(අංජුල මහික වීරරත්න)
ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය.
පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා ගම්පහ මාර්ග 15ක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව කී අමාත්‍යවරයා එහි මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවද සඳහන් කළේය.
ගම්පහ- මිරිස්වත්ත මාර්ගය, ගම්පහ- යක්කල, ඒකල - කොටදෙනියාව, නිට්ටඹුව - වේයන්ගොඩ වේයන්ගොඩ - කල්එලිය,කලගෙඩිහේන - වේයන්ගොඩ,මීගමුව - ගිරිඋල්ල මාර්ගය වයි හංදිය දක්වා මංතීරු හතරකට පුළුල් කර සංවර්ධනය කිරීම , නිට්ටඹුව -ඌරාපොළ, මීගමුව - අළුතපොල,වරකාපොළ නගරයේ අතුරු මාර්ග පද්ධතිය, පස්යාල සිට මීරිගම හරහා ගිරිඋල්ල දක්වා මාර්ගය , ජා-ඇල මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගය, මීගමුව- ගිරිඋල්ල,ඌරාපොළ - හංවැල්ල මාර්ග සංවර්ධනය කිරීම සහ පස්යාල මංසන්ධිය පුළුල් කිරීම මෙම සංවර්ධන ව්‍යපෘතියට ඇතුලත් වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ ඇති ආර්ථික අර්බුදය හමුවේ ඔවැනි දේවල් කිරීම කල් දැමීම නොවේ ද සුදුසු?
බැසිල් උන්නැහැගෙන් අහලද වැඩේ පටන්ගන්නේ?
ඔව් ඉතින් රටේ ආර්ථික අර්බුධ කියල බැහැනේ කීයක් හරි හම්බ කරගන්න තියෙන අවස්ථාව
ඒක හොදයි. අපටත් මේ යන එන මන් නැතුව ඉන්නෙ. ඔබ තුමා හදපු පාරවල් ගැන අපි හොදට දන්නව.
හොරකම් කරන්න මාර්ග හදනවා වගේ දෙයක් තව අපේ දේශපාලකයෝ දන්නේ නැහැ.
හරි දැන් ඔහොම යං. දැන්ම පුළුවන් තරමක් හම්බ කරගත්තොත් තමයි හොඳ
ලංකාවේ සංචාරක ව්‍යාපාරය හදනවා කිව්වට මොකද පාරවල් ප්‍රමිතියකින් හදන්න කිසිම වුවමනාවක් නෑ. වතුර බැස යාම ගැන වගක් නැතිව හදන කාණු අවුරුද්දකට ජීවිත කීයක් නම් බිලි ගන්නවද? මේවා මරු කපොලු කිව්වොත් හරි. පාරවල් හදන්න යන ගාන ලෝකයේ කොහෙවත් නැති වියදමක් වුනාට මොකද පාරවල්වල කොන්ක්‍රීට් ලෑලි නොමැති විවර දකිනවිට සංචාරකයන් බයේ වෙවුලනවා. මොකද කිව්වොත් ඒ රටවල මෙවැනි මාරාන්තික විවර හැදෙන්නෙ භූමි කම්පාවකදි විතරයි.
දැනට පවතින කඩවත - ගණේමුල්ල - කිරිදිවිට හන්දිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළද එය අධික තදබදයට සහ පදිකයින්ට පවා නොගැලපේ.
ලංකාවට තියෙන්නේ පාරවල් පිලිබඳ ප්‍රශ්න