වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසට ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල උසස්වීම් ලැබූහ. ඒ අනුව මෙම විදුහල් දෙක 2013-14 පාසල් තරගවාරයේදී පළමු කොටසට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මාතර රාහුල විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කදිරාන ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ දෙවැනි උසස් කිරීමේ තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද ප‍්‍රසාද ලකුණකින් බණ්ඩාරනායක විදුහල පෙරමුණට පැමිණියේය.
රාජගිරිය ජනාධිපති විදුහල සහ කේරී විදුහල අතර පැවැති පළමු උසස් කිරීමේ තරගයෙන් ජනාධිපති විදුහල පළමු ඉනිමේ ජය ලබා පළමු කොටසට උසස්වීම් ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි. (නි)
නියමයි බණ්ඩාරනායක මල්ලිලා, අපි අවුරුදු ගානක් කරපු උත්සාහයක ප්‍රතිපල. පළමු කොටසේත් ශුරයන් වීමට සුභ පැතුම්!!! (නි)
ආඩම්බරයි මල්ලිලා. සුභ පැතුම්! (නි)
සුබ පැතුම් ජය ජය ජනපති ......... (ස)
මමත් යනවා... (නි)
අපේ ජනාධිපතිය හැමදාම දිනුම්! (නි)
කීප් ඉට් අප්! (නි)