවත් වීමේදී තිබෙන විශාලම ගැටලුව තමයි මම හෝ,අපගේ මව්පියන් හෝ පවුලේ අයෙකු හෝ අසනීප වුණොත් ඇතිවන තත්ත්වය?එතකොට මෙතන කයිවාරු ගහන අයගේ නිදහස් සෞඛ්‍ය සේවය කෝ? මෙතන ඔය වෛද්‍යවරුන්ට තිබෙන ගැටලුව සයිටම් ආයතනයම නොවේ, මෙයට අනුමැතිය ලැබුනායින් පසුව මෙරටට පැමිණිය හැකි වෛද්‍ය විද්‍යාල වලට ඇති මර බියයි. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මුදලට විකිනෙන ජාත්‍යන්තර පාසල්, අනෙකුත් සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල, රටේ තිබෙන සියලුම චැනල් සෙන්ටර් කළු කඩ හා පෞද්ගලික රෝහල් ගැන කතා කරන්න අපේ යාලුවන්ගේ දත කට පුට්ටු වෙලා තියෙන්නේ මොකද? පුළුවන් නම් උත්තර දෙන්න? කොතලාවල වෛද්‍ය විද්‍යාලය තුල හමුදාවට අනුයුක්ත කැඩෙට් ඔෆිසර් ලාට හැර, වෙන කිසිම ශ්‍රී ලංකික සිසුවෙකුට එම ආයතනය තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට නොහැකි බවත්, විදේශ සිසුන්ට හා ද්විත්ව පුරවැසියන්ට පමණක් වෛද්‍ය විද්‍යාව හැදෑරිය හැකි බවත් මෙතන අදහස් පලකරන උත්තමයින් දන්නවාද? එසේ වෙන්න බලපාන අපිට නොතේරෙන පන්දිතයින්ට පමණක් තේරෙන හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද? පුලුවන්නම්, එන්න වැදගත් සංවාදයකට? (අ)
ධනුෂ්ක , මගේ ළමයත් ඉන්නේ සයිටම්. එයාගේ ප්‍රතිපල A,B,B. අපි ගෙව්වේ ලක්ෂ 70 . මම අවුරුද්දකට ලක්ෂ 25 විතර බදු ගෙවනවා . මගේ ළමයට ඉගෙනීමේ අයිතිය නැද්ද? (ර)
අරවින්ද අපි හැම දේම නිකන් දෙන්න කියන්නෑ. ඔයා කියන විදියට නිදහස් අධයාපනේ නැති කළොත් අර දරුවන්ට අලුත් පාසල් වාරෙට අලුත් පොත් අරන් දෙන්න සල්ලි නැතුව අම්මා කෙනෙක් නිල්වලා ඟඟට පැන්නා. එ් වගේ අම්මලා තමයි ගොඩාක් ඉන්නේ. එ් දරුවන්ට අරවින්ද කියනනෙ ඔයාලා වගේ ධනපතියන්ගෙ ගෙවල්වල වහල් වැඩ කරන්න කියලද? (ර)
ලංකාවෙන් පිටරටකට ඇවිල්ල ඉගෙනගැනීම ගැන මම අද සතුටු වෙනවා. නැත්නම් කුහක මිනිසුන් ඉදිරියේ අපිත් සදා අනාතයි. ලංකාවේ ඇත්තේ කොතරම් පහත ගෝත්‍රික සමාජයක්ද කියලා පෙනෙන්නේ රටින් පිටත් වාසයකරන විටයි. (ර)
මගෙ ළමයත් මීටර් 100 තරඟය තත්පර 18 කින් දුවනවා. මගෙ ළමයටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන්න අයිතියක් නැද්ද? (ර)
වැඩ කරන්න දොස්තරලා වෙන්නම ඕනද ? (ර)
කාලිංග ගජසිංහ ඔබ හොදට හොයල බැලුවොත් ගොඩක් කට්ටිය අල්ල ගන්න පුළුවන්. (ර)
කාර් පර්මිට් එකට ලෙඩ්ඩුන්ගෙ ජීවිත පරදුවට තියල ස්ට්‍රයික් කරපු බුද්ධිමත්තු. ලෙඩ්ඩු ගැන පුදුම අනුකම්පාව. (ර)
අශාන්, ඔයාලා ඉහලට නැග්ගේ මේ බහුතරයේ කරමතින් එ් නිසා ඔබට වඩා අපට වැදගත් වෙන්නේ සමාජයේ බහුතරය. (ර)
