මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අපේක්ෂයින් අතුරින් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්ව ඇති අතර හිටපු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පරාජයට පත්ව සිටිති.
නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ එක්සත් ජනතා සන්දානයෙන් තරග කළ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න සහ ඇඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන්ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝසප් මයිකල් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්දානායේ රුවන් රණතුංග, ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බන්ඩාරණායක, සරත් කුමාර ගුණරත්න සහ උපෙක්ෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීහු පරාජයට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනතාව හොද තීරණයක් අරන් තියෙනවා (ම)
දක්කානේද ජන බලේ මහිමය.(ම)
පබා කිසිම වැඩකට නැති හිස් පම්බයකුට සමාන කළ හැක , (ම)