IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගම්පහ රෝහලේ දෙපාවා බලු වැඩක් කරලා

බලු පැටවුන් හතර දෙනකු රෝහල් මිනී කාමරයේ ශීතකරණයක ලාච්චුවක දමා මරා දමන්නට එහි සේවිකාවක ගත් උත්සාහයක්  අසාර්ථක වු බව  ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.

රෝහල් සේවිකාව මේ බලු පැටවුන් සිව් දෙනා මෝචරියට රැගෙන ගොස් එහි මළ සිරුරක් දැමූ ලාච්චුවක දමා ගොස් ඇත්තේ සතුන් සිව් දෙනා මරා දැමීමට යැයි ද, එහෙත් ඒ බව සැළවූ තවත් සේවකයකු විනාඩි කිහිපයකට පසු ලාච්චුව විවර කර බලු පැටවුන්  බේරා ගෙන ඇතැයි ද කීය.

ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා පැවසුවේ එවැනි සිදුවීමක් ගැන වාර්තා වූ බවයි. ඒ ගැන විමර්ශනයක් අරඹා ඇති බව ද, සිද්ධියට සම්බන්ධ නැති පුද්ගලයන් ඈඳා කට කතා පතුරුවන බව ද ඒ මහතා කීය.

උසස් සෞඛ්‍ය නිලධරයකු පැවසුවේ එලෙස සිදුවී  ඇත්නම් එය බලවත් වරදක් බවයි.



අදහස් (0)

ගම්පහ රෝහලේ දෙපාවා බලු වැඩක් කරලා

ආනන්ද Monday, 04 March 2013 02:36 PM

මොකද්ද ඒ වැඩේ තේරුම (දී)

:       0       0

සුජාතා Monday, 04 March 2013 02:41 PM

සත්ව හිංසනය ලබන ආත්මයේ අපා ගතවෙන්න හේතුවක් (දී)

:       0       0

නිලන්ත Monday, 04 March 2013 02:52 PM

බලු පැටවූ ටික මරන්න හැදුවේ මොකටද (දී)

:       0       0

ලක්ෂාන් Monday, 04 March 2013 03:03 PM

කටක් ඇරලා කියන්න ප්පුළුවන් වැඩක් ද ඒ කරලා තියෙන්නේ (දී)

:       0       0

තිසා Monday, 04 March 2013 10:48 PM

මොකද්ද ඒ කරන්න හදලා තියෙන කැත වැඩේ (දී)

:       0       0

යොහාන් Monday, 04 March 2013 03:07 PM

එයාවත් ඒ ලාච්චුවටම දැම්මා නම් හරි. (නි)

:       0       0

නුවන් Monday, 04 March 2013 03:13 PM

ඇයි නම් ගම් ඇතුව වැරදිකරුවන්ව හදුන්වා දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

කුමාර Monday, 04 March 2013 03:14 PM

මේ කාන්තාවගේ ළමයිනුත් ගෙදර ෆ්‍රිජ් එකේ දාලද කියලා හොයලා බැලුවා නම් හොඳයි. (නි)

:       0       0

පුෂ්පා Monday, 04 March 2013 03:29 PM

පණ ඇති රෝගීනුත් මේ විදියට මෝචරියට දාලද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Monday, 04 March 2013 03:45 PM

කවුරු කළත් මේවා නම් බලු වැඩ තමයි. (නි)

:       0       0

නසුර්ඩීන් Tuesday, 05 March 2013 02:00 AM

දඩුවමක් විදියට ඇයවත් මේකට දැම්මා නම් වේදනාවේ තරම තේරෙයි. (නි)

:       0       0

ජීවන් Monday, 04 March 2013 03:43 PM

මෙහෙමත් ගැහැණු? (නි)

:       0       0

බණ්ඩාර Monday, 04 March 2013 03:59 PM

එයාවත් ඒකට දාලා බලු පැටවුන්ට දැනුනු වේදනාව දැනෙන් අරින්නයි තිබුණේ. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 05 March 2013 05:57 AM

මෙම කාන්තාව රෝගීන්ට අකාරුණිකව සලකන තෙනෙක් විය යුතුයි. දවසක තමන්ගේම දරුවනුත් මරා දමන්න ඉඩ තියෙනවා. මනුස්සතම තියෙන තෙනෙතුට කවදාවත් සුරගල් සතෙකුට හිංසා කරන්න බැහැ.(නදී)

:       0       0

වන්නි Monday, 04 March 2013 04:21 PM

වගකීමකින් තොරව වැඩ කිරීම (දී)

:       0       0

වරුණ Monday, 04 March 2013 04:25 PM

බල්ලෝ බය නැති නිසා හොදයි (දී)

:       0       0

ගයාන් Monday, 04 March 2013 04:36 PM

අනේ මන්දා! පුදුම මිනිස්සු තමයි ඉන්නේ. (නි)

:       0       0

ධනුක Monday, 04 March 2013 04:36 PM

දඩුවම් දියයුතුයි. පවු අහිංසක බලු පැටවු! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 March 2013 04:44 PM

අහිංසක රෝගීන්ට කරන සැළකිල්ල ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

සන්ගා Monday, 04 March 2013 05:13 PM

මෙයා ලෙඩ්ඩුන්ට මොනවද කරන්නේ කියලා බලන්න වෙනවා. මානසික ලෙඩක් ඇති අනිවාර්යයෙන්ම.(නදී)

:       0       0

කේ හේමසර තෙර Monday, 04 March 2013 06:17 PM

ඔබලා සිටින්නේ ජීවිත සුවපත් කිරීමට මිස ජීවිත නැති කරන්නට නොවේ. මේ බව තරයේ සිතට අරන් වැඩ කරන්න. මහජනයා ඔබෙන් බලාපොරොත්තු වන්නේ එයයි.(නදී)

:       0       0

කුරුවිට Monday, 04 March 2013 06:49 PM

මුකුත් කියන්න එපා. එයාලා හෙට වැඩ වරයි. (නි)

:       0       0

කිවි Monday, 04 March 2013 07:05 PM

පුංචි ළමයින්වත් අමු අමුවේ මරද්දී බලු පැටවු මොකක්ද? (නි)

:       0       0

වන්නි Monday, 04 March 2013 02:07 PM

කකුල් දෙකේ අයගේ නොහැදිච්චකම තමයි ඔය (දී)

:       0       0

ඉන්දික Monday, 04 March 2013 02:11 PM

මොන තරම් දරුණු සිතක් තියෙන්න ඕනෙද මේ වගේ වැඩක් කරන්න (දී)

:       0       0

ප්‍රසන්න Monday, 04 March 2013 08:27 PM

මිනිස්සු වැඩ කරනවා , සිහි බුද්දියෙන් නොවෙයි (දී)

:       0       0

නුවන් Monday, 04 March 2013 02:21 PM

බලු පැටවූ මරන්න කොහොමද හිතක් ආවේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site