අශාන් අයිතියක් තියනවා. හැබැයි අපි කථා කරන්නෙ රටේ බහුතරය ගැන. අධාපන පුද්ගලීකරණයෙන් වෙන්නෙ බහුතර දුප්පත් දරුවන්ට බලවත් අසාධාරණයක්. මොකද රජයෙ එ්කාධිකාරය තිබුන හැම තැනටම පුද්ගලීකරනය අාවාම රාජ්‍ය අංශය පතුලටම වැටුනා. ඔයා එතකොට තර්ක කරයි බදු ගෙවන්නෙ අපි කියලා. එ්ත් කෝටි ගනන් ඔයාලා හම්බ කරන්නෙ. මේ බහුතරයේ දාඩිය, මහන්සිය, ලේ, කඳුලු මතින්. නැතුව ගස් වලින් කඩලද. ඔයා ළඟ වැඩ කරන කම්කරුවෙකුගෙ දරුවෙකුට අධ්‍යාපනේට තබා හරියට කෑම වේලක් කන්න වැටුපක් ඔයා ගෙවනවද? (ර)
ඔය සයිටම් හරි මොකට හරි විරුද්ධ අය හැමදාම හැමදේටම විරුද්ධයි. සයිටම් එකට පක්ෂපාත අය වගේම , සයිටම් එකට විරුද්ධ අයත් ගේන්නේ මෝඩ තර්ක තමයි. නැත්නම් කියයිද සයිටම් අය ලක්ෂ 120 හොයන්න වැඩ කරනවා, රජයේ අය එහෙම නෑ ..කියලා. පිටරට වල බොහෝ වෛද්‍ය විද්‍යාල තියෙනෙවා. ඒවාට සල්ලි දීල තමයි යන්නේ. හැබැයි රජයෙන් ඒ අයට වෙනම නීති රීති සහ ක්‍රම වේදයන් පනවලා තියෙනවා. ඒ අය රටට සම්පතක් මිසක් , ලංකාවේ අයට වගේ ප්‍රශ්නයක් නෙමේ. ලංකාවේ ඉන්න ළිං මැඩියන්ගේ ප්රශ්නය තමයි, සමාජයේ පන්තිය සහ පිළිගැනීම, කුහක කම , ඊර්ශයාව වගේ දේවල්. දක්ෂයන්ට කොහෙත් තැන තියෙන්න ඕනේ. (ර)
ධනුෂ්ක, ඇයි ඔයාට පෞද්ගලික රෝහල් හා චැනල් කළුකඩ හරහා දොස්තරලා ගසා කන විදිහ පෙන්නේ නැද්ද? (ර)
ධනුෂ්ක, මම වැඩකරන්නේ මගේම ආයතනයක නොවේ. මමත් සේවකයෙක් පමණි. මමත් දුර ගමකින් කට්ට කාලා ඉගෙනගත්තේ. මම කියන්නේ සෑම දෙනෙකුටම නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි (නි)
අනේ මේ කොහෙද ඔය කියන නිදහස් අධ්‍යාපනය තියෙන්නේ කියලා කියන්නකෝ බලන්න. ළමයෙක් ඇතුළු කරන්න මොනතරම් මුදල් ගන්නවද? අද ගමේ පාසලටත් ළමයෙක් දාගන්න සල්ලි ගන්න රටේ මේ අය නිදහස් අධ්‍යාපනය ගැන බණ කියනවා. නිදහස් අධ්‍යාපනය වළදාලා ගොඩක් කල් (නි)
ගොඩක් මිනිස්සු සයිටම් යකාව තාමත් දැකල නැහැ හරියට. නමුත් දැනට ඉන්න රජයේ රෝහලේ දොස්තරගේ මට්ටමින් බලලා තමයි හිතන්නේ ඒ යකාට වඩා අලුත් යකා හොඳ වෙයි කියලා. දොස්තර ඒකාධිකාරය නවත්වන්න, ආණ්ඩුවේ දොස්තරලව පුද්ගලික චැනල් සේවයෙන් අයින් කරන්න, මේවගේ ලස්සන හීන ගොඩක් එක්ක තමයි මිනිස්සු සයිටම් දිහා ආදරෙන් බලන්නේ. නමුත් අවසානයේ ඔව්න් කබලෙන් ළිපට වැටෙනවා සිකුරුයි. (නි)
රජයේ දොස්තරගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් තියෙන්නේ ඒ ඒ පුද්ගලයාට අනුව. නමුත් ඔවුන් සේරම එකවගේ සුදුසුකම්ලත් අය බව අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. ඒ දොස්තරලා එක්ක තියෙන මොනයම් හෝ තරහකට හෝ ඊර්ෂ්‍යාවකට, සයිටම් හොර උපාධිකඩේ දොස්තරලව පිළිගන්න යනවා නම්, ඒක හරියට මුහුණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ මෝඩ වැඩක්. (නි)
