( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිතර විදුලිය විසන්දිවීමේ හේතුව සොයා ස්ථිර පිළියමක් යොදන තෙක් ප්‍රධාන ශල්‍යාගාරයෙහි ශල්‍ය කටයුතු නොකිරීමටත් නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු අලුතින් පැමිණෙන රෝගීන් රජයේ අවට රෝහල් වෙත යොමු කිරීමටත් රෝහල් පාලනාදිකාරිය තීරණය කොට ඇත.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) රෝහල් පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනුලැබු බව ගම්පහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත් කරුණාතිලක මහතා පැවසීය.
මෙම රෝහලෙහි විදුලි සෝපානය අක්‍රීයවීම හේතුවෙන් පහළට බැසීමට තැත්කළ අයෙකු පහළට වැටී මියයාම සහ නිතර නිතර විදුලිය විසන්දිවීමෙන් ශල්‍යකර්ම ආදී කටයුතු වලට බාධා පැමිණෙන බව පවසා කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා අද (9) වෛද්‍යවරුන් ඇතුලු කාර්යමණ්ඩලය හදිසි වැඩවර්ජනයක නිතරවු අතර ඉන් අනතුරුව පැවති රැස්වීමේදී මෙම තීන්දු ගෙන තිබේ.
එම රැස්වීමේදී තීරණය කොට ඇත්තේ රෝහලෙහි බාහිර ප්‍රතිකාර සහ සායනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් නේවාසිකව ප්‍රතිකාර ලැබියයුතු අලුතින් පැමිණෙන රෝගීන් පමණක් ප්‍රාථමික හදිසි ප්‍රතිකාර අංශයට යොමු කොට පරීක්ෂා කිරීමෙන් පසුව මුලික ප්‍රතිකාර ලබාදී අවට රජයේ වෙනත් රෝහල් කරා යැවීමටය.
විදුලිය විසන්දිවීම ශල්‍යකර්ම කටයුතු වලදී දැඩි සේ බලපාන බැවින් පවතින ගැටලුවට ස්ථිර විසදුමක් ලබාදෙන තෙක් ප්‍රධාන ශල්‍යාගායේදී ශල්‍ය කටයුතු නොකිරීමට එම කමටුවේදී තීරණය කළ බවද රෝහල් අධ්‍යක්ෂ වරයා පැවසීය.
ඊයේ දහවල් පැවති හදිසි රැස්වීම සඳහා රජයේ වෛද්‍ය සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි නිලධාරීන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක්ද , ලංකා විදුලි බල මණ්ඩලය , විදුලි සෝපාන සමාගම සහ විදුලි ජෙනරේටරය අයත් සමාගමෙහි ඉංජිනේරුවන් හා රෝහල් විදුලි නඩත්තු අංශයද සහභාගීවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛය ඇමතිතුමාගේ කතාව අනුව නම් ලංකාවේ සෞඛය සේවය සිංගප්පූරුවටත් එහා. ඒ වුනාට රටේ ප්‍රධාන රෝහලකට අඛණ්ඩ විදුලිය සැපයීමක් ලබා දෙන්නට කටයුතු කර ගන්න බැහැ.
මගේ 9 හැවිරිදි දියණිය වැටී සිදු වූ අනතුරකින් කොන්දේ බරපතල කැපුම් තුවාල ලබා 2018/03/07 වන දින සවස 6.30 ට නුවරඑළිය මහා රෝහල වෙත රැගෙන ගියා. 7.30 වන තුරු ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ නිකන්ම ඉන්දවා තබා 7.30 ට අංක 5 වාටුව වෙත ඇතුලත් කළා. වාට්ටුවේ රාත්‍රී 9.30 වනතුරු ඉන්දවා තැබුවා. කිසිදු වෛද්‍යවරයෙක් දියණියව පරීක්ෂා කලේ නෑ. හේතුව ඔවුන් වාට්ටුවේ සිටින ලෙඩුන් පරීක්ෂා කරන නිසා බව හෙදියන් පැවසුවා. 9.30 ට දරුවා ඇතුලත් කල කාර්ඩ් පත කියවා ඇඳක් ලබා දෙනු ලැබුවා. දරුවාට වෙනත් ආබාධ හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් තිබෙනවාද කියා පරීක්ෂා කලේ නෑ. පසුදා උදේ 7.45 ට තුවාල වලට මැහුම් දැමීම සඳහා ශල්‍යාගාරයට රැගෙන යන බැවින් රාත්‍රී 10න් පසු ආහාර ලබා නොදෙන ලෙස දැන් වුවා. පසුදා උදේ 6.30 සිට දරුවා සුදානම් කර තැබුවත් ශල්‍යාගාරයට ගෙනගියේ සවස 2.30 ට. හේතුව ලෙස දැන්වූයේ වෛද්‍යවරුන්ට උදේ කාලයේ රැස්වීමක් තිබු බවයි. අනතුර සිදු වී පැය 20ක් ගත වනතෙක් දරුවා කිසුදු ප්‍රතිකාරයක් නොමැතිව සිටියා. දරුවා පැය 24 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටියා ?????