හලාවත මුගුණුවටන ව්‍යාපාරිකයකුගෙන් බලෙන් පොරොන්දු පත්‍රයක් අත්සන් කරවා ගත් බව කියන ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධරයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කළින් ප්‍රකාශ කර තිබිණි.
පුත්තලම පොලීසියේ උසස් නිලධරයෝ අද විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බව ද දැනගන්නට ඇත.
මේ අතර මේ සිද්ධියට සම්බන්ධ බව කියන යක්කල ව්‍යාපාරික ජයමාල් සිරි තිසේරා හලාවත මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
824
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පහ පොලිස් ලොක්කා තාම එළියේ
අජිත් කරුණාරත්න Monday, 08 April 2013 12:10 PM
පොලිස් ලොක්ක අල්ලන්න බැරි , එයා ඉන්දියාවට පැනලා ගිහින්වද්ද? (නි)
වරුණ Monday, 08 April 2013 12:13 PM
එතකොට ව්‍යාපාරිකයා රිමාන්ඩ් කළේ ඇයි? (නි)
සමීර සාලින්ද Monday, 08 April 2013 06:08 PM
නිතිය කාටත් එනයි නේද?(නදී)
දයා Monday, 08 April 2013 12:48 PM
කැකිල්ලේ රජු දවස නඩුවකට වෙච්ච වින්නැහියක් වගේ මේකත් (ස)
සදුනි Monday, 08 April 2013 01:05 PM
එහෙම අත් අඩංගුවට ගන්න පුලුවන්ද? මෙයා අපේ පොලිසියේ ලොක්කෙක්නේ??? (නි)
අමිල Monday, 08 April 2013 07:05 PM
මම අහලා තියෙනවා සමහර තරහා කාරයන්ට කුඩු ගංජා සාක්කු වලට නොතේරෙන්න දමා අල්ලා ගන්න බව. සමහරු අසරණකම නිසා දඩුවම් විදපු අවස්ථාත් තියෙනවා.(නදී)
උපාලි Monday, 08 April 2013 01:33 PM
එහෙම වෙන්න බැහැ, වහාම අත්අඩංගුවට ගන්න (දී)
මුතුකුඩ Monday, 08 April 2013 08:31 PM
ගම්පහ පොලිස් ලොක්කා තාම එළියේ කියන්නේ ව්‍යාපාරිකයා ඇතුළේ කියන එකද? (නි)
ලලිත් Tuesday, 09 April 2013 10:38 AM
නිකම්ම නිකම් පොලිස් ලොක්කෙක් වෙන්න බැහැ. සුපිරි ගනයේ දෙසපාලන ලොක්කෙක් වගේ.(නදී) .
ප්‍රදීප් Monday, 08 April 2013 02:22 PM
අනිතියට ඉඩක් නැත (දී)
දයා අලහකෝන් Tuesday, 09 April 2013 11:39 AM
සම්පත් මල්ලී, මම තරහා නැහැ. දැන්වත් තේරෙනවද මෙයා යන එන අත.(නදී)
චතුර Monday, 08 April 2013 02:21 PM
වහාම අත්අඩංගුවට ගන්න (දී)
නිමල් Monday, 08 April 2013 11:23 PM
ලංකාවේ පොලිසිය ගැන කතා කරන්න හරිම අප්පිරියයි. ඔක්කොටම ඉස්සෙල්ලා ලක්ෂ ගණන් පගා ගහන හොර තක්කඩිකම් කරන නිලධාරීන් නීතියේ රැහැනට අල්ලා ගන්න. (නි)
සම්පත් Monday, 08 April 2013 03:59 PM
අනේ දයාගේ මොලේ!(ස)
පිටිගල මිලානෝ Monday, 08 April 2013 04:40 PM
නයි නළගන ගැන තියෙන කලබලේ මෙම 'හොරා' සම්බන්ධව පොලිසියට නැහැනේ.(නදී)
දුමින්ද Tuesday, 09 April 2013 06:35 AM
අපි සැමෝමද මෙම සිද්ධිය දෙස බලා සිටින බව අමතක නොකරන්න. (නි)
කුමාරි Tuesday, 09 April 2013 07:44 AM
පොලිස්පතිටත් වඩා ප්‍රබලයෝ පොලිසියේ ඉන්නවා වගේ. පොලිස්පතිතුමාත් ඉස්සර හිටිය උන්දලා වගේ නෙවෙයි. ටිකක් සාධාරණයි. කෙලින් වැඩ. හැබැයි කරගන්න පුළුවන් වේවිද තමයි ප්‍රශ්නේ?(නදී)