ගිය සතියේ මම කතා කළා සයිටම් එකට මගේ දූවව ඇතුළත් කරන්න. මුදල කීයද දන්නවද, ලක්ෂ 96යි. නිකන් බොරු ලියන අයට දැනගන්නයි කියන්නේ. ප්‍රමිතිය වැඩිකරන්න ඕනෑ. නමුත් මෙය කවදාවත් වහන්නේ නැහැ. මේ වගේ ආයතන තවතවත් වැඩියෙන් ඇතිකරන්න ඕනෑ. (නි)
ධනුෂ්ක, පුද්ගලික අංශය අධ්‍යාපනය දුන්නා කියලා රජයේ බදු මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාල වහන්නේ නැහැ. මේ අවුරුද්දෙ තව රජයේ වෛද්‍ය පීඨ දෙකක් ඇරීමට නියමිතයි. ඉල්ලුමේ හැටියට රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ නැත්නම්, එය පුද්ගලික අංශයෙන් දීමේ කිසිම වරදක් නැහැ. රජයේ එ්කාධිකාරය තිබුන හැම තැනටම පුද්ගලීකරණය අාවාම රාජ්‍ය අංශය පතුලටම වැටුනේ රාජ්‍ය ඒකාධිකාරයේ තිබුන අකාර්යක්ෂමතාවය නිසා මිසක් පුද්ගලික අංශයේ වරදක් නිසා නොවේ. (නි)
ආර්.ටී.අයි සම්මතවෙලා තියෙන නිසා විකුම් රංගනට පහසුවෙන්ම පුළුවන් රජයේ රෝහල්වල පැය අටට අඩුවෙන් සේවයකර පුද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරු ඉන්නවා නම් ඒ ගැන හොයලා බලලා අදාළ අංශයන්ට පැමිණිලි කරන්න. එම්.බී.බී.එස් දොස්තරලව මිනිස්සු චැනල් කරන්නේ නැහැ. මිනිස්සු චැනල් කරන්නේ ඊට උඩින් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ව. විශේෂඥ වෛද්‍ය කෙනෙක් වෙන්න විදේශ අධ්‍යාපනය බලාගැනීමේදී රජයේ ශිෂ්‍යත්ව ඉතාමත් සුළු පිරිසකට තමයි ලැබෙන්නේ. අති බහුතරය තමන්ගේ වියදමින් තමයි ඉගෙනගන්නේ. එසේ බිහිවන විශේෂඥ වෛද්‍යවරයෙක් සාමාන්‍ය වෛද්‍යවරකුට සාපේක්ෂව වැඩි මිලක් අය කිරීම සාමාන්‍ය කාරණයක්. (නි)
ඔය කියන බහුතරය කොහෙද ඉන්නේ? මේ නිකම් බයිලා කථා කියන්න එපා. අපි ඔය වගේම කාරණා වලට අරගල කළා. හැබැයි ඔය කියන බහුතරය එතකොට හිටියෙ අනිත් පැත්තෙ (නි)
ධනුෂ්ක, ඔයගොල්ලන් අනුන්ට කෝටි ගණන් හම්බ කරනවා කියලා දොස් කියන්න කලින් හිතන්න පුද්ගලික අංශයේ වැඩ කරන මධ්‍යමපාන්තික අපි පස් දෙනෙකුගේ වැඩකරනවා මදිවාට පන යනතුරු බදු ගෙවනවා. ආණ්ඩුවේ රැකියා කරන බහුතරයක් අයිස් ගහලා කිසිම වැඩක් වෙලාවට නොකර හවසට ගෙදර යනවා. මහන්සිවෙලා වැඩකරලා බදුත් ගෙවලා කාර්යක්ෂම සේවයක් කරන මිනිසුන්ට, සරසවියට ලකුණු කීපයක් මදි වුණ තමන්ගේ දරුවෙකුට පුද්ගලික අධ්‍යාපනයක් දෙන්න එපා කියන්නේ කුහකයෝ. (නි)
කමල්, හොඳට හොයලා බලන්න දොස්තරලා ස්ට්‍රයික් කරපු දවසට සැළකියයුතු විදිහට වෙනදාට වැඩියෙන් ලෙඩ්ඩු මැරිලා තියෙනවද කියලා? ඕනෑ මෝඩයෙකුට ඕක තේරෙනවනේ. කියන්නෙ නැතුව හොයලා බලන්න. (නි)
