අපොස උසස් පෙළ විභාගයට බාධා වන අයුරින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ පැවැති බව කියන කරාතේ සංදර්ශනයක් වහා නවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා අද (02) ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන්නේය.
එම විද්‍යාලයයේ විභාගය පැවැත්වෙන අතරතුරේ කරාතේ තරග පැවැත්වෙන බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව විභාග කොමසාරිස්වරයා මේ පියවර ගත්තේය.
උසස් පෙළ විභාගයට බාධා වන අයුරින් පාසල්වන මෙන්ම ඒ අවටද කිසිදු ක්‍රියාකාරකමක් කළ නොහැකි බව විභාග දොපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ. එහෙම තරඟ තියන්න පුළුවන්ද? (නි)