ලූසේනා මහත්මයා, ඔබ සහ ඔබ ඉන්න රට පොහොසත් ඇති. ඒකයි අපේ රටේ තිබෙන නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයට ඔබතුමා පහත් කරලා කථා කරන්නේ. අපට ඉදිරියට එන්නට මං පාදපු නිදහස් අධ්‍යාපනයට තරම් ගරුකරන තවත් දෙයක් අපේ රටේ නැහැ. ඔබ බොහෝ දෙනෙක් බඩගෝස්තරවාදය කියා සිතන මේ සටනේ සැබෑ අරමුණ නිදහස් අධ්‍යාපනය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් කියන දේ මතු පරපුරටත් උරුම කරදීම. අපි නම් ගෝත්‍රික සමාජයක් කියලා හිතන්නේ මිනිසුන් ගැන නොව තමා ගැන සිතා තීරණ ගන්න කාලකණ්නි දේශපාලනඥයන්ට. (නි)
පුද්ගලික රෝහල්, බෙහෙත් ශාලා සහ ටියුෂන් කඩ වහන්න කියලා ඔය මහලොකු සමාජවාදියෝ කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ මොකද? (නි)
මම ජීවත්වන ජර්මනියේ රජයේ රෝහල් නැත. බෙහෙත් ශාලාද නැත. නමුත් සමාජයේ සැමදෙනාම ඇතුළත් වන පරිදි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇත. දිළිඳු සහනලාභීන්ට මෙහි වාරිකය රජය මඟින් ගෙවනු ලැබේ. අඩු අාදායම්ලාභීන් ගෙවන්නේ අඩු රක්ෂණ වාරිකයකි. නමුත් දුප්පත් පොහොසත් සැමට පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත හැක. විශේෂඥ වෛද්‍යවරු හමුවෙන්න චැනෙල් කඩ වල පෝලිම් වල ලැගගෙන ඉන්න ඕනෑ නැත. මෙහි සිසුන් පාසලෙන් පසු ටියුෂන් පන්තිවල රස්තියාදු වෙන්නේ නැත (නි)
බුද්ධි හීන විකුම් රංගන මහත්තයෝ, ඔය හෑල්ලක් ලියන වෙලාවේ මට කියක්නවද ඔයාගේ ඔය කියන අතිදක්ෂ සයිටම් දොස්තරකෙනෙක් සයිටම්ස්ව එකෙන් පිටවෙනකොට භාවික දරු උපත් කීයකට සහභාගිවෙලා තියෙනවද කියලා? (ර)
අශාන්, ඔබතුමාලව ඔය ආයතනය වංචාවකට ලක්කර ඇතැයි ඔබට සිතෙන්නේ නැද්ද? එනම් තමාට මුදල් උපයන අරමුණින් ඔබලාගේ ළමයින්ද අසරණ කරමින් පැමිණි ගමනකැයි ඔබට සිතෙන්නේ නැද්ද? (නි)
ධනුෂ්ක, එකක් මතක තියාගන්න. පෞද්ගලික රෝහල් බිහි නොවෙන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙන්නෙත් නැහැ. සෞඛ්‍ය සේවය ගැන ඔච්චර අමාරුවක් තියනවා නම් පෞද්ගලික රෝහල් රජයට පවරාගන්න කියලා සටන් කරන්න. අන්න එදාට අපිත් ඉන්නේ ඔතන.... (නි)
අනේ බමුණු, කියන කතාවට මට හිනා, මේක හරියට ටියුෂන් කඩ කාරයෝ ආණ්ඩුවේ ඉස්කෝලවල රසායනාගාර පුහුණුව ඉල්ලනවා වගේ වැඩක්. (ර)
අනුර, ඕක කියන්න ඕනෑ කාලිංගට නෙමෙයි වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඔයා කියන වැරදි වලින් තොර සෞඛ්‍ය සේවයකට තමා අපිත් කැමති. (නි)
ධනුෂ්ක සරමක් ඇඳගෙන, ඔලුවෙන් හිටගෙන ධනපති දොස්තරලට කඩේ යනවා වගේ නේද? කමක් නැහැ ඔය ලෙඩේට දොස්තරලගේ ගානේ නොමිලේම බෙහෙත් ලැබෙයි. ඔබතුමාට අපිත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
ධනුෂ්කලා වගේ අය මේ රටේ ඉන්නකම් මේ රට අඩියක්වත් ඉස්සරහට යන එකක් නැහැ. (නි)